මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිධූරයට පත්වීමෙන් පසු පුරප්පාඩුවූ පොළොන්නරු දිස්ත්‍රික් එජනිස මන්ත්‍රී ධූරය සඳහා නම් කර තිබූ ජයසිංහ බණ්ඩාර මහතා දිවුරුම් දීම සඳහා පාර්ලිමේන්තුවට අද නොපැමිණියේය.
පාර්ලිමේන්තුව පස්වරු 1ට ආරම්භවීමෙන් පසු කථානායක චමල් රාජපක්ෂ මහතාගේ නිවේදන යටතේ අභිනව මන්ත්‍රින්ගේ ප්‍රතිඥාව සඳහා ඇරයුම් කළද එම මන්ත්‍රීවරයා පැමිණ නොසිටියේය.
අද පස්වරු 1.04 ට මෛත්‍රිපාල සිරිසේන ජනපති පාර්ලිමේන්තුවට පැමිණියේය. දෙපැත්තේම මන්ත්‍රීවරු ඔහු අත්පොලසන් දී පිළිගත්හ. ජනපති අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ ප්‍රකාශයට සවන් දුන්නේය. මිනිත්තු 10කින් පමණ ඒ ප්‍රකාශය අවසන් විය. ඉන්පසු මන්ත්‍රීවරුනට දෑත් එක්කොට ආචාරකොට පිටව ගියේය.
වෙනදා මෙන් ආරක්ෂකයන් සිය ගණනක් අද පැමිණියේ නැත. දියවන්නා ගුවන් ගැබේ ගුවන් හමුදා හෙලිකොප්ටර කැරකුණේද නැත. දියවන්නා ඔයේ සන්නද්ධ බෝට්ටු සංචාරය කළේද නැත. කැසිකිළි රථ ඇතුළු පරිවාර රිය පෙළද පැමිණියේ නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයයි වෙනස. එයයි නායකත්වය. ජය වේවා ලක් මාතාවට! (නි)
ඔබ වැනි උතුම් මිනිසුන් ලොව බිහිවන්නේ කලාතුරකිනි (නි)
බොහොම හොඳයි. අපිට වෙනදාට ගමනක් බිමනක් යන්න රාජකාරියට එළියට බහින්න ගියාම මඟ පැය ගණනක් රස්තියාදු වෙනවා. ප්‍රභූ ආරක්ෂකයන්, කාර්යාලයට යනෙන නැත්නම් වෙනත් වැඩකට පාරට බහින පොදුජනයා වන අප දෙස බලන්නේ ජාතික අපරාධකාරයන් දෙස බලනවා වගෙයි (නි)
හිටියත් ඉතින් නැහැ වගේ තමයි. බලමුකෝ දින 100 න් පස්සේ. උඩින ඔපේ, යටින් හපේ.
ඇත්තටම ආදර්ශයක් (නදී)
නියමයි ! (නදී)
ආරක්ෂාව ගැන බය වෙන්න තරම් හේතුවක් අපේ රටේ නෑ නේද දැන්? තිබුනත් ඒ මහින්ද මහත්තයට. මොකද යුද්දේ ඉවර කරේ මෛත්‍රී මහත්තය වුනානම් එතුමාටත් ඔය කියන ආරක්ෂාවක් ඕන වෙනවා නේද ? (අ)
අපේ රට සම්මා සම්බුදු රජාණන් වහන්සේ තෙවරක් වැඩි මහා පුණ්‍ය භූමියකි. අපේ ජනතාවද අතිශයින් වාසනාවන්තයින් වන්නේය. ශ්‍රී ලංකාද්වීපයට වරින් වර සිදුවූ ව්‍යසනයන්ගෙන් රට සහ ජනතාව බේරා ගැනීමට කලින් කලට රජවරුන්, වීරයින්,මහා සංගයා වහන්සේ බිහිවුයේය. ඔබතුමාද අපේ රට පත්ව ඇති ආර්ටික සහ සමාජමය ව්‍යසනයන්ගෙන් රට බේරා ගැනීමට බිහිවූ වත්මන් නායකයාය. යුග පුරුෂයාය. ඔබතුමාගේ උත්සාහය සාර්ථක වේවා! තෙරුවන් සරණ ලැබේවා! (නදී)
සුරේෂ් කැමති ඇති වෙනදා වගේ මග දෙපස මිනිස්සුන්ට ඉඩ දෙන්න කානු වලට බහින්න වෙන විදියට ආරක්ෂක රථ පෙළවල් එක්ක එහෙන් මෙහෙන් පාරවල් වහගෙන සද්දේ දාගෙන ආවා නම්. (නදී)
ඔබ රජෙක් නොවේ ජනතාව අතරින් මතු වූ සාමාන්‍ය පුද්ගලයෙකි. ඔබගේ ආරක්ෂාව ජනතාව බලාගනීවි. ඔබට දිගාසිරි (නදී)
ඔය වේගයෙන් යන්න පුළුවන් වුණේ කාට පින්සිදු වෙන්නද කියලා හිතලා බලන්න (නි)
