IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ජනපති හිටි ගමන් රන්ගිරි දඹුලු මහ නාහිමි හමුවේ

මහින්ද රාජපත්ෂ ජනාධිපති මින් මද වේලාවකට පෙර දඹුල්ලට පැමිණ සියම් නිකායේ රන්ගිරි දඹුලු පාර්ශවයේ මහානායක ඉනාමළුවේ සුමංගල නාහිමියන් සමග සාතච්ඡා කිරීමට උයන්වත්ත රජ මහා විහාරයට පැමිණියේය.

මහානාහිමියන් සහ ජනපති අතර කුමක් සාකච්ඡා වූයේ දැයි නොදන්නා මුත් දඹුල්ල පූජා භූම් සැලැස්ම මාස 6 කින් ක්‍රියාත්මක කරන ලෙස ජකපති කළ නියෝගයට ඉරිදාට වසරක් සපිරේ. මහානාහිමියන් මෑතදී ජනපතිට ලිපියක් ලියමින් කියා සිටියේ සමහර ප්‍රාදේශීය දේශපාලඥයින්ගේ සහ නිලධාරීන්ගේ කඹ ඇදිල්ලක් නිසා ජනපති නියෝගය පවා ක්‍රියාත්මක නොවන බවයි.

 



අදහස් (0)

ජනපති හිටි ගමන් රන්ගිරි දඹුලු මහ නාහිමි හමුවේ

අජිත් Sunday, 21 April 2013 09:40 AM

මධු , විධායක ජනාධිපතිවරුන්ට හිටිගමන් යන්න බැරි දීව්‍යලෝකේ විතරයි. මොකද සල්ලි යනවද? ගෙදර දොරේ වැඩ පාලුවෙනවා කියලද? බබාලා හඬනවා කියලද? නිදහසක් ගන්න , ෆන් එකක් ගන්න හිතුනාම ඔහේ කොහේ හරි යන්න පුළුවන්.අපිට තමයි බැරි.(නදී)

:       0       0

සදරුවන් Sunday, 21 April 2013 09:52 AM

හිටි ගමන් ගියේ අසාධානයට පත් ගොවියෝ උද්ඝෝනය කරාවී කියලා සැකේට ලු.(නදී)

:       0       0

චමින්ද Sunday, 21 April 2013 10:14 AM

අරාබි රටවල නම් ඒ රජයවල්ම හොයලා බලලා මෙවැනි දේ කරනවා. (නි)

:       0       0

චාන්ද Sunday, 21 April 2013 10:23 AM

හදිස්සියේ ගියානම් වැදගත් හේතුවක්ම තමා (නි)

:       0       0

චතුල වෙරෝනා Sunday, 21 April 2013 10:57 AM

ඉක්මන් ගමන් කොටයි කියනවනෙ චන්ද්‍රිකා මහත්මිය සහ රනිල් මහතාත් අවසාන කාල වල ඉක්මන් ගමන් ගියා.(නදී)

:       0       0

පැතුම් ජයන්තිපුර Saturday, 20 April 2013 07:08 PM

ජනාධිපති තුමනි ඔබගේ අණ නොපිළිපදින අයත් දැන් ඉන්නවා නේද ?(නදී)

:       0       0

වික්කම නසාර් ගනේස්ව්ර් Saturday, 20 April 2013 07:46 PM

ඔන්න බලන්න මේක බෞද්ධාගම සම්බන්ධ දෙයක් නිසා මේකට ලියන ලිවිල්ල 50-100 අතර වේවි. (නි)

:       0       0

උදය Saturday, 20 April 2013 07:47 PM

ජනාදිපති මොලේ පාවිච්චි කරලා කරන්න යන තවත් වැඩක් වගෙයි.(නදී)

:       0       0

මදූ Saturday, 20 April 2013 07:48 PM

හිටි ගමන් ගිය ගමන් කොයිතරම් ඇත්ද ?(නදී)

:       0       0

සමන් Saturday, 20 April 2013 08:30 PM

ඒක ඇත්ත මධූ! ගියොත් යන්නෙ හදිසි ගමන් තමා.(නදී)

:       0       0

ගාමිණී Saturday, 20 April 2013 08:53 PM

ජනාධිපති තුමනි, දඹුල්ලේ එළවලු ගොවීන් ගැනත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය ගැනත් බලා හදසි තීරණයක් ගත්තනම් ඉතාමත් හොදයි.(නදී)

:       0       0

සනත් Saturday, 20 April 2013 08:58 PM

දඹුල්ල පන්සලට යන පාරට තාර ටිකක් දාන්නේ නැතිව මොන පුජා භූමිද? ඇමති ඇමති පුතාලා ඉන්නකම් දඹුල්ලට බුදු සරණයි.(නදී)

