(ඉන්දිකා රාමනායක)
ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කළ ජනබල මෙහෙයුම් පෙළපාලියට සහභාගි වු පිරිසට බෙදා දුන් කිරි පැකට් වල කිසිදු වසක් හෝ ඖෂධයක් මිශ‍්‍ර කර නොමැති බවට රස පරීක්ෂක වාර්තාවෙන් තහවුරු කර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා අද (8) පැවසීය.
ඉකුත් (5) වැනි දින පැවති මෙම විරෝධතාවට සහභාගි වු පිරිසකට කිසියම් පිරිසක් විසින් විස ඇතුළත් කර මෙම කිරිපැකට් බෙදා ඇති බවත් ඉන් කිහිප දෙනෙක්ම රෝගී වු බවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා එල්ල කර තිබුණි.
වෙන්නප්පුව ප‍්‍රදේශිය සහභාවේ මන්ති‍්‍ර නීතිඥ ඇලෙක්ස් නිශාන්ත මහතා එම කිරි පැකට්ටුවක් ද සමඟ ඉකුත් 10 වැනි දින කොටුව පොලිසියට කළ පැමිණිල්ලක සඳහන් වුයේ පිටකොටු ප‍්‍රදේශයේ කිසියම් පිරිසක් මෙම කිරිපැකට් බෙදු බවත් ඉන් තමන් සමග පැමිණි 25 දෙනෙක් රෝගී වු බවයි.
එම පැමිණිල්ල අනුව පොලිසිය අලූත්කඬේ මහේස්ත‍්‍රාත් අධිකරණයේ අංක 3 අධිකරණයට නඩු අංක බී 99339/3/18 යටතේ කරුණු වාර්තා කර එම අධිකරණයෙන් ලබාගත් නියෝගයක් යටතේ එම කිරි පැකට්ටුව 2018.9.13 දින රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කළ බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.
එම සිද්ධියට අදාල රස පරීක්ෂක වාර්තාව 2018.9.28 දින ලැබී ඇති අතර එහි සයනයිඩ්, ලෝහමය වස, පලිබෝධ නාශක වස වර්ග, වැනි වස හෝ ඖෂධ අඩංගු නොවන බවට සඳහන් ව තිබු බවද රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.
පැමිණිලිකරු විසින් ඉදිරිපත් කළ කිරි පැකට්ටුව විවෘත කිරීමක් පවා සිදුකර නොමැති බවට එම රස පරීක්ෂක වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන බවද රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙදා සැරේ නම් රස රජයේ පරීක්ෂකවරයාට හොඳටම වැරදිලා. ඔය කිරිපැකට්වලට දේශපාලන වෛරය ද්වේශය හා කුහකත්වය නැමති විෂ කලවම් කරලා තමයි කුලියට කෑ ගහන්න ආව කට්ටියට දුන්නේ... ඒවා දිරවන්නේ නැති කට්ටිය තමයි රෝහල් ගතකෙරුවේ.
කිසි දෙයක් දැන් නම් අපිට විශ්වාස නෑ.
ඔය පිම්බිච්ච කිරි පැකට් දෙකක් විතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකටයි රස පරීක්‍ෂකටයි පොවාගන්න විදියක් නැද්ද? ඒ හලෝ මේ යහපාලනය...
කිරි ශීතකරණයක නොතබා භාවිතා කිරීමෙන් සිදුවූ දෙයක්. සිරිත් පරිදි කසිප්පු හරි අරක්කු හරි දුන්නා නම් ඕක වෙන්නේ නැහැ. මොකද ඔය දෙකම පරණ වෙන තරමට හොඳයි.
කිරි පැකට්ටුවේ නොවෙයි විස තියෙන්නේ... එ්ක මෙහෙයවපු කට්ටියටයි.
නැ... නැ... විෂ තිබුනේ මේ අයගේ බඩේනේ...