ඩබ්ලිව් ජේ ප්‍රේමදාස , ඔබතුමා කරුණාකරලා බෝක්කුවක් වගේ කටක් තිබුනාට කල්පනාවෙන් කතා කරන්න. ඔය කියපු දේවල් වල බරපතල කම දන්නවාද ? විවිධ ජාතින්ගේ විශ්වාසය දිනා ගැනීමට හැකියාවක් නැති තැන ඕක තමයි මහා ලොකුවට කියන්න පුළුවන් එකම දේ. (නදී)
ප්‍රේමදාස, කරුණා පිල්ලෙයාන් , කේ පි දයා මාස්ටර් හිටියේ කාගේ ඔඩොක්කුවේද ? දැන් ඒ ගොල්ලන්ගේ ඡන්ද ටික ආවේ කාටද ? නිකම් මෝඩ දාස වගේ වගේ කියවන්න එපා. (නදී)
සමහරු කියනවා හිටියත් නැහැ වගේ කියලා. එහෙම කියන්නේ - ආරක්ෂකයන් ඉන්න නිසයි. අහිංසක මිනිස්සුන්ගේ සල්ලි, බොරු පුරාජේරු වැඩ වලට නොගන්න නිසා. එ්ක නිවට කමක් නෙමෙයෙි. එ්ක නිහතමානි බව නොවේද ? අනික දැන් මොන එල්.ටී.ටී.ඊ තර්ජනද? නියම බුද්ධාගම නම් පන බයේ ජිවත් වෙන්න ඕනෙත් නැහැනේ? මේ වගේ නායකයෙක් පහල උනේ රටේ වාසනාවට (නදී)
ප්‍රේමදාසට මතක නැතුව ඇති කලින් ආණ්ඩුවේ සමහර ඇමති තනතුරු සහ වරප්‍රසාද දැරුවේ කවුද කියලා. කටින්ද ඔය දේවල් කියන්නේ? (නි)
ඔය සැවොම හොඳ දෙයක් දැක්කම හොඳයි කියන්න පුරුදු වෙන්න. නිතරම වැරදි මානසිකත්වයෙන් බලන්නේ නැතුව. සැමට බුදු සරණින් ජය ශ්‍රී! (නි)
රට කන්නට නොව, කරවන්නට ජාතියේ පිනට පහල වූ නායකයාණනි! ඔබට සදා ජය ශක්තිය හා ධෛර්යය ලැබේවා, හැබැයි අර කලින් හොර නඩේගේ අයතා ලෙස ඉපයූ දේපල මුදල් කර එයින් ජනතා සහන සලසනු මැනව. ජනතාවට ඔවුන් කලදේ නොසඟවා පෙන්වනු මැනව, නැතිනං ඔබ තුමාටද ඔවුන් ගිය ආකාරයටම යාමට සිදුවනු ඇත. (අ)
යහම්පත්, එහෙමත් වෙලා රටේ ගසාකෑමත් සිද්ධවුණේ ඔයා ඔය කියන වේගයෙන්ම තමයි. (නි)
යහම්පත්, මම කළගුණ සළකන්නේ පින් දෙමින්. හැබැයි තුන්වෙනි පාර මම ඡන්දය දුන්නේ නැත්තේ කළ මෙහෙවරේ වටිනාකම පහත්වෙන විදියට රටේ පාලනය ගෙනගිය නිසා. අපි දුටුගැමුණු රජතුමාට හැමදාම ගරු කරන්නේ ඇයි කියලා හිතලා බලන්න. (නි)
කොළඹගේ ඔයාගේ අදහස හරියටම හරි. මහින්ද යුද්ධේ ඉවර කරපු නිසා හැමපැත්තෙන්ම තර්ජන තිබුණා. එත් මෛත්‍රීව පත්කරගත්තෙත් ඒ අය නිසා ඔහුට ඔහොම යන්න පුළුවන්. (අ)
මහින්ද - මෛත‍්‍රී පාලනය සමාන කරන්න එපා. (ර)
ඇයි මොකටද එච්චර ආරක්ෂාවක්. මෙයා ත්‍රස්තවාදීන්ගේ ඉල්ල්කයක් නෙමෙයිනේ. (නදී)
රටට ඕනි මෙවන් ආදර්ශමත් අයවලුන් පමනයි .ඔහුට සියලු ශ්‍රී ලාංකිකයන් ණයගැතියි . (අ)
අගය කල යුතු ආදර්ශවත් ක්‍රියාවක්. ඔබට සුබ පැතුම් ජනපතිදුනි.! (ර)
එතකොට ඇවිත් තියෙන්නේ පයින් ද? (නදී)
ඔය දින 100 ඉවර වුනහම අපි බලමුකෝ මොකද තත්වේ කියල නේ? (අ)
ආරක්ෂාව ඕනා ආරක්ෂා කල යුතු වීරයන්ට මිස පාවා දෙන්නන්ට නොවේය. (නදී)
අනේ මන්දා මේ මිනිස්සු?? නිකන් මෝඩ අදහස් දාන්න එපා. අපේ මිනිසුන්ට මතක නැහැ ජනාධිපතිට තියා අපිටවත් පාරක , බස් එකක යන්න බැරි කාලයක් තිබුණු බව. (නි)
