අඟුණුකොළපැලැස්සේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමීපයට ගිනි අවියක් රැගෙන ගිය බව කියන හමුදා කෝප්‍රල් රහස් පොලිසිය අද අත්අඩංගුවට ගනු ලැබීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ආරක්ෂකයකු බව කියන මොහු එදා ජනපතිගේ රැස්වීමට ගොස් ජනපති ළඟටම ගියේ කෙසේ ද යන්න රහස් පොලිසියට ප්‍රශ්නයක් වී ඇත.
සාමාන්‍ය මන්ත්‍රීවරුන්ට හමුදාවේ ආරක්ෂකයන් නොදෙන බවත් එහෙත් මොහු රාජපක්ෂ මහතාගේ ආරක්ෂකයකු වූයේ කෙසේ ද යන්නත් පොලිසිය සොයයි.
අවියක් ඇතිව ජනපති ළඟටම ගිය ඔහු එදා පොලිස් විශේෂ කාර්ය බලකායේ භටයන් විසින් අත්අඩංගුවට ගෙන ජනපති ආරක්ෂක අංශයට භාරදීමෙන් පසුව මුදාහැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෙල්ලම් පිස්තෝලෙයි වතුර බෝතලෙයි අරගෙන ගියේ කාට පොවන්නද? (නි)
තාම පරණ පුරුදු නතර කරලා නැහැ වගේ. (නි)
ආරක්ෂක නිලධාරියා ළඟ තිබුනේ වතුර බෝතලයක් විතරයි කියලා නේද කෙනෙක් කිවුවේ? (නි)
පසුගිය කාලයේ මෙහෙම දෙයක් වුනා නම් තත්වය කෙසේද? (ර)
ජනපතිඳුන්ගේ ආරක්ෂාව ලාංකික අපිට වටිනවා (නි)
එතකොට රටේ ජනාධිපතිට මට පෙනෙන හැටියට දැන් ආරක්ෂාව සපයන්නෙත් පරණ කෙනාගේ කට්ටියමයි. මේක ජනාධිපතිතුමාට විශාල අනාරක්ෂිතබවක්. (නි)