මෛත්‍රිපාල සිරිසේන ජනපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ලෙස ඒකමතිකව පත් කළ බව ශ්‍රී ලංකා නිදස් පක්ෂ මධ්‍යම කාරක සභාව හා විධායක කාරක සභාව අද (16) කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ඒකමතිකව තීරණය කළේය.
හිටපු ජනපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හා මහින්ද රාජපක්ෂ අනුශාසකවරුන් ලෙස පත් කරනු ලැබුහ.
මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ ජනපතිවරණයට පෙර ඉවත් වු පිරිසට පසුගිය රජය මහින්ද රාජපක්ෂ මහතා විසින් අහෝසි කැරැණු සාමාජිකත්වය යළි ලබා දීමටද තීරණය විය.
‘අද රටේ තිබෙන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් . ජනාධිපති ශ්‍රිලනිපයෙන්. අගමැති එජාපයෙන්. ගමේ ඉන්න එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයාත් සෙසු පාක්ෂීකයනුත් සමඟ සහජීවනයට කාලය ඇවිල්ලා.හැම දෙනා සමඟම මිත්‍රත්වයෙන් ,එකමුතුකමින් , සාමයෙන් ජීවත් වෙමු.‘ යනුවෙන්ද ජනපති සිරිසේන මහතා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියළු කටයුතු සාර්ථක වේවා! (නි)
ජෙනරාල් ෆොන්සේකා මහතාටත් අහිමිවූ සියල්ල නිල ඇඳුම් සහිතව රාජ්‍ය ගෞරවපූර්වකව ජනප්‍රසාදයට ලක්වෙන අයුරින් ලබාදෙන්නේ නම් වඩාත් සුදුසුයි කියා අපි සිතන්නෙමු. අපි මවුබිමට ආදරය කරන ශ්‍රී ලාංකිකයන් පිරිසකි (නි)
රූපසිංහ, ඕනෑම කෙනෙකුට වෙනත් පක්ෂයකට ගිහින් නැවත ඇවිල්ලා තැනක් ගන්න නම් හිටියාට වැඩිය ලොකු තැනක් දිනාගෙන එන්න ඕනෑ. ලොකු තැනක් දිනාගෙන ආවොත් හැමෝම ඒ පැත්තට පනිනවා. (නි)
රූපසිංහ , මෙතන සිදුවුණේ වෙනත් දෙයක්. පක්ෂයක් හැරදමා විපක්ෂයකට ගියාට පළමු පක්ෂයේ සාමාජිකත්වය නැතිනොවන බවට නඩු තීන්දුවක් ගත්තා. දැන් මේ දේවල් කළ අයටම පාරා වළල්ලක් වෙලා. (නි)
නියම සර්ව පාක්ෂික රජයක් නම් මම ඉතාමත් සතුටුවෙනවා. මැතිවරණයක් අවසානයේ දේශපාලන ගැති අමනයන්ගේ ගහමරා ගැනීම් නැවතීමටත්,රට දියුණු කිරීමටත් මෙය පිටුවහලක් වේවි. (නි)
රූපසිංහ,දේශපාලනය කියන්නේ හරි හෝ වැරදි හෝ එක තැන එල්ලිලා ඉන්න එක නොවේ. මෛත්‍රීපාල සිරිසේන මහතා යන ඉසවුව දෙස දැන්සිටම විවේචනය කරමින් හරි මඟ යනවාද කියා බලා සිටිනවා.දේශපාලනය කළයුත්තේ වඩාත් යහපතක් රටට ලබාගන්නට මිස හරි හෝ වැරදි අහවල් පක්ෂයට හෝ පුද්ගලයාට ගැතිවීමට නොවේ. (නි)
අවස්ථාවාදීන් සම්බන්ධ කරනොගන්න. (නි)
ඔබතුමාට චිරන් ජයතු! (නි)
බොහොම හරවත් කතාවක් (නි)
රූපසිංහ, මේක පුද්ගලයෙකු සම්බන්ධ ප්‍රශ්නයක් නෙමෙයි. රටක් සම්බන්ධ ප්‍රශ්නයක්. ඒ කාර්යය පැත්තකින් තියලා හැම පක්ෂයක්ම තමන්ගේ පක්ෂවල ව්‍යවස්ථාව ඇදගෙන වාද කර කර ඉන්න ගියොත් රටට වෙන සෙත මොකද්ද? ඉතිරි නිල කාලයත් වාදවිවාද සහ නඩු හබ වලටම ගෙවිලා යාවි. (නි)