කොළඹගේ හරි. මහින්ද මහත්තයා යුද්දේ ඉවරකලා, ඒ බයට ජීවිත තර්ජන නිසා ආරක්ෂාවත් තියාගත්තා. හරි දැන් ඒ ඔක්කොම ඉවරයි. මෛත්‍රී මහත්තයට ජීවිත තර්ජන නැහැ. එතුමාට වැඩි ආරක්ෂාවක් අනවශ්‍ය නිසා එතුමා ඒක අඩු කළා. ඒ එදා , මේ මෙදා. සමානව සමබරව හිතන්න. අන්තවාදී නොවන්න. (නදී)
ඔබතුමා අපිට ආඩම්බරයක් (නි)
එතකොට සමන්ත, කරුණාට , පිල්ලෙයාන්ට ආරක්ෂාවක් අවශ්‍ය වුනේ කාගේ තර්ජන තිබුන නිසා ද ? මේ අපේ ද ? (නදී)
හැමදාම ඔය විදිහට ඉන්න (නි)
ඇයි සමන්තට මතක නැද්ද මෛත්‍රීපාල මැතිතුමා කිහිප වතාවක් කොටි බෝම්බ වලින් ගැලවුන හැටි ? මට පේන්නේ ඔයා අභ්‍යවකාශයේ ඉඳල මෙතනට ලියන කෙනෙක්ද කොහෙද ? කියන දෙයක් ලංකාවේ ඉඳගෙන කිව්වා නම් නේද හොඳ ? (නදී)
ඉස්සරහට ඔය හැමදේම ඕනෑ වෙන්නත් පුළුවන්. (නි)
මම කොටුවේ අධි ආරක්ෂක කලාපයේ ආයතනයක රැකියාව කළ කෙනෙක්. ඇතැම් අවස්ථා වලදී උදේට රැකියාවට එන අපිව ආරක්ෂාවට කියලා පරික්ෂා කරන්න නිලධාරීන් යොදවා තිබුනා. ඇතැම් අවිනීත නිලධාරීන් ගැන කියන්න වචන නැහැ. (නි)
බොහොම අගෙයි. මුළු පළාතම දෙදරවන්නේ නැතුව පුරවැසියන්ට කරදරයක් නැතුව එන එකම ලොකු දෙයක්. (නි)
අපිටත් ඕනෑ මේ වගේ පාලනයක් තමයි (නි)
රට ගොඩනැඟීමේ පෙරළකුණු පහළ වී ඇත (නි)
කොහොමත් තමන්ගේ දැනුම මත තමා දෙයක් දකින්නේ (නි)
සංජය පසුගිය අවුරුදු 30 ලංකාවේ නෙවෙයිද හිටියේ ? මෛත්‍රී මැතිතුමා 5 වතාවක් බෝම්බ වලින් බේරුණ කෙනෙක්. හැබැයි ඔබ කියන විදියට පත් කරගත්තේ කරුණලා පිල්ලෙයාන්ල කේ පි ල නම් නෙවෙයි. ඒ ගොල්ලන් පත් කර ගත්ත කෙනා නෙවෙයිනේ දැන් ඉන්නේ. (නදී)
හොඳ වැඩක් !!! ඒත් අමතක කරන්න එපා මැති ඇමතිවරුන්ට, අගමැතිවරුන්ට හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීකෙනෙකුටවත් පාරේ බැහැලා යන්න බැරි කාලයක් තිබුනා කියලා? එහෙම තිබුන යුගය වෙනස්කළේ කවුද කියලා ඔක්කොම මතක තියාගනිමු. (නි)
මෙය අගය කළයුතු දෙයක්. නමුත් මහින්ද රාජපක්ෂ මහතාට තිබුණු මරණ තර්ජන වල ස්වභාවය අපි කවුරුත් තේරුම් ගතහොත් වඩා යහපත් කියලයි මගේ හැඟීම (නි)
රූපවති අක්කා හුඟ දවසකින්. කොහෙද අප්පේ ගිහින් හිටියේ? ඡන්දෙ කාලයේ මෙතන ඇතිවුණ රසවත් සංවාද බැලුවේ නැද්ද? (නි)
සංජය වගේ මිනිස්සු නිසා තමයි ලංකාවට වගතුවක් නැත්තේ. නටන්න බැරි මිනිහාට පොලව ඇදයි වගේ නොලැබුන ඡන්දෙට මුලාශ්‍ර සොයනවා. (නදී)
ඔබට ත්‍රිවිධ රත්නයේ පිහිට ලැබේවා! (නි)
අපේ උත්තමාචාර ඔබතුමාට. මෙයයි යහ පාලනය කියන්නේ (නදී)
මේ උදාවන්නේ අපි බලාපොරොත්තු වූ යුගයයි! (නි)
ආරක්ෂාව විතරක් නෙවෙයි යන එන කොට, මහජනයාගේ දුක් මහන්සියෙන් හම්බ කල බදු මුදල් ටිකත් බොරු සෝබන පිට ඔපේට වියදම් වෙන එකත් නවත්ත ගත්තා. ඕක කරන්න කොටි තර්ජන වල සම්බන්ධයක් ඕනද? (ර)
