ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ අර්බුදයක් ඇති කිරීමට උත්සහා ගන්නේ වෙනත් පක්ෂ කිහිපයක පුද්ගලයින් පිරිසක් බව ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ එච් එම් ෆවුසි මහතා කියයි.
ඒ මහතා එසැණ සමග වැඩිදුරටත් මෙසේද කීය.
‘දේශපාලන වශයෙන් ආනාථ වෙන බව දන්නා කිහිපදෙනෙක් කාගේ හෝ ඇඟේ එල්ලිලා පාර්ලිමේන්තුවට රිංගන්න හදන වෑයමක් තමයි මේ තියෙන්නේ. ඒකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිහිපදෙනෙකුත් රැවටිලා ඉන්නවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති අපේක්ෂකත්වය ඉල්ලනවලු. මටනම් විලිලජ්ජයි විධායක ජනාධිපතිවරයෙක් විදියට ඉඳලා අගමැති කෙනෙක් වෙන්න. හොඳයි මහින්ද මහත්තයා අගමැති වුණා කියමුකෝ, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහත්තයා පාර්ලිමේන්තුවට එනකොට එතුමාට නැගිටලා ගෞරව කරන්න ඕනේ. මහින්ද මහත්තයා ඒකට සුදානම්ද?‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විසි පාරක් පැරදිලා හරි නම්බුකාර විදියට පරාජය පිළි අරන් ගෙදර ගියානේ. තව ඉන්න පුළුවන්ද කියල මහා රාත්‍රී රහස් කුමන්ත්‍රණ පැවැත්තුවේ නැහැනේ අන්න එතනයි සුදුසුකම ! (බ)
නුගත් මිනුසුන්ගේ ප්‍රතිපත්තිය උසස් අයට පමණක් ගරු කිරීම. පවුසී මහතාට අමතකද ඔබ පැමිණි හැම අවස්ථාවකම රාජපක්ෂ මහතා හුනස්නෙන් නැගිට ආචාර කළේ නැද්ද ? ඇමරිකාවේ ජනාධිපති අපේක්ෂකයෝ දෙදනාම විරුද්ධ පක්ෂයේ ලේකම් ධූර දරන්නේ (බ)
රට සතුරා ළගට කිට්ටුකරන මේ නායකයන් පලවා හැරීමට මහින්ද අගමැති කළ යුතුයි (බ)
එල ෆවුසි (බ)
එල පවුසි අන්න එහෙම එන්නකෝ කොන්ද ඇති මිනිහෙක් වගේ ඔබට අපේ උත්තමාචාරය (බ)
ලජ්ජා තියනවනම් ඔහොම කරයිද (බ)
බලයට ඇති කෑදර කම හමුවේ ලැජ්ජාව නිෂේදවී ඇත අනෙක රටේ ඉතුරැවී ඇති සම්පත් ටිකද එතනෝල්,හිරෝයීන් හා කැසීනෝ කාරයින් ඇතුළු මාල හොරුන් හා සකලවිද හොරනඬයත් තම ඥාති සංග්‍රහයත් සතුකරගැනීමට ඇති ආසාවයි. (බ)
ඇමති තුමා අහල නැද්ද ,ඔරුව පෙරලුන පැත්ත හොඳයි කියන ජාතියක් ඉන්න බව. ඒ වගේම ඇමති තුමාට මතක නැද්ද මාර්තු 18-20 අතරතුර කාලයකදී ඔබතුම විද්‍යුත් නාලිකාවකින් පැවසුවා ,අපේ සුළු ජාතික ඡන්ද 19 ලක්ෂයක් තියෙනවා, එය නැතිව කාටවත් බලය ලබාගන්න බැරි බව පසුගිය ජනපතිවරණයෙන් ඔප්පු වුනා කියල.දැන් අපි මිනිස්සුන්ව හොඳට හඳුනනවා. (බ)
