ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙල ගල්කිස්ස මහ හෝටලයේදී අඟහරුවාදා (2) රාත්‍රීයේ පැවැත්විණි.
කර්තෘ සංසදය සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය එක්ව සංවිධානය කළ මෙම උළෙලේ දී ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ පසුගිය වසරක කාලයක් තුළ දී දක්ෂතා පෙන්වූ විශිෂ්ටයන්ට අංශ 14ක් යටතේ සම්මාන හිමිවිය.
වසරේ ජනමාධ්‍යවේදියා, ගවේෂණාත්මක මාධ්‍යවේදියා, වසරේ හොඳම පරිසර මාධ්‍යවේදියා, ක්‍රීඩා මාධ්‍යවේදියා, හොඳම තරුණ මාධ්‍යවේදියා, හොඳම ඡායාරූප මාධ්‍යවේදියා ආදී අංශ ගණනාවක් ඊට ඇතුළත් විය.
ජනමාධ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් කළ සේවය උදෙසා ජීවිත කාලයට එක්වරක් පමණක් හිමිවන ඩී.ආර්.විජයවර්ධන සම්මානය ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදීන් වන නෙවිල් ද සිල්වා, පියසේන ඉහළවිතාන, වීරගති තනබාලසිංහම්, සරත් මලලසේකර සහ පේ‍්‍රමසිරි අබේසිංහ යන අයට පිරිනැමිණි.















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනමාධ්‍ය කරුවන් ලෙස දිගුකලක් එහි රැදීසිටීම විශේෂයෙන් අප රටේ කොතරම් දුෂ්කර කරුණක් ද යන්න දන්නේ එහි වැඩකළ අය කිව්වොත් නිවැරදියි. මෙහි සිටින තරුණ පරපුර මා අසා ඇත්තේ නමින් පමණයි. ඔවුන්ට අපේ සුබ පැතුම්.! (ර)