මොන ඇතැම්ද චාරු ? අපිව නම් දෙතුන් පලකින් හැමදාම පරීක්‍ෂා කළා. එ්ත් කමක් නැහැ ඒක ඉතින් රටේ ආරක්ෂාවට අවශ්‍ය දෙයක් කියල හිතල සහයෝගය දුන්නා. (නදී)
මෛත්රී මැතිතුමාට මමයි රජා කියල පෙන්වන්න උවමනාවක් නැහැ. (ර)
නිහතමානී, අවංක බොරු මවාපෑම් නැති සරල මනුස්සයෙක්. උත්තරීතර නායකයෙක්. අපේ රටට වාසනාවක්. තෙරුවන් සරණයි ඔබට ජනපතිතුමනි. දකුණේ යාචකයෙක් කියල තිබුන රාජපක්ෂවරු බිමින් ගියත් උඩින් ගියත් දුප්පත් යාචකයන් ඔවුන්ගේ දෑසට නොපෙනනෙන්න එලවල දානවලු. ඔවුන් යන එන මග ඉන්න අවසර නැතිලු. මොන තරම් පාපතර වැඩක්ද? ඇත්තට පොළොවේ පය තියල ජීවත්වෙන ජනපති කෙනෙක් දැන් ඉන්නවා (නදී)
ටිකක් හිතපල්ලා මිනිසුනේ. මේ නිදහස නිකම් ලැබුන එකක්ද කියලා. අද නිදහසේ හැම දෙයක්ම කරන්න හැකි වෙලා තියෙන්නේ කා නිසාද කියලා. පාසැල් වලින් මහින්දෝද කියන නමත් මකන්න හදන නරුමයොත් ඉන්නවා කියල හිතෙනවා. සිරිසේන ජනපති තුමත් මේ නිදහස ලබාගන්න මහන්සි උනා තමා. එ්ත් නායකත්වය දුන්නේ කව්ද අනේ (නදී)
ජයවේවා ! (නදී)
මහින්ද මහතා තමන්ගේ දේශපාලන අනාගතය දන්දීලා යුද්ධය දිනූ නිසා තමයි අද අපි ඔය විදියට ආරක්ෂාව නැතුව එන්නේ. හැමෝටම දවසක තේරුම්යයි එතුමාගේ අගය. සංවර්ධනය කරන ගමන් සියල්ල කරන්න ඕනෑ. (නි)
රූපවති අක්කා හුඟ කලකින්. කොහෙද ගිහිල්ලා හිටියේ ? සභාවේ පසුගිය කාලයේ රසවත් සිදුවීම් ඔක්කොම මග ඇරෙන්න ඇති. (නදී)
ආදර්ශය උතුම්ය.ඉදිරියටත් මෙවැනිම දේ ඔබෙන් රටේ ජනතාව බලාපොරොත්තු වනු ඇත.ඔබට ජය ජනාධිපතිතුමනි! (නි)
හැම දෙනාම හොද දෙයක් දැක්කම හොදයි කියන්න පුරුදු වෙන්න (දිල්)
මේ සිද්ධවෙන වෙනසට අපි හැමෝම කැමතියි. සුභ ගමනක් ....! (නි)
මෙතුමාට එතරම් ආරක්ෂාවක් අවශ්‍ය වෙන්නේ නැත්තේ යුද ජයග්‍රහණය වෙනුවෙන් හා එල්.ටී.ටී.ඊ එක වෙනුවෙන් මහා ලොකු එරෙහිවීමක් කිරීමට අවස්ථාවක් නොලද නිසායි. (නදී)
ඩබ්ලිව්.ජේ ප්‍රේමදාස ඔබ වැරදියි. එතකොට ජෙනරාල් ෆොන්සේකාට තර්ජන නැද්ද? කලින් ආණ්ඩුව ඔහුගේ ආරක්ෂාව අඩුකලා. ඔහු හිරගත කළා. හොඳ දෙයට හොඳයි කියන්න. වැරදි කරපු මිනිස්සු තමයි බය වෙන්නේ. මෛත්‍රී මැතිතුමා අවංකයි. ධම්මෝ හවේ රක්ඛති ධර්මචාරී. (නදී)
අපි හැමෝම මිනිස්සු කියලා අවබෝධයක් තියෙන්න ඕනෑ. (නි)
කතාවෙන් පමණක් නොව ක්‍රියාවෙන්ද යමක් කිරීමට උත්සාහ කරන ඔබතුමාගේ උත්සාහය අගය කරමි. එහෙත් ඔබතුමාට ප්‍රමාණවත් ආරක්ෂාවක් සළසාගන්නා මෙන්ද ඉල්ලමි.ඔබ ජාතියට අවැසි මිනිසෙකි.ඔබට ජයෙන් ජය! ඉදිරියටම යන්න ජනපතිතුමනි. (නි)
කෙසේවුවත් අගය කළයුතු ආදර්ශවත් ක්‍රියාවක්. (නි)
ඉතා සරල ගති පැවතුම් ඇති ජනපති කෙනෙක්.බොරුවට අකැමති නියම මහජන සේවකයෙක්.රටට දැයට ආදර්ශමත් නායකයෙක් (නි)
අන්න දුප්පතාගේ හිතවතා! නියම නායකත්වයක්. මෙතුමාට ඡන්දය දුන් මට හරි සතුටුයි (නි)
ජනාධිපතිතුමාට ආරක්ෂාව සළසන්න ඕනෑ. ඔහුව අපි ආරක්ෂා කරගත යුතුයි (නි)