තොප්පිය දාන එවුන් හැරෙන ,හැරෙන පැත්තට විසිල් ගහනවා.මුන්ගේ කපටි මොලේ සිංහලයට තේරෙනකොට කෝච්චිය ගිහිල්ලා. (බ)
මොකද බැරී තමන්ගේ සල්ලි ,තමන්ගේ පවුල් බේර ගන්න ඕනේ නිසා (බ)
මහින්ද මහතා හරි කියනවා නෙවෙයි ඒත් නදීකගේ කතාව හරියටම හරි (බ)
බැරිම වුනොත් නගර සභාවටවත් ඉල්ලයි...(බ)
එල ෆවුසි (බ)
නාලිනී ලෝක නායකයන් සමග අන් රටවල් සමග සහයෝගයෙන් වැඩ කිරීමට හැකි නායකයෙක් සිටීම ගැන සතුටු විය යුතු මොහොතක ලිං මැඩියෙක් වහේ අදහස් දක්වන්න එපා. ලොව කිසිම රටකට තනිවම ඉන්න බැහැ මේ යුගයේ, ඔබල වැනි මෝඩයෝ නොදන්නවා වුනාට මිට වසර 2500 ට පෙරත් අපේ රට වෙනත් රට සමග සමිප සම්බන්ධකම් තිබුන. ලිං මැඩි වෙන්න එපා (බ)
සරත් , ඔබ කියන පැරදුන කෙනා කිසිදාක මහජන මුදල් හොරකම්කරලා වත් පවුලේ උදවියට මහජනමුදලින් සුරසැප දීලාවත් නැහැ. එහෙම කෙනෙක් ඡන්දෙන් පැරදෙව්වා මහජනයයි මෝඩ, ඔහු යුද්ධ දිනන්න දක්ෂ නොවුනට ආර්ථික යුද්දෙන් රට ගොඩගන්න යුක්තිගරුක නිතිගරුක රටක් හදන්න පුළුවන් ලොව පිළිගත් නායකයෙක් , මෝඩ ජනතාව බොරු පුචානම් වලට රැවටෙන නිසා වැඩක් නැහැ මේවා කියල (බ)
තව හේතු මොනවද තියෙන්නේ? ඉක්මනට කියල ඉවර කරන්න බැරිද?(බ)
තණ්හාය ජායතී සෝකෝ කියල අප බුදුරජාණන් වහන්සේ එකල දේශනා කර වදාළේ මෙවන් පුද්ගලයන් මතු මතුත් මේ ලෝ තලයේ බිහිවනබව උන්වහන්සේ දුරදක්නා නුවනින් පසක් කළ නිසාය. රාගයෙන් මත්වූ අයෙකුට තම වටපිටාව නොපෙනෙන්නාසේ බලයෙන් තණ්හාවෙන් මත්වූ මහින්ද මහතා අද කරන කියන කිසිදු දෙයක් ඔහුට වැටහෙන්නේ නැතිය .මිනිසෙකුගේ උගත්කම යනු උපාධි සහතිකය හෝ වෙනත් කඩදාසි කොළ නොවේ තමන් ජීවත් වන වටපිටාවේ තමන්ගේ අාත්මගරුත්වය රැකගෙන ගුණ ගරුක පුද්ගලයෙන් මෙන්ම නීති ගරුක පුත්ගලයෙක් ලෙස ජීවත් වීමයි මුදල් හා බලය විනාශ වීමට ගත වන්නේ නිමේෂයකි (බ)
විසි වතාවක් පැරදුන කෙනෙකුට මහජනතාවගේ ඡන්දයකින් තොරව අගමැති වෙලා ඉන්න ලජ්ජා නැත්නම් එක වතාවක් පැරදුන කෙනාගේ ලැජ්ජාව ගැන වැඩිය හිතන්න එපා (බ)
පවුසිව මම දන්නේ කිරිබොන කාලේ ඉදල මෙදාපාර මැද කොළඹ අපේ මනාපේ අර දේශපාලනේ අනාථ වෙලා ඉන්න වීරයාට (බ)
යහපාල මහානාම අදහස් තවම නැහැ කඩේ ගිහින් අාවේ නැතිද තවම මහින්ද දිනවන මීලග රැලියේ මේ දෙදෙනා සංවිධායක (බ)
