ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාව අනුව පක්ෂයේ සභාපතිකම හිමි විය යුත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට බවත්, ඒ අනුව මධ්‍යම කාරක සභාවේ බහුතරය ඔහු ශ්‍රීලනිපයේ සභාපති ලෙස තෝරා පත් කර ගත් බවත් හිටපු ඇමැති විජිත් විජිතමුණි සොයිසා මහතා අද සවස මාධ්‍ය හමුවක දී කීවේය.
‘ශ්‍රීලනිපයේ සභාපති සහ ලේකම් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණා. අපි සභාපතිට සහයෝගය දුන්නා. මැතිවරණයෙන් ඔහු පරාජයට පත්වී ලේකම් ජයග්‍රහණය කළා. පක්ෂ ව්‍යවස්ථාව අනුව දැන් පක්ෂ සභාපතිත්වය හිමි විය යුත්තේ ජයග්‍රහණය කළ මෛත්‍රීපාල සිරිසේන මහතාටයි.
ඔහුගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කළ බව කිව්වත් එය නිසි ආකාරයට සිදුවී නැහැ. ඒ නිසා තවම පක්ෂයේ මහලේකම් ඔහුයි. ‘
පක්ෂයේ ලේකම් ලෙස දුමින්ද දිසානායක මහතාත්, සංවිධායක ලෙස ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාත් තෝරා පත් ගර ගත් බව එම මාධ්‍ය හමුවේ දී කියැවිණි.
හිටපු ඇමැතිවරුන් වන රෙජිනෝල්ඩ් කුරේ, ජනක බණ්ඩාර තෙන්නකෝන්, සරත් අමුණුගම ඇතුළු ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයෝ පිරිසක් ඊට එක්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වෙලාවේ ශ්‍රීලනිපය යහපත්දේට සහයදීම අපි අගය කරනවා (නි)
මේ දෙපිටකාටු ඇමති ඇමතිලා නව ආණ්ඩුවට හේත්තු වෙන්න ආවට...... මෛත්‍රීට ඕන ලෙසට එහෙම හම්බ වෙන්නේ නැහැ.හේතුව පොදු සම්මුතියක් අත්සන් කර තිබෙනවා මෛත්‍රී සමග රතන ,චම්පික ,රනිල් කණ්ඩායම මොනවද කරන්න ඕනේ කියලා...(අ)
තනතුරු (ඇමතිකම් ) වරප්‍රසාද නැතුව සහය දෙන අය යහපාලනයේ කොටස්කරුවන්ය. හැබැයි ඇමතිකම් වලට යන අය ගැන අපි ජනතාව බලාගෙන ඉන්නේ! අපි දෙන්නම්කෝ මනාප .. බලාගෙන ඉන්න (නි)
ගරු නව ජනධිපති තුමනි, අහම්බෙන්වත් ඔබ මේ අදහස් බැලුවොත් හොදින් තේරුම් ගන්න.පුළුවන් වේවි ගොඩක් දේවල් .ඒ නිසා බුද්ධිමත්ව තීරණ ගන්න (දිල්)
ඔය සභාපති කම ජනාධිපති තුමාට වැඩක් නැත , එතුමා නිර්පක්ෂිකව ඉන්න එක රටට හොඳ වන අතර අනෙකුත් පක්ෂ සමග එකට වැඩ කිරීමේදී පහසුවක් වේවි (අ)
කව්රු ජනපති කළත් වටේට ඉන්නේ හැමදාම ඉන්න කට්ටියනම් මොකද්ද ඇතිවෙන වෙනස මෙහෙන් ගියපු අය ගන්න හොද නැහැ දිනන පැත්තට කිට්ටු වෙන්න ලැජ්ජාවක් කියල දෙයක් නැද්ද..මෙහෙම විලි ලජ්ජා නැති මිනිස්සුද ඡන්දෙ ඉල්ලන්නේ. (බ)
නායකයා හොඳ කෙනෙක් වූ විට ගෝලයින්ද ඉබේම එසේම වේ (නි)
මෙහෙමත් කටවල් තියන මිනිස්සු ඉන්න රටකනේ අපි ඉන්නේ (බ)
මෙහෙම පැත්ත මාරුකරන අය අපි කොහොමද මහත්තයෝ විශ්වාස කරන්නේ? (නි)
එකමුතුව බලය වේ කියන කියමන ශ්‍රීලනීපයේ කට්ටිය දැනගත්තොත් හොඳයි. (ස)