2009 යුද්ධය අවසන් භාගයේදී ශ්‍රී ලංකාව යුධ අපරාධ කරමින් මානව හිමිකම් කඩ කළැයි ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන එන යෝජනාවට විරෝධය පල කිරීම සදහා ඉතාලියේ හා ප්‍රංශයේ විවිධ නගර වලින් බස් රථ 40 කින් එහි යාමට ඉතාලියේ ශ්‍රී ලාංකිකයෝ සැරසෙති.
මෙහිදී රටට ආදරයක් ඇති පිරිස් එක්ව රට බෙදීමට විරුද්ධතාවය ඵල කරන බවත් සියළු ජාතීන් එක්ව විසිය යුතු බවත් මෙහිදී කියති.
ඇතැම් මාධ්‍ය මගින්මෙම ගමන ගැන ගෙන යන පහත් පෙළේ ප්‍රචාර හෙලා දකින බවත් ඔවුහු පවසති.
මෙම ගමනට එක්වී ශ්‍රී ලංකාවේ ශක්තිය හා ධෙර්යය පෙන්විමට පෙළගැසෙන්නයි ඉතාලි තානාපති කාර්යාලයේ අමාත්‍ය උපදේශකවරයෙකු වූ චන්ද්‍රපාල ලියවගේ මහතාද ඉල්ලීමක් කරයි.
මෙම විරෝධය මාර්තු 15 වෙනිදා පෙරවරු 10.00 යට ජිනීවා නුවර දී පැවත්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජිනීවා විරෝධයට වඩා ප්‍රශ්න තියෙනවා මේ රටේ.ලයිට් බිල වැඩිවෙන්න යන්නෙ ලොකු ගානකින්.අපේ රටේ අයට මොලයක් නෑනෙ ඉතින් (ස)
මමත් හදවතින්ම සුභ පතනවා. (නි)
අති ප්‍රශංසනීයයි.හද පත්ලෙන්ම සුබ පතනවා. (ස)
රටට යහපතක් කිරීමට ගත් උත්සාහයට මගේ ප්‍රණාමය (ස)
අපි ආඩම්බර වියයුතුයි, මොවුන් ගැන (දී)
ඒක තමයි අපේ කම . සිංහල ජාතියේ ශක්තිය. ඔබට ජය වේවා (ස)
හතරයි බින්දුව හරි, බින්දුවයි හතරයි වුනත් කරන කෙනා කරනවා, පැත්තක ඉඳං උඩුබුරලන අය ලංකාවේ එමටයි. ලංකාවට ආදරේ නැති, ප්‍රශ්නයක් වුණාම පැනල දුවන අය ලංකාවේ තියාගන්න එක වැරදයි, හොයල එලවල දාන්නත් කාලේ ඇවිත් වගේ. (ස)
ලංකා නාමය කතා කරන්න කාටවත් ඉඩ තියන්න එපා (දී)
සුබ පැතුම් (ස)
ශ්රී ලාංකිකයෙක් වුණ රංජිත් ගැන මට කණගාටුයි. බස් 40 ක් නෙමෙයි 100ක් වුණත් යන්න සෙනග ඉන්නවා. සතියේ කාර්‍යබහුල දිනකදී තමන්ගේ වැඩරාජකාරි පසෙක දමා රට වෙනුවෙන් කැපවූ රටට ආදරය කරන පිරිස් තමා ඔය ගමන යන්නේ. කොටි ත්‍රස්තවාදයට විරුද්ධව මුලින්ම යුරෝපයෙන් ලෝකයට හඩක් නැගුවෙ ඉතාලියෙන්. ජාත්‍යන්තරව අප රටට එල්ලවෙන බලවේග වලට ඉතාලියේ ශ්‍රී ලාංකිකයා එදත් පෙරමුනේ. අදත් පෙරමුනේ. අපි අපේ රටට කවදත් ආදරෙයි. සුනඛ වෙස්ගත් මිනිසුන් කුකකකමට උඩුබිරුවට අපේ ගමන අපි යනවා. (නි)
අපි ඉන්නේ ඩුබායිවල . කෝ අපිට අවස්ථාවක්. .අනික ඇයි ඉතාලියෙන් විතරක්. (ස)
විදේශ ගත දෙමල ඩයස්පෝරා යන වචනය වෙනුවට ඉදිරියේදී විදේශ ගත ඊලාම් මාෆියාව යන වචනය ලෝක භාවිතයට එක්කල යුතුයි කියල මම හිතනවා.(ස)
රෙදි ඇඳගෙන තව මේ වගේ දේවල් වලත් වැරදි හොයන්න අදහස් දරන මිනිස්සු ඉන්න රටක් නේ මේක නේද? (නි)