අැමතිතුමා පුතාව බේර ගන්න ඹය පැත්තට පැනල දැං නයි නැටෙව්වට කරපුව ගෙවන්නම වෙනව (බ)
වසන මහතා , අපහාස හෝ උපහාස නැතිව ඔබගේ අදහස පල කළා නම් වඩා උසස් නේද ? ඔබතුමා මගේ අදහස් බැලුවා නම් මම කවදාවත් කාටවත් අපහාස කරලා නැහැ , ඒ වගේම ඔය කඩේ යනවා වගේ බාල ප්‍රකාශ කරන්නෙතේ නැහැ ලියන්නෙත් නැහැ .මහින්දට දේශපාලනය ඕනෙද , නැද්ද කියන එක මට වැදගත් නැහැ , නමුත් රට ට නම් මහින්දව ඕනේ කියන එක නොතේරෙන්නේ පෙර පාසල් යන මට්ටමේ ඉන්න කට්ටියට හෝ තම පක්ෂය තම ආගම ලෙස සලකන , හා එහි නායක ආගම් කර්තෘ ලෙස සලකන වෛරයෙන් බලන උදවිය ට පමණි . මහින්ද හොද නැතිනම් චන්දෙන් පරාජය කරන්න , මේ ආණ්ඩුව හා ජනාධිපති තුමා වෙනුවෙන් ඔබලා අවංකව අදහස් දාන බව පැහැදිලියි . නමුත් ඔබලාගේ අවංක බාවය මේ දේශපාලකයන්ගේ නැති බව ඔබලාට නොවැටහෙන්නේ මන්දැයි මට නොවැටහේ . මා අදහස් ලියන්නේ මා මේ රට ට ණයයි , මා උත්සහ කරන්නේ ඒ ණයෙන් බිදක් හෝ ගෙවීමට මිසක් කාටවත් පහර ගැසීමට හෝ උපහාස කිරීමට නොවේ (බ)
මේ එක සැරයක් කුමන්ත්‍රණයකින් පරාද වුන මහින්ද ගැන මෙහෙම ද්වේශයෙන් කතා කරන්නේ නේ නම් , 27 පාරක් ජනතා ඡන්දෙන් පාරාජය වී ව්‍යවස්ථාවට මුවා වී නායකකම රැක ගත්ත රනිල් වික්‍රමසිංහ මහතා ගැන මොකද කියන්නේ ? මතකද එතුමා එපා කියලා සිරිකොතට ගල් ගැහුවා , මාතර දී පෙළපාලියට කුරුදු පොලුවලින් ගැහුවා . මේ උදවිය අද කතා කරන්නේ මහින්ද පරාජය වුන එක , මහින්දව පරාජය කළේ මේ ලියන ඔබලා නොවේ , ඇමෙරිකාව , ඉන්දියාව , යුරෝපය යන රට වල ඩයස්පෝරාව හා එක්වී . අන්න එ්ක තේරුම් ගන්න .ඔබලා අවංක වෙන්න පුළුවන් එක්සත් ජාතික පාක්ෂිකයන් වෙන්න පුළුවන් , නමුත් ඔබලාද දැන හෝ නොදැන ජාත්‍යන්තර කුමන්ත්‍රණයක කොටස් කාරයෝ බව ඔබලාට තේරෙන කොට මේ රට ට වෙන්න ඕනේ දේවල් වෙලා ඉවරයි . කැල්ක්‍යුලේටරයක් අතට අරගෙන මැතිවරණ නිල වෙබ් අඩවියේ ඡන්ද ප්‍රතිපල හොදින් විග්‍රහ කර බලන්න පාට කන්නාඩි නොදමා . මෛත්‍රීට ඔබලාගේ දායකත්වය ලක්ස 50 යි උපරිම , මහින්දට ලක්ෂ 56 යි අවම . මේ පිළිබඳව කතා කිරීමට ඕනෙම කෙනෙක් සමග ඕනෙම තැනකට එන්න මා සුදානම් , පිට රට සිටින උදවිය සමග ස්කයිප් තාක්ෂණය හරහා සංවාද කිරීමට මා සුදානම් , මේ ප්‍රයත්නය කිසිවක් ලබා ගන්න හෝ කිසිවකුට අවමාන හෝ උපාහාස කිරීමට නොවේ මා ලබා ගත් ජාතික ණයෙන් බිදක් හෝ ගෙවිමටයි පියවීමට යි (බ)
