ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට හැර, අන් කිසිදු ප‍්‍රභූවරයකුට දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ නොමිලේ ගමන් කිරීමට අවසර නැතැයි වරාය හා මහාමාර්ග නියෝජ්‍ය ඇමැති නිර්මල කොතලාවල මහතා පෙරේදා (30) ප‍්‍රකාශ කළේය.
එය විශේෂ ගැසට් නිවේදනයකින්ද ප‍්‍රකාශයට පත් කර ඇතැයි කොතලාවල මහතා කීවේය.
දකුණු අධිවේගී මාර්ගය භාවිත කිරීමට පැමිණෙන ඇතැම් රියැදුරන්, ”තමන් අහවල් ප‍්‍රභූවරයාගේ කෙනෙක්” යැයි ප‍්‍රවේශ කවුළුවල සිටින නිලධාරියාට ප‍්‍රකාශ කරමින් මුදල් නොගෙවා යාමට උත්සාහ දරා ඇතැයි කී නියෝජ්‍ය ඇමැතිවරයා එහෙත් එසේ නොමිලේ යාමට කිසිවකුටත් නොහැකි යැයි කියා සිටියේය.
ඇමැතිවරුන් පවා අදාළ ප‍්‍රවේශපත‍්‍රයේ මිල ගෙවීම අනිවාර්ය බව ඔහු සඳහන් කළේය.
අධිවේගී මාර්ගය ඉදිකිරීමට විශාල මුදලක් වැයවූවා මෙන්ම, එය නඩත්තුවටද විශාල වියදමක් දරන්නට සිදුවන බව කී කොතලාවල මහතා තමන් ගමන් කරන දුර වෙනුවෙන් මුදල් ගෙවීමට සෑම කෙනකුටම යුතුකමක් තිබෙන බව සඳහන් කළේය.
මහාමාර්ග නියෝජ්‍ය ඇමැතිවරයා වුවද තමාත්, දකුණු අධිවේගී මාර්ගයේ ගමන් කරන්නේ ප‍්‍රවේශ පත‍්‍ර මිලදී ගෙන බවද කොතලාවල මහතා කීය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නයි කයිද රෝස් පාන් කිව්වලු....
හොඳ ආදර්ශයක්.............
අධිවේගී මාර්ගයට ඇතුල්වීමේ නීතියේ සුලු වරදක් සිදුවී ඇතිවා වගේ.