හොඳ වැඩ අගය කළයුතුයි (නි)
රත්තරන් මනුස්සයෙක්. හැමදාමත් මේ වගේම කරගෙන යන්න. ඔබට සුබ පැතුම්. (නි)
ෂෙල්ටන් , බණ්ඩාරනායක නම පක්ෂ රැස්වීම් න්‍යාය පත්‍රයේ සිහිකිරීම් ආදියෙන් පවා මකන්න ඕන වුනේ කාටද ? මහජනයා වන අපිටද ? කාර්යාල වලින් ඒ දෙපලගේ පින්තූරත් ගැලවුනා. අහල නැද්ද දිට්ඨ ධම්ම වේදනීය කර්මය ගැන. අනුන්ගේ කීර්තිමත් ඉතිහාසය මකන්න යන අයට ඉතිහාසයේ ලැබෙන ඉඩ ඔබම තීරණය කරන්න. (නදී)
මෙවන් මහත්මා ගති ඇති ජනපති කෙනෙකු ලැබීම රටට වාසනාවක්. සැමට ආදර්ශයක්. අපිට ආඩම්බරයක්. (නදී)
රටේ ජනතාවගෙන් හොරාකන අය ජනතාවට බයයි. එහෙම හොරා කාල නැති අය ආරක්ෂාව ගැන උනන්දු වෙන්නේ නැහැ. (නදී)
කොහොම වෙතත් ආරක්ෂාව ගැන නම් සැළකිළිමත් වෙන්න ඕනෑ (නි)
බොහොම නිහතමානී ක්‍රියාවක්. අපේ රටේ කොච්චර බොරු වියදම් තිබිලද මෙහෙම බලද්දී? (නි)
මහින්ද මහත්තයා සමඟ බැලූවිට මෙතුමාට සතුරන් අඩුයි (නි)
අපේ රටේ ලාමක ටින් ටින් ලගේ කොමෙන්ට්ස් දැක්කහම පිස්සු හැදෙනවා. අපේ රටේ මිනිස්සූ තනිකර කෙලින්නේ පිස්සූ කියන එක ඇත්ත තමා. (නදී)
බලන්න කොච්චර හොඳද කියලා (නි)
මෙන්න මිනිස්සු ... ! රටට ආදර්ශයක්. අපේ රට අනිවාර්යයෙන්ම පුංචි සිංගප්පූරුව වෙයි ඉක්මනටම (නි)
සංජය කියන කෙනාගේ මොලය තියෙන්නේ කකුල් දෙකේ බව පේනවා. මොන අයද පත් කර ගත්තේ. ? නිකම් බය ගුල්ලෙක් වගේ ඒ අය මේ අය කියල කියන්නේ නැතිව කවුද මේ "අය " කියල කෙලින් කියන්න. කරුණා පිල්ලෙයාන් කේ පි ලාගේ කට්ටියද ? (නදී)
මෙම නිදහස ලැබුනේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ නිසාය. (නදී)
ජයවේවා, ආදර්ශමත් ජනපති. සුබ පැතුම්. ! (නදී)
චාරුලතා බොරු වපුරයි. (නදී)
මේකට තමයි "මහත්මා"ගතිය කියන්නේ. (නදී)
මේකට තමයි "මහත්මා"ගතිය කියන්නේ. (නදී)
මෙන්න වෙනස (නදී)
එතකොට අර සුදු පොඩි දුව එක්ක අස්සයා ගෝන් පදින්න යෝෂිත හෙලිකොප්ටෙර් එකේ නුවර එළියේ ගියේ නැද්ද? (නදී)
සැබෑ ජන නායකයෙක්. (නදී)
ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් සහ රැකවරණින් යහපාලනය ඉදිරියටම ගෙනයාමට ඔබතුමාට අවස්ථාව ලැබේවා!! (නි)
වියදම රුපියල් 500 ක් වගේ යන්න අැත්තේ (නදී)
නැතිවී ගිය රට අපට නැවත ලබා දෙන්න ඔබට දහිරිය ලැබේවා! රනිල් මහතාණනි ඔබ නියම මහත්මයෙක් බව ඔප්පු කර හමාරයි. අපි ඔබට ආචාර කරමු (නදී)
මෙන්න මිනිස්සු!! (නි)
මරණ තර්ජන නැති නම් ආරක්ෂාවක් මොකටද? (නදී)
අපිට ඔබ ගැන ආඩම්බරයි (නි)
සංජය, නොදන්නා දේ කතාකරන්න එපා. එතුමා 5 වතාවක් බෝම්බ වලින් අනුනවයෙන් බේරුනේ.නිහතමානී ජනාධිපතිවරයාට අපගේ ආචාරය! (නි)
ඔබතුමාගේ මෙම නිහතමානී ක්‍රියාව අප රටේ සිටින සමහර හිස් දේශපාලකයන්ට ආදර්ශයක් වේවා! (නි)
හොඳ ආදර්ශයක් ජනපතිඳුනි. එහෙත් ඔබ වටේ ඉන්න සමහරු ඔබව නළුවෙක් කරන්න බලයි .අහුවෙන්න එපා. ලංකාවට ජයවේවා! (නි)