පෙනෙන්ට තියෙන විදියට මෙයා මෛත්‍රිට නෙවෙයි එයාගේ රියදුරාටත් දණ ගහල වඳින්න එකග වෙනවා. ෂුවර් (බ)
තමන්ට ලජ්ජා නැද්ද එජාප නායකයා ළග ඇමතිකම් කරන එක අවුරුදු 9,10 එකට ඉදල දැන් කපනවා (බ)
තම්බි හැරෙනේ මොකටද කියල තොපියෙන් තේරෙනවා කියන්නේ ඕවට තමා. මුන් ඔක්කම කම්බා හොරු .(බ)
ලජ්ජා ඇති නැති කව්රුන්ද කියන එක දේසපාලුවන්ට වඩා ජනතාව දැන් හොදින් දන්නවා (බ)
මෙයාගේ ජාතියට රටින් කොටසක් දෙන්න දඟලන්නේ (බ)
කෙල්ලෝ දෙන්නට ( නදීකටයි , පත්මිණිටයි ) නම් තේරිලා තියෙනවා. එ්කත් ඇති කාලේ හැටියට, උන්ටනේ තේරෙන්නේ උන්ගේ ලමයින්ට රටක් ඕනේ කියලා.(බ)
අගමැති බලතල වැඩියිනේ දැන් ලජ්ජා වෙන්නේ මොකටද. මහින්ද රාජපක්ෂ අගමැති වෙනවා ඒකාන්තයෙන්ම. (බ)
ජනතාව විසානි ජන්දයකින් ගෙදර යැවු ප්‍රථම ජනාධිපති. ලජ්ජා නැත ලජ්ජා ඇති අය මෙසේ නොකරයි. (බ)
මොන ලැජ්ජද මල්ලි (බ)
කුරුල්ලෝ පඹයට බය වුනාට ,ගමරාල පඹයාට බය නැහැනේ ඉස්සෙල්ලා කුඹුර බේර ගන්න ඕනනේ ...(බ)
මෛත්‍රී මහතා මහින්දව අගමැති කියල නම් කරන්න අකමැතිලු. එයා රටේ ජනතාවගේ ප්‍රජාත්‍රන්තවාදය ආරක්ෂා කරනවා කියලා අපට ඕනි මිනිහාට පාර හරස් කරනවා. මහින්දව ඉල්ලන්නේ රටේ ජනතාව. මහින්ද මැතිතුමාට ජන්දයට එන්න කිසිම අවශ්‍ය තාවයක් නැහැ.(බ)
2014 ජුනි 15 වැනි දින අලුත්ගම නගරයේ බොදු බල සේනාව පැවැත්වූ රැස්වීම මහින්ද නැවැත්තුවා නම් අදත් ජනපති මහින්දයි. (බ)
විසි පාරක් පැරදුනේ නිකම් නොවෙයි කොටස් කොටස් ඡන්ද තියල, මිනිස්සු බය කරලා, හොර ඡන්ද දාලා, මිනිස්සුන්ට ජරාව දීල, අරලිය ගහ මන්දිරේ දන්සල් දීල දිනපුවනේ ඔය. මිනිස්සු කෙලින් හිටපු පළවැනි වරම ජරාව ගාගෙන පැරදුනානේ? (බ)
..තමන්ගේ පක්ෂයේ පැවැත්ම වෙනුවෙන් දියුණුව වෙනුවෙන් ජයග්‍රහණය වෙනුවෙන් පාක්ෂිකයින්ගේ බලාපොරොත්තු වෙනුවෙන් කැපවීමක් නොකරන කෙනෙක් පක්ෂයේ සභාපති වීම කනගාටුයි (බ)
තේමිය, පවුසි යු අැන් පි එකෙන් කොළඹ නගරාධිපති වෙලා හිටියා කියලා දන්නේ නැත්ද ? උක්කු බණ්ඩා,මහින්ද ඉල්ලනවා කියන්නේ මොන ජනමතයෙන්ද ? (බ)
ඒක ගැන එච්චර ඔබතුමා හිතන්න එපා. මහින්ද සර් කියන්නේ සිරිසේන කියන පුද්ගලයට නෙමේ. තනතුරට. අනෙක ඔබ තුමාල දන්නවා එතුමා අගමැති වෙනවා ෂුවර් එකටම කියල. නැත්නම් සර් ප්‍රශ්නේ එන්නේ නැහැනේ. (බ)
