IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ජනේලයෙන් පැන හොඳම නිළිය වූ ප්‍රසාදිනී

මෙවර රාජ්‍ය නාට්‍ය උළලේ හොඳම නාට්‍යය වූ ධනුෂිකා නයන කුමාරි අධ්‍යක්ෂණය කළ ‍"ජනේලයෙන් පනින්නද" නාට්‍යයේ රඟපෑම උදෙසා රාජ්‍ය නාට්‍ය උළලේ හොඳම නිළියට හිමි සම්මානය දිනාගනු ලැබුවේ ප්‍රසාදිනී අතපත්තු විසිනි. ඓතිහාසික ඇතුගල්පුරයෙන් පැමිණ කැලණි සරසවියෙන්ල සරසවි අධ්‍යාපනය ලබා රංගනයේ ජීවය රුඳි වේදිකාවට ගොඩවී හොඳම නිළිය වූ ඇය කවුද? ඇයගේ හඬට අද අපි සවන් දෙමු. ප්‍රසාදිනි සරසවි සිසුවියක ලෙස කොළඹ ඇවිත් නාට්‍ය හා රංග කලාවට සම්බන්ධ වෙන්නෙ කොහොමද ? කැලණි සරසවියේදී හැදෑරුවේ නාට්‍ය හා රංග කලා විශේෂවේදී උපාධියයි. නාට්‍ය හා රංග කලාවට ප්‍රායෝගිකව අවතීර්ණ වුණේ මේ කාලයේදීමයි.   ජනේලයෙන් පනින්නද? නාට්‍යය ඔබ රඟපෑ කීවැනි නාට්‍යයද? ධනුෂිකා නයන කුමාරි (ශාන්ති පාවුළු බාලිකාවේ නාට්‍ය හා රංගකලා ගුරුවරිය) අධ්‍යක්ෂණය කළ මේ නාට්‍යයට පෙර මෙම උළෙලේදී සම්මාන ලැබූ ප්‍රියංකර රත්නායක මහතාගේ ‍'ඇන්ටිගනී' නාට්‍යයෙත් ප්‍රධාන චරිතය රඟපෑවා. ඊට පෙර ‍'ඊඩිපස්', ‍'තටු ඇවිත්', 'සඳ ගිනි අරන්', 'ට්‍රෝජන් කාන්තාවෝ', 'යෙර්මා', 'සිංදු පහයි/කෝල්ස් පහයි' සහ පෙම් යුවළක් ඒ වගේ නාට්‍ය ගණනාවක රඟපෑවා.   නාට්‍යය වටා ගොනු වූ ඔබ ගැන හරියටම කතා කරන්න පටන් ගන්නෙ මේ සම්මානයත් සමගයි. එහෙම නේද? ඔව්, ඒක හරි.   ඇයි මීට පෙර ඔබ ගැන කතාබහක් නොවුණේ? වේදිකා නාට්‍ය නරඹන ප්‍රේක්ෂකයන් අතර යම්තාක් දුරකට කතාබහ වෙන්න ඇති. වේදිකා නාට්‍ය නරඹන්නෙ සීමිත පිරිසක් වීම ඊට හේතුව වෙන්න ඇති.   වැඩි පිරිසක් නොහඳුනන ක්ෂේත්‍රයකට පමණක් සීමා නොවී වැඩි පිරිසකගේ ජනප්‍රියත්වය ලබන අංශයකට යොමුවෙන්න අකමැතිද? ඒ ජනප්‍රිය කියන මානසිකත්වය ඔබට නැද්ද? නැහැ. කවදාවත් එහෙම ඇතිවෙලා නැහැ.   ඇයි ජනප්‍රියත්වයට අකමැතිද? හොඳ දෙයක් සමග මට යා හැකි දුරක් තියෙනවා. දායකවන නිර්මාණයේ ගුණය මත සුළු පිරිසක් දැන සිටියත් මට ප්‍රශ්නයක් නැහැ. මම සියල්ල කරන්නේ මගේ ගුරු වෘත්තියට ඇති ගෞරවය රුක ගනිමින්. ඒ සීමාව හඳුනාගෙනයි. හොඳ රංග ශිල්පිනියක කියන තැන සිට කටයුතු කිරීම මගේ අරමුණයි.   ලාංකීය සමාජයේ රංග ශිල්පිනියකට කටයුතු කරන්න වෙන්නෙ සීමාවක් ඇතුළෙ ඉඳලද? එහෙම සීමාවක් තිබිය යුතුද? එහෙම සීමාවක් තුළ ඉඳගෙන රඟපාන්න ඕන කියා මම කියන්නෙ නැහැ. මගේ වටපිටාව මගේ සීමාව මම හඳුනාගෙන තමයි දායක වෙන්නෙ.   මොකක්ද ඒ සීමාව? මම වෘත්තියෙන් ගුරුවරියක්ග එය විශාල වගකීමක්. ඇවතුම් පැවතුම් සියල්ල ඊට බලපානවා. මොකද අපි අනාගත පරපුරකට පාර කියන අය. ඒ සියල්ල වටහාගෙන කටයුතු කිරීම වැදගත්. ඊට අමතරව මගේ පවුලේ කටයුතුවලටත් සාපේක්ෂ වෙන්න ඕන. ළඟදීම යුග දිවියට එළැඹීමටත් සුදානම්. ඒ නිසා කරළිය මතම ජීවිතය ගෙවා දමන්න බැහැ. ජීවිතේ සියලුදේට සමබරව අර්ථවත්ව මුහුණදීම තමයි වඩා වැදගත්. නාට්‍යයක් කිරීමේදී කැපවීම කියන දේ අත්‍යවශ්‍යයි. ඒ කැපවීම කළ හැකි නම් පමණයි ඊට දායකවෙන්න ඕනෑ.   