IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ජනප‍්‍රිය ක‍්‍රිකට් ක‍්‍රීඩකයා සම්මානය සංගා - මහේල - ඩිල්ෂාන් - මැතිව්ස් - තිසර පෙරමුණේ

‘සියැට් ශ්‍රී ලංකා ක‍්‍රිකට් සම්මාන 2012’ ප‍්‍රදානයේ වසරේ ජනප‍්‍රිය ක‍්‍රීඩකයා සම්මානය සඳහා ක‍්‍රීඩකයෝ පස් දෙනෙක් තියුණු තරගයක නිරතව සිටිති. හිටපු නායක කුමාර් සංගක්කාර, නායක මහේල ජයවර්ධන, තිලකරත්න ඩිල්ෂාන්, ඇන්ජලෝ මැතිව්ස් සහ තිසර පෙරේරා එම ක‍්‍රීඩකයෝ වෙති. පාඨක කෙටි පණිවුඩ (එස්.එම්.එස්.) අනුව වසරේ ජනපි‍්‍රයම කි‍්‍රකට් කී‍්‍රඩකයා තෝරා ගනු ලබන අතර ඉකුත් 27 වැනිදා වන විට කෙටි පණිවුඩ සහ අන්තර්ජාලය ඔස්සේ ලැබී තිබු මනාප සංඛ්‍යාව මෙම ක‍්‍රීඩකයන් පස් දෙනා ඉදිරියෙන් සිටින බව සංවිධායක කමිටුව ප‍්‍රකාශ කරයි. ක‍්‍රිකට් ආයතනයේ වාර්ෂික ගිවිසුමට ඇතුළත් කී‍්‍රඩකයන් 60 දෙනකු අතරින් ජනප‍්‍රිය කී‍්‍රඩකයා තේරීම අවස්ථාව හෙට (1) මධ්‍යම රාත‍්‍රියෙන් අවසන් වන අතර ජනතාවට කෙටි පණිවුඩ හා අන්තර්ජාලය ඔස්සේ මනාප යොමු කළ හැකිය. සියැට් (ceat) හිස් තැනක් තබා කී‍්‍රඩකයාගේ නම සඳහන් කර  ඕනෑම දුරකතන ජාලයකින් 6797 අංකයට යොමු කිරීමෙන් තමන් ප‍්‍රිය කරන කී‍්‍රඩකයාට මනාපය පළ කළ හැකිවේ. අන්තර්ජාලය ඔස්සේ www.ceatsrilankacricketawards.com යන වෙබ් අඩවියට පිවිසීමෙන්ද මනාප පළ කිරීමේ අවස්ථාව කී‍්‍රඩා ලෝලීන්ට හිමිව තිබේ. (www.facebook.com/ceatsrilankacricketawards) යන වෙබ් අඩවියෙන්ද මනාප ඉදිරිපත් කිරීමේ අවස්ථාව ද මෙවර හිමිව තිබේ. 2010 සහ පසුගිය වසරේ ජනතාවගේ කී‍්‍රඩකයා ලෙස කුමාර් සංගක්කාර සම්මාන ලැබීය. මෙවර සම්මාන ප‍්‍රදානෝත්සවය මේ මස 5 වැනිදා බත්තරමුල්ල වෝටර්ස් ඒජ්හිදී පැවැත්වීමට නියමිතය.



අදහස් (0)

ජනප‍්‍රිය ක‍්‍රිකට් ක‍්‍රීඩකයා සම්මානය සංගා - මහේල - ඩිල්ෂාන් - මැතිව්ස් - තිසර පෙරමුණේ

චන්ද්‍රසිරි Friday, 31 August 2012 01:45 PM

සංගා තේරුවොත් අනෙක් අය තරහා වෙන්න. (නි)

:       0       0

සම්පත් Friday, 31 August 2012 09:53 AM

මේ පාරත් සංගා තමයි. (නි)

:       0       0

ජයා Thursday, 30 August 2012 09:21 PM

මේ ඔක්කොම අපි අතරේ ජනප්‍රියයි. ඉතිං ‍කොහොමද එක්කෙනෙකුට ඡන්දය දෙන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 710 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 451 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site