නිහතමානීකමත් දීනකමක් ලෙස දකින හා අසත්පුරුෂයන් සිටින රටක ආරක්ෂාව ගැන මීට වඩා සැළකිළිමත් වන්නේ නම් මැනවි (නි)
ජනාධිපතිතුමා නිහතමානී සහ සරලබව අගය කරමින් දුන් අාදර්ශය පමණක් මදි. අනෙක් අැමතිවරු මන්ත්‍රීවරු තුළත් එය ප්‍රගුණ කළයුතු බවට බලකරන්න.ජය! (නි)
නිහතමානී නායකයෙක් රටට ලැබිලා. අපිට හරි සන්තෝෂයි (නි)
ඔය පරිවාර සේනා ආදිය ඔක්කොම මානසික ආබාධ... (නි)
හරිම ආඩම්බරයක් දැනෙනවා (නි)
අනේ මන්දා මේ රථ වර්ග නම්... (නි)
සරත් ෆොන්සේකා ප්‍රදාන රණවිරුවන් ඇතිකළ විප්ලවයේ ප්‍රතිපල දැන් බුක්ති විදින්න පුළුවන් (නදී)
ජයවේවා මහා හෙළ පුරුෂයාණෙනි! (නි)
හරි, ආරක්ෂාව රටේ නායකයාට පසුගිය කාලයේ අත්‍යාවශ්‍යයි කියමුකෝ. එතකොට ඔය යන යන තැන සංදර්ශන, සැරසිලි තොරන් කටවුට්, ප්‍රදර්ශන නැටුම් කණ්ඩායම් ආදී පමණ ඉක්ම වූ අධික වියදම් ආදියත් අත්‍යාවශ්‍යමද? සමහර දේවල් ඒ තැනටවත් සුදුසු දේවල් නෙවෙයි. අර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල හම්බන්තොටට ගන්න අනිවාරතේ කල වියදම ප්‍රසිද්ධ කලේ වත් නැහැ. මෙතන මේ කට්ටිය මෙච්චර සමහරුන්ට පැහැදිලි කරන්න හදන්නේ ඔන්න ඔය ටික. (නදී)
මෙවන් මහත්මා ගති ඇති ජනපති කෙනෙකු ලැබීම රටට වාසනාවක්! සැමට ආදර්ශයක්. අපිට ආඩම්බරයක්. (නි)
ජනතාව හැදෙන්නේ ආදර්ශයෙන් මිස අවවාදයෙන් නොවේ. මෙතෙක් අවවාද දුන් පාලකයන් නම් අපමණයි. පාලකයන් නීතිගරුක සහ විනයගරුක වූ තැන ජනතාවගෙන් අති බහුතරයක් එසේවීමට උත්සාහයක්වත් දරනවා. විනයගරුක නොවීම සංවර්ධන කරා යෑමට ඇති ලොකුම බාධකයක්. ඔබටත් රටටත් සුබ ගමන්. (නි)
ආදර්ශමත් ප්‍රුබුද්ද නායකත්වයක්. පිචන් වැඩ එතුමා ළඟ නෑ. පිචන් වැඩ දකින්න නැතුව සමහරුන්ට නිකන් කෑවේ නෑ වගේ මන් හිතන්නේ. දියුණු රටවල බොහොමයක් නායකයෝ මේ වගේ තමා. රටට නිදහස ලබා ගැනීමේ ගෞරවය මහින්ද මහත්තයට තියෙනවා. එත් ඒකට දිවිහිමියෙන් කැපවුණු ෆොන්සේකා මහත්තයාගේ නිදහස මරා දැම්මේ ඒ මහින්ද මහත්තයම තමා. මහින්ද ප්‍රබුද්ද නායකයෙක් නොවේ. ඔහු ගැලපෙන්නේ තමිල්නාඩුව වැනි නොපැසුණු දේශපාලන මත දරන ජනතාව සිටින රටකට. (බ)
මේවා බල බල අයෙත් වතාවක් එන්න උත්සහ කරන රජ්ජුරුවන්ට ඡන්දෙ දෙන්න අපේ ජනතාව උත්සහ කරනවානම් ඔවුන් දියවන්නා අැලට දාන්න ඕන (බ)
බොරුවට පුම්බගෙන ඉඳපු සහ ඉදිරියට ඉදිමෙන්න ඉන්න අයට මේක හොඳ ආදර්ශයක්. ජනරාල් සරත් ෆොන්සේකා මැතිතුමාට පින්සිද්දවෙන්න අද ශ්‍රී ලාංකිකයන්ට නිදහස අත්විඳින්න පුළුවන්. එහෙත් තත්වය මෙලෙස වුවත් පහුගිය කාලය තුළ සමහර හොර තක්කඩි දේශපාලුවන් බොරුවට ආරක්ෂක රථ 10 ක් විතර පිරිවරාගෙන අපේ (මහජනයාගේ) මුදල් නාස්ති කරපු ආකාරයට ඔවුන්ට පව් ගෙවන්න වෙයි (බ)
ජනාධිපති තුමා හරිම චාම්. ජනතාව විසින් ආරක්ෂා කරාවි එතුමාව. (නදී)