ලංකා සමාජයේ නිදහසේ තමුන්ගේ රටාවකට ජීවත් වෙන්න බැරිද? ලංකාවට විතරක් සීමාවූ දෙයක්ද මේ රාමුව? ලංකා සමාජයේ වෘත්තියක් ලෙස රංගනය තෝරා ගැනීම අපහසු මාර්ගයක්. ජීවත්වීම සහ තමුන් අධ්‍යාපනය ලද විෂය පථයන් හරහා වෘත්තීමය අංශය තෝරාගතයුතු වෙනවා. ලංකා සමාජය වෘත්තීය නිළියල ශිල්පිනිය කියනදේ තබා ගැනීමේ අසීරුව සහ ඉඩකඩ මදි නිසා නියැළෙන වෘත්තියට මුල්තැන දීම කළ යුතුමයි.   මෙතැනින් එහාට, ඔබගේ භූමිකාව කොහොම වේවිද? මේ සම්මානය නිසා මම ලංකාවේ දක්ෂතම නිළිය කියලා හිතන්නෙ නැහැ. මෙය රංගන ශෛලියේ එක් පියවරක් විතරයි. මෙතැනින් එහාට මීටත් වඩා හොඳම රංගනය කිරීම සහ චරිත තෝරා ගැනීම කළයුතු වෙනවා. මිනිස්සු එය බලාපොරොත්තුවන දෙයක්. පසුගිය දිනවල මාලක දේවප්‍රිය අධ්‍යක්ෂණය කළ ‍'බහුචිතවාදියා' චිත්‍රපටයට රංගනයෙන් දායක වුණා. ඒ විදියට නිර්මාණවලට දායක වේවි.   මේ විදියට සම්මාන ලැබීමත් සමග ටෙලිනාට්‍ය සහ සිනමාවේ චරිත සඳහාත් දොරටු විවෘත වෙනවා. එහිදී ඔබ වඩා කැමති මොන අංශයටද? සිනමාවට මම කැමතියි.   ඒ කියන්නෙ ටෙලි නාට්‍යය බැහැර කරනවාද? නැහැ. නමුත් වර්තමානයේ නිර්මාණය වන ටෙලිනාට්‍ය දීර්ඝ ඒවා. එවැනි දීර්ඝ ටෙලිනාට්‍ය මාලා සඳහා කැපකිරීමට තරම් කාලයක් නැහැ. සිනමාව සහ වේදිකාවට මගේ ඉඩ ලැබෙන කාලය වෙන්කරාවි. කොහොමටත් වේදිකාවේ රඟපා ලබන ආත්ම තෘප්තිය හරි ඉහළයි. මේ සම්මාන ලැබීම පිටුපස මගේ දෙමාපියන් සිටිනවා. ඔවුන් මේ ගමන එන්න ආර්ථික අතිනුත් උදව් කළා. වේදිකාව කියන්නෙ මුදල් උපයන තැනක් නෙමෙයි. සමහර විට අපටම වියදම් දරන්නත් වෙනවා. එවැනි අංශයක නියැලෙන්න ගෙදරින් ලැබුණ දායකත්වය අගය කළ යුතුමයි.   කුරුණෑගලින් කොළඹට පැමිණ අද සිටින තැන ගැන ඔබට හැඟෙන්නෙ කොහොමද? කොළඹ සමාජය මුලින්ම ඔබට දැනුණේ කොහොමද? කොහොමටත් මුල් කාලයේදී සියල්ල අපට අලුත් සහ අමුතුයි. සරසවිය කියන්නෙ විවිධ පළාත්වල විවිධ පුද්ගල එකතුවක්. බොහෝ අත්දැකීම් ලබන්න ඒ පරිසරයම ඇති. කොහොම වුණත් මේ සියල්ල නිසා මට ජීවිතය හොඳට හුරු බව හැඟෙනවා. බොහෝ දේ ගැන වැටහීමක් ඇති බව දැනෙනවා. ඇත්තටම අත්දැකීම් මගින් ජීවිතය දැනුවත්වීම ඉතා වැදගත්.

සටහන ඡායාරූප - සඳුන් ගමගේ
 



අදහස් (0)

ජනේලයෙන් පැන හොඳම නිළිය වූ ප්‍රසාදිනී

මිහානි Monday, 04 November 2013 09:08 AM

මෙයා තමා අපේ ඉස්කෝලේ ඩ්‍රාමා ටීචර්. මම ඉස්කෝලෙන් අවූට්‍ වෙන කොටම වගේ තමයි මිස් ආවේ .අහල තියෙන විදියට නම් මෙයා ටිකක් සැරයිලු. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 723 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2389 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1750 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site