ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට හැර, අන් කිසිදු ප‍්‍රභූවරයකුට දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ නොමිලේ ගමන් කිරීමට අවසර නැතැයි වරාය හා මහාමාර්ග නියෝජ්‍ය ඇමැති නිර්මල කොතලාවල මහතා පෙරේදා (30) ප‍්‍රකාශ කළේය.
එය විශේෂ ගැසට් නිවේදනයකින්ද ප‍්‍රකාශයට පත් කර ඇතැයි කොතලාවල මහතා කීවේය.
දකුණු අධිවේගී මාර්ගය භාවිත කිරීමට පැමිණෙන ඇතැම් රියැදුරන්, ”තමන් අහවල් ප‍්‍රභූවරයාගේ කෙනෙක්” යැයි ප‍්‍රවේශ කවුළුවල සිටින නිලධාරියාට ප‍්‍රකාශ කරමින් මුදල් නොගෙවා යාමට උත්සාහ දරා ඇතැයි කී නියෝජ්‍ය ඇමැතිවරයා එහෙත් එසේ නොමිලේ යාමට කිසිවකුටත් නොහැකි යැයි කියා සිටියේය.
ඇමැතිවරුන් පවා අදාළ ප‍්‍රවේශපත‍්‍රයේ මිල ගෙවීම අනිවාර්ය බව ඔහු සඳහන් කළේය.
අධිවේගී මාර්ගය ඉදිකිරීමට විශාල මුදලක් වැයවූවා මෙන්ම, එය නඩත්තුවටද විශාල වියදමක් දරන්නට සිදුවන බව කී කොතලාවල මහතා තමන් ගමන් කරන දුර වෙනුවෙන් මුදල් ගෙවීමට සෑම කෙනකුටම යුතුකමක් තිබෙන බව සඳහන් කළේය.
මහාමාර්ග නියෝජ්‍ය ඇමැතිවරයා වුවද තමාත්, දකුණු අධිවේගී මාර්ගයේ ගමන් කරන්නේ ප‍්‍රවේශ පත‍්‍ර මිලදී ගෙන බවද කොතලාවල මහතා කීය.
2025 නොවැම්බර් මස 04
598
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2303
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1711
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනපතිට-අගමැතිට හැර අන් කිසිවකුට දක්ෂිණ අධිවේගී මාර්ගයේ නොමිලේ ගමන් බෑ
මාලක සුචින් පෙරේරා Friday, 02 December 2011 11:58 AM
නයි කයිද රෝස් පාන් කිව්වලු....
නයන Friday, 02 December 2011 12:19 PM
හොඳ ආදර්ශයක්.............
ජයී Friday, 02 December 2011 03:23 PM
අධිවේගී මාර්ගයට ඇතුල්වීමේ නීතියේ සුලු වරදක් සිදුවී ඇතිවා වගේ.