අපේ රටේ නැති වුනාට ලෝකයේ රට වල නම් ජනපති අගමැති වෙලා නැවත ජනපති වෙලා තියනවා.උදා:රුසියාව. අනෙක අපේ රටේ කියූ පරිදි විධායක අහෝසි කරන්නේනම් බලවත් වන්නේ අගමැති. (බ)
අනේ මෙහෙම තණ්හාවක් අපොයි මෙහෙම ආසාවක් මිනිහට ලැබෙයිද මින් සැනසීමක් ?(බ)
දේශපාලනේට මොන ලැජ්ජද ...... බලය ලැබෙනවානම් ඕනෑම ලැජ්ජ නැති දෙයක් කරාවී මේගොල්ලෝ..(බ)
ඇමැති පට්ටම නැතිවෙයි කියලා ඔච්චරම පල්ලෙහාට වැටෙන්න එපා පවුසි මහත්තයෝ. මුලින්ම හිතල බලන්න ඔය කතා කරන්නේ ඔබතුමාමද කියලා, මහින්දව ඉල්ලන්නේ අපි, (බ)
ඔහු පැරදුනේ උතුරේ ජනතාව ඔය මොනවා දුන්නත් තමුන්ගේ අරමුණ කරායමින් නොනමනශීලි ප්‍රතිපත්තිය නිසාත් , දකුණේ සිංහලයන්ගේ නම්‍යශීලි ගතිය නිසාත් ,තරහව අමතක කිරීමත් ,එකමුතු ගතිය නොතැබීමත් නිසා . සිංහලුන් ජාති වාදී නොවන නිසා ඔහු පැරදුනා. (බ)
රටම ගිලින්න බලන් ඉන්න තොප්පි කාරයෝ කියන ඒවා දැක්කම හිනා යනවා! (බ)
විලි ලැජ්ජාව ගැන දන්නේ විලි ලැජ්ජාව තියෙන අයටනේ ෆවුසි මැතිතුමා. එ්ක නැති කට්ටිය ඒ ගැන දන්නේ නැහැනේ. (බ)
උක්කු බණ්ඩා: රටේ ජනතාව මහින්දව ඉල්ලන හින්ද ද ඡන්ද නොදුන්නේ ? (බ)
මහත්තයෝ ඔය ලජ්ජා නැතිව එක එක ඇමතිකන් ගත්ත වගේ මහින්දට පුළුවන් අගමැති වෙන්න.මොකද ලජ්ජා තියන අය කවදාවත් ඡන්දෙ ඉල්ලන්නේ නෑ. කවුද පාර්ලිමේන්තු ගියේ ලජ්ජා තියන එකෙක්. සේරම මහින්දට කඩේ ගිය අය නේද.මහින්දට මෛත්‍රී එනකොට නැගිට්ටට මොකෙන්ද බාල වෙන්නේ.(බ)
පුතාව බේරගන්න නම් තව ඔයිට වඩා දේවල් කියන්න වෙනවා ෆව්සි මහත්තයෝ. අපි නොදන්නවාද ඔයාගේ හැටි..(බ)
අපේ මෝඩ සිංහලයන්ට නොතේරෙන දේ තේරෙන භාෂාවෙන් පහදා දුන් නදීකා ඔයාට තුති (බ)
කිහිප වතාවක් පැරදුන කෙනෙකුට මහජනතාවගේ ඡන්දයකින් තොරව අගමැති වෙලා ඉන්න ලජ්ජා නැත්නම් එක වතාවක් පැරදුන කෙනාගේ ලැජ්ජාව ගැන වැඩිය හිතන්න එපා (බ)
කතාව 100% ඇත්ත, පලවෙනි පාරෙන් මාට්ටු වුනේ උදුම්මවා ගත් රාජ මානසිකත්වයයි, දෙවෙනි පාර මට්ටු වෙන්නේ වටේ ඉන්න කේවට්ටයෝ පනික්කි රාලලගේ ගොන් උපදෙස් නිසයි, මහින්දව ඕන කියා කියා නහයෙන් අඩාගෙන යන්නේ මන්දිරේ දන්කුඩ කාපු හොරු රැලයි, මේකට උන්නැහේ අායෙත් රැවටුනොත් මේ රටේ බිහිවූ මෝඩම ජනාධිපති ඔහුයි (බ)
