(ඩයනා උදයංගනී)
ජනප්‍රිය ගායක දෙපලක් වන නුවන් ගුණවර්ධන මහතාටත්, ඔහුගේ පුත් ගයාන් ගුණවර්ධනටත් කොවිඩ් වයිරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.
නව පරපුරේ ගායන ශිල්පියකු හා රංගන ශිල්පියකු ද වන ගයාන් ගුණවර්ධන සිය ෆේස් බුක් ගිණුමෙහි සටහනක් තබමින් පවසා ඇත්තේ තමාට, තම පියා වන නුවන් ගුණවර්ධනට මෙන්ම තම මවට ද කොවිඩ් ආසාදනය වී ඇති බවයි.
පවුලේ සියලුදෙනා සිදුකල පී.සී.ආර් පරීක්ෂවලදී ඒ බව දැනගත්තේ යැයිද ඔහු පවසයි. නුවන් ගුණවර්ධන මහතා රෝහල් ගත වී ප්‍රතිකාර ලබන තමා හා මව ස්වයං නිරෝධායනය වෙමින් සිටින බව ඔහු සඳහන් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නුවන් ගුණවර්ධන මහතාට, පුතාට හා එතුමාගේ භාර්යාව ඉක්මනින් සුවපත් වේවා! බුදු සරණයි. සියලු දෙවි පිහිටයි
මම අහපු ගුවන් විදුලි වැඩසටහනක කියවුනා කෝවිඩ් හැදිලා සුවවෙලා රෝහලෙන් ගෙදර ආවම යම් කාලයක් ගතවන තෙක් හුස්ම ගන්න සහ පිටකරන එකත් කරන්න ඕනි යම් ක්‍රමයකට අනුවයි. මොකද පෙනහළු වලට වෙහෙස දුන්නොත් භයානකයිලු. මුනින් අතට ඇඳේ හාන්සි වී ලබන විවේකය ඉතා වැදගත්ලු. එතකොටලු පෙනහළු වල තියෙන දියර ක්‍රමයෙන් නැවත රුධිරයට එකතු වෙලා ඉවත් වන්නේ. ඒ විදියට කාලයක් ඉවසීමෙන් කල්පනාවෙන් ඉන්න ඕනිලු. හදිස්සි වෙලා පෙනහළු වලට වෙහෙස දීලා ගීත ගායනා කලොත් විශාල කරදරයක් වෙන්න පුළුවන්.
ඔබ සියළු දෙනාට ඉක්මන් නිරෝගී සුවය පතමු!
චන්දිම ඔබේ අදහස් දැක්විම පිළිබඳව හදවතින්ම ස්තූති කරනවා. කොරෝනා වසන්ගතය ආසාදිත සියල්ලෝම සුවපත්වී.,මේ වසන්ගතය රටින් තුරන් වේවා යන්න අපේ පැතුමයි.
කොරෝනා ප්‍රවර්ධනය කරන්න එපා. කොරෝන කියන්නේ තනිකරම බොරුවක්