ඕවා බොරු වැඩ (ස)
සල්ලි තිබ්බානම් මමත් යනවා ඉතාලියට .(ස)
ලංකාව වෙනුවෙන් හඩක් නගන්න පැමිණි සියලු දෙනාටම් සම්මා සම්බුදු සරණයි (දී)
රට ගැන හිතන අය එදාට වඩා අද ඉන්නවා . ජය අපිටයි මේ බිමේ (ස)
මම සුභපතනවා ඔබ සියලු දෙනාටම (දී)
ජයවේවා ඉතාලි මිතුරනි, රට වෙනුවෙන් කරන ඔබේ ප්‍රයත්නයට අපගේ උපහාරය! සියලු ජාති ආගම් භේද දුරලා රට වෙනුවෙන් එකතු වෙමු. පුවත් වලට ප්‍රතිචාර දක්වන මිතුරනි, කරුණාකර සුභවාදීව ලෝකය දෙස බලන්න. හොඳ දේ අගය කරන්න පුරුදු වෙන්න. (අ)
ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි (දී)
ලෝකේ පුරා ඉන්න ලාංකිකයෝ එකට එකතු විය යුතු වෙලාවක් මේක (දී)
මගේ ලංකා මාතාවට ජය වේවා (දී)
අවංකවම මගේ හද පත්ලෙන්ම සුබ පැතුම් (ස)
රට ජාතිය වෙනුවෙන් අති විශිෂ්ට සේවයක්. (නි)
නියමයි, කාටද ආඩම්බර (දී)
අපේ රටට හදවතින්ම ආදරය කරන අපි ලෝකයේ කොහේහිටියත් එකතුවෙනවා ජයවේවා (අ)
රටේ නීතියක් නෑ .හැම තැනම මිණීමැරුම්, අපරාධ, ඔන්න ඔහේ මට්ටු වෙච්ච දෙන් (ස)
ඔබ සැමට ජය! (නි)
සියල්ලන්ටම ශක්තිය ධෛර්යය ලැබේවා! (නි)
අරාබිය හිටියට අපි හදවතින්ම ඔබ සමගයි. ආශිර්වාද කරමු. (අ)
ලංකා මාතාවට ජයවේවා. පිට රට ඉන්නා ඔබලාට අපෙන් සුභපැතුම් (දී)
ඔන්න අපේ රටට ආදරය කරන මිනිස්සු! (නි)
යන අයට බුදු සරණයි! ප්‍රංශයෙනුත් යන්න කටයුතු කළා නම් හරි. (නි)
එම්බසිය ලකුනු දාගන්න වැඩක්. (නදී)
ජය වේවා! (නි)
හතරයි බිංදුව බිංදුවයි හතර වේවිද දන්නේ නැහැ අන්තිමට. අපි දන්නවානේ ඉතාලියේ ශ්‍රී ලාංකිකයන්ගේ කථා. (නි)
ලෝකෙටම් ලංකාවේ බලය පෙන්නන්න (දී)
අපෙත් පුර්ණ සහාය ලැබෙනවා (දී)
ජිනීවා වලදී ලංකාවට විශිෂ්ට ජයක් සිකුරුයි (දී)
වැඩේ සෙල්ලමක් නොවෙයි (දී)
මේ ඇවිත් තියෙන්නේ රු 500යි , බත් පැකට් එකටයි නොවෙයි, ලංකාව වෙනුවෙන් ජාතික හැඟීමෙන් (දී)
ඔබ අපට ශක්තියක්. ඔබගේ උත්සාහය සාර්ථකවේවා ! රටට යහපතක් කිරීමට ගත් උත්සාහයට ප්‍රණාමය...! (ස)
අපි ලංකාව වෙනුවෙන් දිවි දෙවෙනිකොට වැඩකරන්න ලැහැස්තියි. නමුත් ගැටළුසහගත තැන් කිහිපයක් තිබෙනවා. (නි)
යොහාන් ඔයාත් කැමතිනම් ඉතින් යන්නකෝ (ස)
මට පුළුවන් නම් මමත් යනවා ඇත්තමයි,අ පි මේ වෙලාවේ එකට එකතු වෙන්න ඕනේ (දී)
ජය වේවා! සාධාරණයට දේවාශිර්වාදය! (නි)
අපි අත්දැකීමෙන්ම දන්නවා අපේ රටේ නීතිය ගැන. අද හැමතැනම අපරාධ. (නි)
මම නම් යන්නෙ නැහැ. අන්තිමට අපිට හුළං විතරක් ඉතුරු වෙයි. (නි)
මේ සියල්ල ලංකා මාතාව වෙනුවෙන් (දී)
රට වෙනුවෙන් එකාමෙන් එක්වීමට ශක්තිය ලැබේවා! (නි)
පේනවා නේද අපේ සමහර අයගේ අදහස්? (නි)