අඩුම ජිවිත පරිත්‍යායගයකින් රටම නිදහස් කර ගන්න ලැබුනේ අනාගත දරු පරම්පරාවේ වාසනාවටයි. (බ)
රාජපක්ෂවරු රටට කරලා තිබෙන විනාසය තේරුම් ගන්නත් තව අවරුදු 10-15 යක් යාවි. රට ගොඩ ගන්න තව අවරුදු 100 කටවත් බැහැ. (බ)
ඔය ලජ්ජා නැති කතා .අනම් මනම් කියල මහින්ද එන එකට බයයි. එ්කයි ඔහොම කියන්නේ.(බ)
චන්ද්‍රිකා නෝනා දෙපාරක් ජනාධිපති වෙලා ඉදල ගෙදර ගියේ වැදගත් විදිහටයි. රාජපක්ෂලා ගෙදර ගියේ ජනතාව කුණු කුඩේට ඇදල දැම්මට පස්සෙයි. ලැජ්ජාවක් කියල දෙයක් ඇත්තෙම නැහැ.කතාවක් තියෙනවනේ කපටියන්ට ලැජ්ජාවක් නැහැ කියල. අපේ ලංකාවේ ඉන්න බත් කන හරක් ඉන්නකම් කපටියන්ට රජ මගුල් තමයි.(බ)
රුසියාවේ පුටිනුත් ජනාධිපතිවෙලා අගමැති වුණා,නැවතත් ජනාධිපති වුනා. රනිල් අගමැතිවෙලා පසුව ගාමිණි විපක්ෂනායක වුනාම ඔහු සාමාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් ලෙස මාස 6 හිටියා.ඒ වගේම දෙවරක් ජනාධිපති තනතුරට තරගකරලා ජනතාව ඔහුව ප්‍රතික්ෂේප කළා. ඔහු නායකත්වයෙන් තරග කළ මහා මැ තිවරණ 3 ජනතාව ප්‍රතිෂේප කළා.(බ)
මෙහෙම කෙනෙක් නැවත බලයට ගෙනත් කෙලව ගන්නද හදන්නේ?මොලයක් කියල දෙයක් තියෙනවනම් හිතපල්ලා මිනිසුනේ...(බ)
විරාජ්.රජගෙදර කටු කාපු සමාජවාදියත් අද වෙනකොට රුපියල් කෝටි 2000 ක් වත්කමකට හිමිකම් කියනවා.රජගෙදර හිටිය රජ පවුල රුපියල් කෝටි වලින් ලක්ස 120 කට හිමිකම් කියනවා.ඒ කියන්නේ ලෝකයේ සිටින ධනකුවේරයන් අතරත් ඉදිරියෙන්ම විරාජ මානව ඉන්නවා.දැන් නැවත බලයට එන්න හදන්නේ ඒ ධනස්කන්දය රැක ගැනීම වෙනුවෙනුයි.(බ)
රාජපක්ෂවරු රටට කරලා තිබෙන විනාශයේ තරම නොදන්නා කෙනෙක් ඉන්නවද? (බ)
පව්සි තුමෝ මහින්දට විලිලජ්ජ නැත්ද කියල අහන්න ඉස්සරවෙලා ගිහින් අහන්නකො 29 වතාවක් පැරදිලා, ජනවරමකුත් නැතුව බලෙන් අගමැති වෙලා ඉන්න රනිල්ට මොන ලැජ්ජාවද නැත්තේ කියල? (බ)
අනේ පව්සි මහින්ද මහත්තය හිටියේ නැත්නම් ප්‍රබාකරන්ගේ මස් කට්ටක් වෙන්න තිබුන උබලට මුල මතක නෑ (බ)
අනේ දැන් කතා ඇති! (නි)
බිමල් මහතා මා වැරදි නම් මා නිවැරදි කරන්න . මා කතා කරන්නේ මහින්ද ඕනේ කියලා හෝ මෛත්‍රී එපා කියලා නොවේ , ජිවිත පුජාවෙන් ලබා ගත් නිදහස හා බේරා ගත් රට රැක දෙන්න කියලා , රට අනතුරකට මුණ පාන්නේ නැති බව ඔබතුමා කියනවා නම් මට ඔබ හා කිසිම වාදයක් නැත (බ)