:       0       0

කිර්ති Sunday, 21 April 2013 02:29 PM

ඒක හොදයි (දී)

:       0       0

තිලක් Sunday, 21 April 2013 02:31 PM

රංජනී, විදුලි බිල වැඩි වුණාට වරද තියෙන්නේ ගෙදර විදුලි බිල කියවන්න එන අ‍ය‍ගේ අතෙයි. (නි)

:       0       0

අජිත් Saturday, 20 April 2013 09:49 PM

උදය, ජනාධිපතිතුමා මොලය පාවිච්චි නොකර කරන වැඩත් තියෙනව වගෙයිනේ කියන්නේ.?(නදී)

:       0       0

ද සිල්වා Saturday, 20 April 2013 09:49 PM

ජනාධිපති දඹුලුත් ගිහින් තලගොයිත් මරාගෙන එන අතෙරේ අන්න බස් එකක් කෝච්චියේ හැප්පිලා. දැන් තමයි උනබම්බු වල අගය තේරෙන්නේ.(නදී)

:       0       0

ද සිල්වා Saturday, 20 April 2013 10:08 PM

ජනාධිපති තුමනි ජාතික ප්‍රශ්න තිබෙන්නේ පන්සලේ නෙවෙයි. එළවලු මාර්කට් එකේ.(නදී)

:       0       0

සිල්වා Saturday, 20 April 2013 10:36 PM

නිකන් බොරුවට පන්සල් ගානේ යනවා. කරුණාකරලා රේල් පර හරහා උනබම්බු ටිකක්වත් හයි කොරොත් හොදා නේද? , මත්තල හෝටල් ගහනවට වඩා එහෙම කළොත් හොදයි නේද? (නදී)

:       0       0

දයා අලහාකෝන් Sunday, 21 April 2013 03:14 PM

ජනාධිපතිතුමා මේ දුම්රිය අනතුර සිදුවෙන තැන්වලට ගිහින් නැද්ද මේවා ගැන නිතමටවත් සෝයා බලන්න.(නදී)

:       0       0

පද්මි Sunday, 21 April 2013 12:17 AM

උන බම්බු ගහන්න ඇමති කෙනෙක් පත්කලොත් හොද නැද්ද?(නදී)

:       0       0

යොහාන් Sunday, 21 April 2013 12:30 AM

බඩු මිලත් හිටි ගමන් අඩු කරමුද

:       0       0

රංජනී Sunday, 21 April 2013 01:47 AM

ජනාධිපතිතුමාගේ වැරැද්දක් නැහැ ගමේ සභාපතිලගේ වැරදි (සම)හරකගෙ (නි)

:       0       0

උදය Sunday, 21 April 2013 04:41 PM

මම ලියුව්වේ ජනාධිපති තුමා මොලේ පාවිච්චි කරලා වැඩ කරනවා කියලා.(නදී)

:       0       0

උදය Sunday, 21 April 2013 04:43 PM

නෑ මටයි වැරදුනේ. මම කිව්වේ අජිත් ජනාධිපතිතුමා වැඩ කරන්නේ ගොඩක් පැති කලපනා කරලා.(නදී)

:       0       0

රුවන් Sunday, 21 April 2013 03:55 AM

අපි ඔබට ගරු කරනවා

:       0       0

සනත් Sunday, 21 April 2013 08:30 AM

දඹුල්ල නගර සභාව සහ ප්‍රාදේශීය සභාවට අපෙත් කැමැත්තක් නැහැ. (නි)

:       0       0

අසංග Sunday, 21 April 2013 08:31 AM

ඔබ තුමා අපිට රජෙක්

:       0       0

බුද්ධි Sunday, 21 April 2013 08:33 AM

අනේ හොදයි

:       0       0

බණ්ඩාර Sunday, 21 April 2013 08:36 AM

මොකද්ද විශේෂ සාකච්චාව

:       0       0

දිසා Sunday, 21 April 2013 08:54 AM

ජනාධිපතිතුමනි, දඹුල්ලට එයාර්පෝර්ට් එකක් දුන්නොත් අපිට එලවලු ඉක්මනින් ප්‍රවාහනය කළ හැකියි. එය මත්තලට සම්බන්ධ කළොත් දඹුල්ලත් හම්බන්තොටත් දෙකම දියුණූ කරන්න පුළුවන්, එකවරම. (නි)

:       0       0

ලසන්ත Sunday, 21 April 2013 09:26 AM

බේබිලත් ගියාද? (නදී).

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 774 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 461 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site