(අංජුල මහික වීරරත්න)

නව ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් වන අදහස් හා තීරණය නැවත සිතා බලා හරි තැනකට එන්න පුළුවන් වේවි යැයි විශ්වාස කරන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා පැවැසීය.

අමරසූරිය මහතා මේ බව කීවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමිනි.

එහිදී අමරසූරිය මහතා මෙසේද කීය.

නීතිඥ සංගමය ස්ථාවරය ගැන ජනපති සමග සාකච්ඡා කළා.මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනපති හමුවූයේ ප්‍රථම වතාවටයි.මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට නීතිඥවරු සහ විනිසුරුතුමන්ලා විරුද්ධ වන හේතුව අප එහිදී පැහැදිලි කර දුන්නා.

ජනාධිපති නීතිඥවරු, මහාචාර්යවරු ඇතුළු විසි දෙනෙක් ජනපති හමුවීමට ගියා.ජනාධිපතිතුමාත් ඔහුගේ ස්ථාවරය අපට සඳහන් කළා.මෙවැනි වෙනස්කමක් කරන විට පුළුල් විද්වත් සාකච්ඡාවකින් පසුව එය කළ යුතු බව අප එහිදි සඳහන් කළා.මේක කවුරුවත් කාටවත් විරුද්ධව කරන සටනක් නොවේ යනුවෙන්ද ඔහු කීය.