මහානාම කඳාන මහත්තයෝ, කඳාන පැත්තෙන් කෙනෙක් හොයාගන්න බැරිද ඔබගේ ඔය වාදකරන වැඩේට? (නි)
මධූ ඔබ , මොනවද මේ කතා කරන්නේ?? ප්‍රශ්නය පමණක් කතා කරමු. ඔබතුමිය ඉන්නේ ඩුබායි රටේ නේද??(බ)
කතාව ඇත්ත. එ්ත් ඇමැතිතුමා ඔය වෙනස් වුනේ කොහොමද..? ඕකද අපේ රටේ දේශපාලනය. අනේ මන්ද.(බ)
නදීකා, ඔබට ගොඩක් ස්තුති අපේ මෝඩ මිනිසුන්ට මෙය පහදාදීම ගැන. (බ)
විරාජ් ඔබේ කතාව හරියටම හරි (බ)
මහින්දව අගමැති කරවන්න මේ රටේ ජනතාව ඡන්දය ලබා දෙනවානම් එයින් ඔප්පු වන්නේ මේ රටේ සදාදරණීය නායකයා මහින්ද බවයි.එය උරගා බලන්න මේ රටේ ඔහුට ආදරය කරන ඔහුව නැවතත් දේශපාලනයේ ඉන්නව දකින්න කැමති ජනතාවට අවශ්‍ය නම් ලජ්ජා වෙන්න වෙන්නේ මේ වගේ කතා කියනවුන්ට බව මතක තබා ගත යුතුයි (බ)
ලැජ්ජාව ක් ගැන කතා කරන අයට මතක් කර දෙන්න වෙනවා ගෙරිහමක් එලා ගන්න ඉඩක් ඉල්ලගෙන ඒ ගෙරිහම තීරු වලට ඉරල එකට ගැට ගහල විශාල ප්‍රදේශයක් වටකරලා පෙන්නලා ඒ මුළු ප්‍රමාණයම ඉල්ලා සිහලේ රජු මුලාකරන විට ඔය ලැජ්ජාව කොහෙද තිබුනේ පවුසි (බ)
අනේ, මහින්ද මහත්තයා අවොතින් එහෙම රට කෑලි කඩාගෙන ඉවරයිනේ.. (බ)
‘ජනපති වෙලා ඉඳලා අගමැති වෙන්න විලි ලැජ්ජයි‘ - ෆවුසි.ඒ ෆවුසිට නේ !! ඔය වලවූකාරයන් "විලි ලැජ්ජාව" තියා "ලැජ්ජාව" කියන්නේ මොකද්ද කියල දන්නේ නැහැ. නැත්නම් රට වටේ "යදිමින්" යන්නේ, පහුගිය අවුරුදු කිහිපය තුල එයාම කරපු දේවල් අමතක කරන්නද? නැත්නම් එයාටම ඒ පව් අමතක වෙච්ච නිසාද ?(බ)
"මම එදත් කිව්වා මේ වගේ අපරාධ කරන්න එපා කියලා. නමුත් හලාවත ඇන්ටනිව මැරුවා. රතුපස්‌වල මැරුවා. මරලා ආයතනය අයින් කර ගත්තා. අර්ථසාධකයත් මංකොල්ල කන්න හිතුවෙ නැත්නම් මගේ දරුවා අදත් ජීවතුන් අතර".-හොෂන් චානක තරුණ දරුවාගේ අම්ම කියන කතාව.හැම ප්‍රශ්නයක්ම විසදුවේ වෙඩි තියල.එහෙව් ඒකාධිපතියෙක් නැවත බලයට ගෙන්න නම් ඉඩ තියන්න එපා.(බ)
මිනිමරුවෙක් වුනත් මිනීමරු ප්‍රභාකරන්ට වුනත් තිබුන ප්‍රතිපත්තියක් කියල දෙයක්.රාජපක්ෂලාට එහෙමවත් ප්‍රතිපත්තියක් කියල දෙයක් නැහැ.ලැජ්ජාවක් කියල දෙයක් ගෑවිලාවත් නැහැ. (බ)
එජාපෙට ඕන විදිහට නටන සිරිසේනට වඩා මහින්ද හොඳා. (බ)
මධු, ජාතියට කොටස දුන්නේ කාගේ කාලේද? (බ)
