මීළඟ ජනාධිපතිවරණයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අති විශිෂ්ට ජයක් ලබතියි වරාය හා මහා මාර්ග ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා ඉතාලියේ මෝදනා නුවරදී ‘එසැණට‘ පැවසීය.
ජනාධිපති රාජපක්ෂ මහතා නැවත හැරී බලන රටට අදාරය කරන සංවේදී නායකයකු බවත්, ඔහු ප්‍රශ්නවලට විසඳුම් දෙන අයුරු යන කරුණු මත ජනතාව ඔහුට වශී වී ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.
‘මහින්ද රාජපක්ෂ මහතාගෙන් පසු ඒ තැන ගන්නට සුදුසු තත් රාජපක්ෂ කෙනෙක් අපි හදනවා. ඔහුත් මහින්ද වගේම ජනතාවත් එක්ක ඉන්න පුළුවන් ජනතාවාදී සංවේදී නායකයෙක්. මේක මගේ පෞද්ගලික මතයයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චාරු අපි ඔහුට ණයගැති කියන එකනම් ඇත්ත .. ප්‍රනාන්දු කියන එකත් ඇත්ත ඔහුට සුබ අනාගතයක් තියෙනවා මොකද ඊළගට එන්න යන්නෙත් රාජපක්ෂ කෙනෙක් නේ. (අ)
අපි මුළු හදවතින් ඔබතුමාට සුභ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා! (නි)
රටට වගේම ජාතියට ආගමට මුලින් තිබුණ කැපවීම අඩු නොකර තවත් වර්ධනය කරගන්නවා නම් අපි කැමතියි. (නි)
ඔබට සුබ අනාගතයක් තිබෙන බව පේනවා. ජයවේවා ! (නි)
රටට වැඩක් කල නායකයෙක්. මගේ සුබ පැතුම්! (නි)
හොරුන්ගේ වැඩ ඔක්කොම වැටෙන්නෙත් අපේ අතිගරු ජනාධිපතිතුමාගේ එකවුන්ට් එකටම වීමයි අපිට තියෙන දුක. (නි)
රට විකුනන්න ගිය උන්ගෙන් බේරාගත මනුසයට වසිවිමක් නෙමේ ගරුකිරීමක් තියෙන්නේ (අ)
ජනතාව ඔහුට වශී වී සිටින්නේ ඔහුගේ විශ්මයජනක එඩිතර නායකත්වය වෙනුවෙනි. (නි)
මේකට සමහරු පක්ෂපාතිබව, නිතිගරුකබව කීවට මම නම් කියන්නේ ප්‍රසස්ති ගී ගැයීම, නගුට ගැසීම, ගොට්ට ඇල්ලීම වගේ වචන. මේ වචන සබ්‍ය නැති වෙන්න පුළුවන්. නමුත් මිට වැඩ ශිෂ්ට වචන මේවට කියන්න නෑ.(නදී)
ඉස්සර මාලිගාවේ හිටියා පුරෝහිත කියල චරිතයක්. එයා කීවෙම මේ වගේ කතා.(නදී)
මෙයා ඉතාලියට ගියේ මේක කියන්නද ?(නදී)
මේවා අහලා පන යන තරමට මටම හිනා...!