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපත්තුමා කරුණා අම්මාන් මැතිතුමායි. සභාපතිගෙන් පස්සේ එය හිමිවිය යුත්තේ උපසභාපතිවරයාටයි. එතුමාට උතුර නැගෙනහිරින්ද ජන්ද ලබා ගත හැකිය. මෛත්‍රී යුගය හැකි ඉක්මනින් අවසන් කර කරුණා යුගයක් ලංකාවට ගෙන ඒමට එකාවන්ව පෙල ගැසෙමු (නදී)
ජනාධිපති ශ්‍රිලනිපයෙන්. අගමැති එජාපයෙන්. කැබිනට් ඇමතිවරු වැඩි ප්‍රමාණයක් යු.එන්.පී. දැනටමත් ආණ්ඩු පක්ෂයට වඩා විපක්ෂයට ඉන්න මන්ත්‍රී ගණන වැඩියි. හැබැයි ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගන්න පක්ෂයට ආණ්ඩු බලය ලැබෙන එක වලක්වන්න බැරිවෙනවා. (නදී)
ඇත්තෙන්ම සිදුවිය යුත්තේ මෙයයි (නි)
නියම එක්සත් ශ්‍රී ලාංකික පක්ෂයක් බිහි වීමට ආරම්බයක් වේවා. (නදී)
එතකොට පක්ෂයේ මහ ලේකම් කවුද? (නි)
බලන්න, කොච්චර හොඳ ප්‍රකාශයක්ද? (නි)
සාර්ථක දිගු ගමනක් යන්න ලැබේවා! (නි)
සුබ අනාගතයකට ආසිරි ප්‍රාර්ථනා කරනවා. (නි)
මහ මැතිවරනයකට ගියාම බලමුකො මොකද වෙන්නෙ කියල. "මව් මරා උපන් කුමරා කෙහෙල්මල" කියල තමයි ශ්‍රී ලංකා කාරයින්ට සිහිකරන්න වෙන්නේ. (අ)
මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට එක්සත් ජාතික පක්ෂය හා එක්ව හිටපු ජනාධිපති රාජපක්ෂ මහතා හා තරඟ කළේ ශ්‍රීලනිපය හැරදමා ගොස් නේද? දැන් කියන විදියට ඔහු පක්ෂය දමාගිය බවක් පෙනෙන්නේ නැහැ. එතකොට ඕනෑම පක්ෂ සාමාජිකයෙකුට ඕනෑම පක්ෂයකට ගොස් නැවත පැමිණ කියන්න පුළුවන්ද මම පක්ෂය දමා ගියේ නැහැ, පෙන්නුවේ විරෝධතාවයක් කියලා? මේ ගැන කාටවත් බැරිද සාධාරණ පැහැදිලිකිරීමක් මට කරන්න. (නි)
සිරිසේන මහතා කිසිවිටක ප්‍රකාශ කළේ නැහැ නිදහස් පක්ෂය හැරගියා කියලා. ඔහු කිවුවේ ආණ්ඩු පක්ෂයෙන් ඉවත්වුණා කියලා (එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවෙන්). තේරුම් ගන්න අමාරු දෙයක් නොවෙයි ඕක. (නි)
එයාලටත් හම්බ උනා, මෙයාලටත් හම්බ උනා. අපේ විමල් මහත්තයා තනි උනාද මන්දා (නදී)
රූපසිංහ මහත්තයා මෙතෙක් කල් පක්ෂ මාරු කරපු හැමෙ කෙනක්ම වාගේ කිව්වෙ මම ගියේ රට වෙනුවෙන් ගත්ත තීරනයක් නිසා මිසක් මම තාමත් පරන පාක්ෂිකයාමයි කියලනේ. ඒකනේ පාට මාරුවුණාට එකම පුද්ලයෝ අැමතිවරු විදියට අපිට දකින්න ලැබෙන්නේ. මේ අනුව අපිටත් පුලුවන් උසාවියෙදි කියන්න මම අල්ලපු ගෙදර කාන්තාවත් එක්ක සම්බන්ද කමක් පැවැත්තුවිෙ එම පවුලේ යහපත වෙනුවෙන් කියලා. (නදී)
ලංකාවට හොඳ කාලයක් උදා වෙයි වගේ. අපි එක සිතින් සුභපතනවා අලුත් ජනපතිට (නදී)
අන්තිමට වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අන්ත පරාජයක් අත්වෙන එකයි. මව් මරා උපන් කුමාරයන්ට අපි නම් ඡන්දෙ දෙන්නේ නෑ. (නදී)
එතකොට මෛත්‍රීපාල මහත්තයා සභාපති වෙලා නායකත්වය දෙන්නේ එයාව පරාජය කරන්න උත්සාහ කළ අයටම නේද? (නි)
සුබ පැතුම්! (නි)