අපිට විලි ලජ්ජාවෙන් කමක් නෑ . ඕනේ සිංහල නායකයෙක්. මහින්ද මහත්තය එ්කට සුදුසුයි ... හොරකම් කළා කියල එතුමට මඩ ගහන්නේ බලවත් සිංහල නයකයාව පහත් කරගා දාන්න රනිල්ගේ මායම් හා පසුගිය කාලවල සිදුවීම් දිහා බලපුවම.... සිංහලය තමාගෙම රටේ මෝඩයෝ කරලා.... හොඳයි නැද්ද? (බ)
මහින්ද එපා කියන්නේ අපිට සුදු වෑන් වල යන්න බැරි නිසා.නැවත බලයට ආවොත් පාලි ගැනීම කොහෙන් පටන් ගනීද කියල හිතන්න.(කේ)
පරාද වෙච්ච ජනාදිපති කෙනෙකුට මෙච්චර බය මොකද මන්ද ? (බ)
උක්කුබණ්ඩා.රටේ ජනතාව එයා කුණුබක්කියට දාල ගොඩක් කල් (බ)
මෙයා නම් දේශපාලන වෛරසයක් කොහෙන් හරි රිංගන්නමයි බලන්නේ. හැබැයි දාල තියන වෛරස් ගාඩ් එක ෂුවර් නිසා කිසිම ගැටළුවක් හෝ ප්‍රශ්නයක් නැහැ.(බ)
පවුසි උන්නැහෙ ඔහෙලා තොප්පිය හැරෙන පැත්තට නටන උදවිය ,සිංහලය අය රවට රවට ආන් ෂරිය කියා කියා මල්ල පුරවගන්න ගන්න තමයි වැඩ , ලැජ්ජයි , ලැජ්ජයි , නදී ඔයා හරි (බ)
ලැජ්ජාවක් තියෙන කෙනෙක් නම් මේ විදියට හැසිරෙයිද බලන්නකෛා්. (ත)
ලජ්ජා නැතිකම මහමුදලි (ජනාධිපති ) කමටත් වඩා ලොකුයි නේද ? (ත)
රුසියාව අගමැති තව පාරක් ජනාධිපති ට තරඟ කළේ පැරදිලා නොවෙයි. (ත)
අරුණ මහතා , දැන් පඹයා කවුද ? ගමරාල කවුද ? කුරුල්ලෝ කවුද ?(බ)
දිලාන්, ඔබතුමා මැරිලා ඉපදුනාද? (නි)
ඔහෙලා වගේ නිවට චිත්ත රෙදි කාරයෝ ගැන හිතුවාමනම් පිරිමි වශයෙන් අපිට විලි ලැජ්ජයි පවුසි මහත්තයෝ..තමාගේ පක්ෂයට මෙතුවක් කෙනෙක් කල ලොකුම ද්‍රෝහිකම කරලා පක්ෂය සතු පාර්ලිමේන්තු බලය ජන්ම සතුරාට පුජා කරලා අදටත් ඒ සතුරා නලවල සනසල කලගුණ සලකන්න වෙර දරන, පක්ෂය වෙනුවෙන් කැපවීමක් ආදරයක් නැති සභාපති කෙනෙක් පුටුවේ වාඩි කරන් ලක්ෂ 58ක ඡන්ද ඒ දෙපතුල ළඟ පාවල දෙන්න හදන ඔහෙලව අපි ඉදිරි මැතිවරණයේදී දේශපාලන කුණු බක්කියට දාල කොලොන්නාවේ කුණු කන්දේ වලලලම දානවා අම්මප..(බ)
කිහිප වතාවක් පැරදුන කෙනෙකුට මහජනතාවගේ ඡන්දයකින් තොරව අගමැති වෙලා ඉන්න ලජ්ජා නැත්නම් එක වතාවක් පැරදුන කෙනාගේ ලැජ්ජාව ගැන වැඩිය හිතන්න එපා (බ)
මහ මාර්ග ඇමැති වෙලා ඉන්නකොට පරණ කෝච්චිවලට මොනාද කළේ (බ)
මට නම් මේ ඔක්කොමල ගැන දුකයි. මොකද මුන් ඔක්කොම දේශපාලනය කරන්නේ අපි වගේ දුප්පත් ජනතාව වෙනුවෙන්නේ. අනේ මගේ කට... මෙතන කොමෙන්ට්ස් දාපු 100 ක් ඉන්නවනම්, 99 ක් ම ජීවත් වෙන්නේ ඔය දේශපාලුවෝ නිසා නෙවෙයි. උන්ම හම්බකරගේනයි. මෙයාල එකෙකුටවත් අපි කඩේ යන්න ඕන නැහැ.(බ)