මේ කියන ඇමතිතුමා පවා රටට ආදරය කරන සංවේදී නායකයකු බව අපි දන්නවා (නි)
ඒ කියන්නේ ලංකාවේ මිනිස්සු තවදුරටත් මෝඩයෝ කියලද ඇමති තුමෙනි.(නදී)
ඇයි අපේ රනිල් මහත්තයා ? (නි)
ආසියාවේ ආශ්චර්යය! (නි)
වැඩිකල් නොගිහින් ලිබියාවට වෙච්ච දේතමා?(නදී)
තුරුම්පු ටික අතට ගත්තට පස්සේ ඕනේ කෙනෙකුට ඔයවගේ කතා කියන්න පුළුවන් .(නදී)
පිස්සු කතා.(නදී)
කාට නැතත් ඔයාට නම් මෙතුමා යටතේ සුබ අනාගතයක් තියෙනවා. අර කෝටි ගානක් ගහපු සිද්දිය යට ගියේත් මෙතුමාට පින් සිද්දවෙන්න නේද?(නදී)
නමුත් වටේ ඉන්න තක්කඩි වැඩ කරන අයවළුන් හදුනා නොගැනීම වශීය නැතිවීමට හේතු විය හැකියි (නි)
අපි ජනාධිපතිතුමාට කැමතියි. නමුත් එතුමාගේ ප්‍රතිරූපයට හානිකරන හොර දේශපාලකයන්ට අකමැතියි. (නි)
අනිවාර්යෙන්ම ඔබ කිවු දෙය හරියටම හරි. (නි)
අනෙක් අය ඉන්නේ කඩේ යන්න විතරද?(නදී)
අපේ ජනාධිපතිතුමා ජාතික වීරයෙක්. මම හැමදාම ආදරය කරන මනුස්සයෙක්. ඔබට දීර්ඝායුෂ වේවා! (නි)
මේ ඇමති තමා කිව්වේ අලුත් වරායට නැව් හෝගාලා එනවා කියලා. බොරු කියන්න හරි දක්ෂයා.(නදී) .
ඔබට සුබ අනාගතයක් තිබෙනවා.මොකද මම හොදට ඔබව දන්නවා. (නි)
මේකට ලියන හැමෝම ඉන්නේ පිටරට. එයාල කිසිම දෙයක් දන්නේ නෙහ . ඩොලර් වියදම් කරල ලංකාවේ රවුන් ගහල ආපහු යනවා. අලුත් පාරවල් , හෝටල් නිවාඩු නිකේතන තිබුනම හිතන්නේ අපි හැමෝම ජොලියේ ඉන්නවා කියල. ඉතින් පිටරට ගෙදර ගිහින් ලංකාව ගෙන වර්නනා කොරනවා. 'අපි කන හැටි ලිපා දනී;(නදී)
රත්තරන් වලටත් වඩා එතුමා වටිනවා. (නි)
ඒක ඇත්ත (නි)
අනේ අපිනම් වශී වෙලා නැහැ. මේ ඔක්කොම හොරු රට විකුණලා විනාශ කරට පස්සේ අපිට මොනවද ඉතුරුවෙන්නේ. ජාතිවාදය අවුස්සගෙන මිනිස්සුන්ට හිරිහැර කිරීම නවත්වල ඔක්කොම සමගියෙන් ඉන්න සමාජයක් හදන්නේ නෙතිව මිනිස්සු කඩේ යැවීම නොකර යුතුයි.(නදී)
ජනයා පව්ලේ නාලිකාවට වශී වෙලා.(නදී)
මිනිස්සු තමන්ගේ එදිනෙදා අවශ්‍යතා ඉටුකර ගන්න බැරුව මැරී මැරී උපදිද්දී ඇමති රැල ගහන බයිලා ඇහෙනකොට අපිට නම් අධෝ මාර්ගයෙන් තමයි හිනා යන්නේ. එක අතකට ඒ අයටත් වැරදි කියන්න බැහැ. හේතුව තවමත් අපේ රටේ තණකොළ කන ගණන වැඩියි.(නදී)
ඔබගේ අදහස නරක නැහැ. ඔබ කතා කරනවා බලන්නත් ආසයි. (නි)
අනේ මන්දා අපිට නම් හුලන් තමයි. ඉතාලි එවනවා තියා හිතන්නවත් බැහැ.(නදී)
ඔයගොල්ලොත් කියනවා. අනේ ඉතින් අපිත් අහනවා. (අ)
රටට අදරය කරන ජනාධිපති වරයෙක්!! අපි ඔහුට නයගැතියි (අ)
මෙතුමා අවුරුදු උත්සවයකදි වෙන්න ඇති කියන්න ඇත්තේ. එක එක තරග තියෙනවනේ.(නදී)