(අංජුල මහික වීරරත්න)
ආර්ථික ජයග්‍රහණ ලබාගත් පමණින් රටක සංවර්ධනය ළඟා කර ගත නොහැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහා භාණ්ඩාගාර නිලධාරීන් හමුවේ පැවසීය.
ආර්ථික ජයග්‍රහණ සමගම සමාජ සංවර්ධනය හා දේශපාලන සංස්කෘතිය යන කුළුණු ත්‍රිත්වයම එකවර ඉහළට එසවිය යුතුව ඇතැයි ජනාධිපතිවරයා කීය.
ජනපති සහ මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් අතර හමුව මුදල් අමාත්‍යාංශයේදී අද (04) පැවැත්විණි.
චීනය, කොරියාව සහ වියට්නාමය වැනි රටවල් විශාල ආර්ථික පරිවර්තනයක් සිදු කළේ පොදු ජනයා සමඟ එක්ව යුග කිහිපයක් පුරා නිරත වූ සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් ලෙස බවද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.
රටක් සංවර්ධනය කරා ගෙන යාමේ දී තනි පුද්ගලයන් වශයෙන් සියලුදෙනාට අනන්‍ය වූ සමාජ වගකීමක් පැවරී ඇති බවත්, ඉලක්ක ළඟා කරගත හැකි වන්නේ එය සාමුහික ප්‍රයත්නයක් බවට පත් කර ගැනීම තුළින් බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරු සහ මහ භාණ්ඩාගාරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ..
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ජනපති - මහා භාණ්ඩාගාර නිලධාරී හමුවක්
prasanna Wednesday, 04 June 2025 06:07 PM
මේයා හුදු සුරඟන කතා. රට දුවන්නේ රෝද හතරේම හුළන් බැහැපු වාහනයක් වගේ...
මාලිමාගැත්තා Wednesday, 04 June 2025 08:15 PM
බලනු මැන. මාලිමැ ගැති නොවන ගොබ්බයින්ට මේවා විහිළු සේ පෙනෙනු ඇත. මේ මාස කීපයට රට ගොඩදාපු දෑමේ හැටියට මොවුන් මහා භාණ්ඩාගාරයට උපදෙස් දීම ගැන එම ගොබ්බයින් වෙන කොහෙන්දෝ සිනාසෙනු ඇත. රජය සතු වාහන ටිකම විකුණා ගත් මුදල මදිදැයි මට නම් හිතේ. ටිකක් හිටපල්ලා. තව තවත් විකට ජවනිකා අපි නුඔලාට පෙන්වන්නෙමු.