ජයවේවා ජනාධිපතිතුමනි! (නි)
මෛත්රී මැතිතුමාට ඔය විදියට එන්න පුලුවන් උනේ රටේ යුද්දෙ ඉවර කරල නිසා.යුද්දෙ ඉවර කළේ මහින්ද මැතිතුමා. ඒක නිසාම එතුමාට කොච්චර ජීවිත තර්ජනයක් තියනවද. මෛත්‍රී මැතිතුමාට එහෙම දෙයක් නැහැනෙ. (බ)
හොඳ ආදර්ශයක් (නි)
කොළඹගේ , එතකොට ඔය මහින්ද මහතා යන එන හැම ස්ථානයකම තිබුන සංදර්ශන, පිළිගැනීම්, නැටුම් කණ්ඩායම්, තොරන් රබන් ගැහිලි, වියදමේ පමණ ඉක්ම වූ උත්සව ආදියත් ආරක්ෂාවේම කොටසක්ද ? (නදී)
ඉතාමත්ම අගෙයි. රටටම ආදර්ශයක්. පරණ නාස්තිකාර බොරු සෝබන මින් හොඳට රටට පෙනෙනවා. ඔබතුමාට ජයවේවා! දිගාසිරි වේවා! (නි)
රටට හොඳ අනාගතයක්! (නි)
හිටපු ජනාධිපති යුද්ධය අවසන් කල බව අපි පිළිගත යුතුයි. ඒ හේතුව නිසාම අපි දෙවරක්ම ඔහු පත්කර ගත්තෙමු. තුන්වෙනි වරටත් පත්කරගන්න අපි මහන්සි ගත්තා. නමුත් වීජගණිත දෝෂයක් නිසා එසේ නොකළෙමු. මන්ද යුධ ජයග්‍රහනය = දූෂණය, නාස්තිය, පවුල් වාදය, මැර බලය, අවනීතිය, කුඩු සංස්කෘතිය හා පාතාලය. (නදී)
මෙතුමාට සතුරන් නැහැ. ඔබට ජය! (නි)
හැමදාම ඔය යුද්දේ දිනුවා කියන අයට මම කියන්නේ යුද ජයග්‍රහණයේ ප්‍රශංසා මහින්ද රාජපක්ෂ මහත්තයට විතරක් නෙමෙයි අපේ සියලු හමුදා බලකායවල්වලටත් යන්න ඕනේ. එ්ත් හැමෝම කියන්නේ යුද්දේ දිනන නායකයා කියලා. එ්ක ඇත්ත. ඒ උනාට එතුමා තනියම යුද්දේ කළේ නැහැනේ නේද ? යුද්දේ දිනපු නියම නායකයා ඉන්නේ මෛත්‍රී පිලේ. ඒ නිසා දැන්වත් ඔය යුද්දේ දින්නේ එක්කෙනෙක් කියන කතාව නවත්තලා දාමු. මගේ සමහර අදහස් මේකේ දාන්නේ නැහැ මොකද කියල දාන්නේ නැහැ. මේක වත් දාන්න (නදී)
මේ උදාවන්නේ අපි බලාපොරොත්තු වූ යුගය නොවේද? (නි)
නැතිවී ගිය රට අපට නැවත ලබා දෙන්න ඔබට දහිරිය ලැබේවා! රනිල් මහතාණනි ඔබ නියම මහත්මයෙක් බව ඔප්පු කර හමාරයි. අපි ඔබට ආචාර කරමු (නදී)
මෙය හොඳ ප්‍රවේශයක් (නි)
යුද්ධය ඉවර කලා කියන්නේ රටේ සම්පත් අසීමිත ලෙස නාස්ති කරමින්. නීතියේ ස්වාධිපත්‍යය නැති කරමින් ජනතාවට තමන්ගේ ජීවිතය තමන්ටම මහා බරක් ලෙස දැනීමට සැලැස්වීමෙන් (නදී)
කැසිකිළි රථ යනු මොනවාද? (නි)
මෙයයි සැබෑ වෙනස (නි)
ඔන්න ඔහොමයි වෙන්න ඕනා. බොරුවට සල්ලි නාස්ති කරලා සංදර්ශන නැතිව පොලවේ පය ගහල වැඩ කරන්න ඕනේ. මේකයි වෙනස. ජයවේවා (නදී)
රටක නායකයකු නිවටයකු නොවිය යුතුය (නදී)
කොළඹගේ, එතකොට හිටපු ජනාදිපතිතුමා යුද්දේ ඉවර කරන කලේ හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකාට තර්ජනයක් තිබුනේ නැද්ද ? (නදී)
දැන් ලංකාව ගැන ඉරිසියත් හිතෙනවා. ලංකාව මොනතරම් වාසනාවන්තද කියලා. මොනවා උනත් බලමු ඉස්සරහට මොකෝ වෙන්නේ කියලා. (නදී)