මිලානෝ සංවිධායකයින් ගැන මතභේධ පවතින නිසා යන ප්‍රමාණය අඩු වෙයි. ඉක්මනින් මෙය විසඳන්න. (ස)
ලංකාවට ඇගිල්ල දික් කරන අයටයි කියන්නේ, ඔබලා කියයන්නේ සත්‍යයක් නම් එන්න ඉදිරියට (දී)
අනික් යුරෝපියන් රට වල අයට ලංකාව ගැන උනන්දුවක් නැද්ද? නැත්නම් ඇයි ඉතාලියෙන් යන අය ගැන විතරක් ප්‍රසිද්ධිය.(නදී)
ලංකාවට මොකුත් කියන්න එපා , ලෝකේ කොහේ හිටියත් ලංකා මාතාවට ආදරෙයි අපි (දී)
ජය වේවා! (නි)
අතව යන්න.... තව යන්න (දී)
ලක්මවට ආදරය කරන අපේ අයට හදවතින්ම සුභ පැතුම්! (නි)
ඔය මොනවා කළත් අන්තිමට වදින්නේ අපේ බඩටනේ. (නි)
කෝ දැන් ජිනීවා වල කැගහපු කට්ටිය (දී)
දෙවි පිහිටයි! ජය වේවා! (නි)
කල් ඇතුව දැනුම් දුන්නා නම් හොද සෙනගක් එකතු වෙනවා. (නි)
හොද දෙයක් ඔබේ උත්සාහය සාර්ථක වේවා, ඔබ වැනි මිනිසුන් නිසයි ලංකාව ආරක්ෂා වෙන්නේ. බලන්න අරවින්ද, ලුම්බිණි, රන්ජිත්, යසිනා, මේ දෙයටත් කියන දේවල්, ඔයාල වගේ අය නිසයි මේරට විනාශ වෙන්නේ. ඔයාලා හැම දෙයකම දකින්නේ වැරැද්දක්ම තමයි, උපන් ගති යවන්න බැහැ (ස)
මටත් යන්න පුළුවන් නම් (දී)
මම මගේ හදවතින්ම සුබ පතනවා (ස)
රට ගැන හිතන ඔබ සැමට මගේ උපහාරය! (නි)
ලංකාව වෙනුවෙන් අපි (දී)
ජය වේවා ! මගේ සුබ පැතුම් (ස)
ජය වේවා! අපේ ශක්තිය ලොවටම පෙන්වමු. (නි)
අපේ ජාතියේ ප්‍රණාමය (දී)
ගොඩක් හොද වැඩක්. අර ඩයස්පෝරාව වගේ නැතිව සාමකාමීව මෙම උද්ඝෝෂණය කළොත් බොහෝ විදෙස් ජනයාගේ සිත් දිනාගැනීමට අපට හැකි වෙනවා. මොකද අප අප අතීතයේදී වරද්දවාගත් තැනක් තමයි අපේ බොහොමයක් මෙවැනි ක්‍රියාවලදී වෛරී ලෙස බටහිර ජාතීන් හෙලා දැකීම. ඉදිරියේදී අදාල බලධාරින් මෙම තත්ත්වයන් තේරුම් ගෙන ලෝක ප්‍රජාව අප පැත්තට දිනා ගැනීමට වැඩසටහන් දියත්කරන්නේ නම් ඉතා හොදය. කොටි විසින් කළ ම්ලේච්ඡ ක්‍රියාවන් ගැන ලෝක ජනතාව දැනුවත් කරන්නේ නම් එය ඉතා වැදගත් ක්‍රියාවක් වන්නේය. (නි)
මගේ ලංකා මාතාවට ජය ශ්‍රී (දී)
අපේ රටට කාටවත් ඇගිල්ල දික කරන්න බැහැ (දී)
ලංකාවට මම පන උනත් දෙනවා (දී)
අපේ අය ගෙන්න ගන්න නම් ඉතින් හොද ප්‍රචාරයක් අරින්න වෙනවා. (නි)
අවංකවම මගේ හද පත්ලෙන්ම සුබ පැතුම් (ස)
ලංකාව වෙනුවෙන් අපි කැප වෙනවා (දී)
මිලානෝ සංවිධායකයින් ගැන ඇති ගැටළුවත් ඉක්මණින් විසදලා ජනතාව තවත් දැනුවත් කරන්න. (නි)
බස් එකක දෙන්නා ගානේ ආවත් 80 ක් ඉන්නවනේ උද්ඝෝෂණයට (ස)
මේ යන අයට අපේ සුභ පැතුම් (දී)
මගේ උණුසුම් සුබ පැතුම් ! ඔබලා වගේ ටික දෙනෙක් හරි ඉන්න නිසා තමයි මේ විදියටවත් තියෙන්නේ (නි)
ඔබ අපට ශක්තියක්. ඔබගේ උත්සාහය සාර්ථකවේවා ! (ස)
සාර්ථක වේවා !!(ස)