තාමත් අපේ රටේ මිනිස්සු හිතන්නේ මහින්ද රාජපක්ෂ තනියෙන් යුද්දයක් කලා කියලයි. වත්මන් ජනපති තුමාට තරම් කොටින්ගෙන් සෘජුවම බොම්බ ප්‍රෙහාර එල්ල උනු වෙන ජන නායකයෙක් නෑ. මගේ නම් අදහස වත්මන් ජනපති තුමාට මෙයිට වඩා ආරක්ෂාවක් උවමනා කරනවා. මොකද කොටින්ට හෑමදාම ඕන උනේ දමිල සහොදර ජනතාවට සිංහල ජන නායකයින් සමිප වෙන එක වලක්වන්න. ඒ නිසා වත්මන් ජනපති තුමාට අවදානමක් තියෙන බව අපි පිලිගන්න ඕනා. හිටපු ජනපතිට නම් කුමරන් පද්මනාදන් වත් හිටියා. (නදී)
මුළු රටටම ඔබ අාදර්ශයක් (නදී)
පත්තර වල දවසින් දවස දාන ප්‍රවෘති හොර කපු දේවල් එලියට එන එක ලැජ්ජයි තාමත් ගොන් හරක් ලංකාවේ ඉන්න එක ගැන (අ)
බොහොම හොඳ ආදර්ශයක් ජනපති දුන්නේ. (නි)
ඉතාම අගනා ක්‍රියාවක්. මේ විදියට සියලු දෙනා කළොත් රටේ දියුනුව ඉක්මන් වේවි (නදී)
අනාගතේ හොඳ වෙන්න අපි පතමු. (නදී)
ජයෙන් ජය ජනපති තුමනි (නදී)
රටට නායකයෙක් මිස රජෙක් අවශ්‍ය නැත. (නදී)
ඔබ මේ විදියටම ඉන්න. ඔබට ජනතාව ප්‍රිය කරාවි. නාස්තිය නැති කරන්න. (නදී)
අපට ඕන දේ (නදී)
සමහරකට ඇහේ කටු අනිනවා වගේ උනත් රටේ බොහෝ දෙනාගේ සිත් පහන් වී තියෙන බවයි පේන්නේ. සැමගේ සිතේ නිදහස, බිය සැක නැතිව ඉන්න පරිසරයක් මැවෙනවා. මෙය තමා වෙනස (නදී)
මම පෙරුම් පුරමින් දෑස, දෙසවන්, අයා බලාසිටින්නේ අපේ මේ පුංචි රටේ ආසාවට එකම එක ජනාධිපතිවරයෙක්, වැටුපක් නොලබා මහජනතාව වෙනුවෙන් කැපවෙන්නේ කවදාද කියායි. රොත්ත පිටින් අරහෙට පැනපු හැටියට අපිට මහ පොළවේ පස්වත් කන්න ඉතුරුවේද කියලා මට නම් සැකයි. (නි)
අපි මහින්ද පැත්තකින් තියමු. අනිත් ඇමතිවරු ගියෙත් පරිවාර නැතුවද ? නෑ, රටම දුෂිතයි රටේ නායකයා දුෂිතයෙක් වු කළ. (නදී)
ඔබට ජයවේවා! (නදී)
ආරක්ෂාව ගැන තව ටිකක් හිතමු නේද? (නි)
ඔබ විශිෂ්ටයි. ජය ශ්‍රී! (නි)
අන්න අළුත් දේශපාලන සංස්කෘතියක ඇරඹුම! (නි)
කව්රු අගය කළත් යම් දෙයක් උවහොත් සුභ පැතුම් පැත්තක. හැමදේම නුවනින් කළොත් හොඳයි (නදී)
ලංකාවට රජෙක් නෙමේ අවශ්‍ය වෙලා තිබ්බේ නායකයෙක්. ඇත්ත කියනවා නම් මම මෙච්චර කල් මගේ නමෙන් කමෙන්ට් එකක්වත් දාන්න බයේ හිටියේ (නදී)
ආදර්ශවත් සුබපැතුම්. (නදී)
එතකොට කොළඹගේ මොකද කියන්නේ යන යන තැන ගජරාමෙට උත්සව සංදර්ශන පවත්තමින් කල මහජන මුදල් නාස්තිය ගැන. ආරක්ෂාව අවශ්‍යයි කියන කාරණයට මම එකඟයි . නමුත් ඒ යන තැන් වල ඔය බොරු සෝබන පෙන්නුම් කිරිලි ඕනද ? (නදී)
ඇත්ත කතාව. මොකද මෙයාට එල්.ටී.ටී.ඊ කරදයක් නැහැනේ. ඒ අයගෙන්නේ ජනපති උනේ. ජාතිය ජනපති මහින්ද එ්ක හොදටම තේරෙනවා. (නදී)
මාලිගාව ඉදිර්පිට කාර් රේස් තිබ්බෙත් ඔය කියන ආරක්ෂාව තහවුරු කරගන්න වෙන්න ඇති මගේ හිතේ. ඒකට අභියෝග කරන්න කවුරුවත් නොහිටි එකෙන් බොහොම සුරක්ෂිතයි කියල වැටහෙන්න ඇති. (අ)
අධි මානයෙන් ඔලුව උදුම්මවා ගත් හැමටම ආදර්ශයට ගත යුතු චරිතයක්. (නදී)
ඔබට ත්‍රිවිධ රත්නයේ පිහිට ලැබේවා. (නදී)
සැබෑ නිහතමානී ඔබට සදා ජය! (නි)