ශ්‍රී   ලංකාවේ  නිති  පද්ධතියට  එකතු වු  අවාසනාවන්තම නිතිය බවට   පත්වුයේ   17 වන  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයයි. එහි  උපත  2001 වසරේදිය. උපතේදිම  එය  ආබාධිත  දරුවෙක්  විය. 2006 වසරේදි  මේ  ආබාධිත  දරුවා   සිහිසුන්  තත්වයට  පත්  වි   2010 දි  සදහටම  නෙත්   පියා  ගත්තේය.

මෙසේ  මිය ගිය  17 වන  සංශෝධන  නැමැති  දරුවා   19 වන ආණ්ඩුක්‍රම   ව්‍යවස්ථා   සංශෝධනය නමින්  පුනරුප්පත්තිය  ලැබීම  සඳහා   මේ  දිනවල  විලිරුදාවෙන් පෙලේ. මේ  දරුවා නිරෝගි   දරුවෙකු  ලෙස  බිහිකරගන්නට  දේශපාලකයන්  නැමැති  වෛද්‍යවරු  දැඩි  වෙහෙසක්  ගනිති. දරුවාග්  උපතට   දින ලබා   දි   ඇත්තේ   ලබන  සතියේය. දරුවා   නිරෝගි   ලෙස  බිහිවෙයිද? නැතහොත්   උපන්   ගෙයිම මියයයිද? මේවන විට  ශ්‍රී ලාංකික  දේශපාලනයේ   මතුවී   ඇත්තේ   එවැනි  අවිනිශ්චිත තත්වයකි.

කලින්  සම්මත වු   17 වන  සංශෝධනයට   මෙවන්   ඉරණමක්   අත්වුයේ   ඇයි? එය උපතෙන්  පසු   අබාධිත  තත්වයට  පත් වුයේ   මැතිවරණ  කොමිසම  නිසාය. මැතිවරණ කොමිසමට   ව්‍යවස්ථාදායක  මණ්ඩලය විසින්  නම් කල  හිටපු   ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු  වු  රංජිත්  ධීරරත්න  මහතාගේ    පත්වීම  එවකට   සිටි   ජනාධිපතිනිය විසින්   අනුමත නොකිරිම නිසාය. යම්   පත්විමක්   ජනාධිපතිවරයා  හෝ   ජනාධිපතිනිය විසින්   අනුමත  නොකළහොත්   එම  පත්වීම  බලාත්මක  කරන  නීතිමය   ප්‍රතිපාදන   17 වන ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාවේ  අඩංගු  නොවිය.  එම  හිඩැස  ප්‍රයෝජනයට  ගත්   ජනාධිපතිනිය කොමිසමට   නම් කරන ලද රංජිත්   ධිරරත්න  මහතා   එක්සත්   ජාතික  පක්ෂට   හිතවත්  පුදගලයෙක්   යයි පවසමින්   එම  පත්විම   අනුමත   නොකිරිම  නිසා   ස්වාධින  මැතිවරණ   කොමිසම  අක්‍රීයව  පැවතුනි.

2005 පැවැති   ජනාධිපතිවරණයෙන්  පසුව  මගින්ද  රාජපක්ෂ මහතා   ජනාධිපති   වුවද  ඔහුත්   එම  මැතිවරණ  කොමිසම  සක්‍රිය  නොකළේය.

එපමණක්  නොව  ජනාධිපතිනියගේ අනුමැතියෙන්   සක්‍රිය  ව තිබු  පොලිස්   කොමිසම  වැනි  ස්වාධින  ආයතන සහ අධිකරණ සේවා  කොමිසම  වැනි  ස්වාධින  ආයතන  වලට   සාමාජිකයින්ගේ   නිල ධුර   කාලය  2006 වසරේදි    අවසන්  වුවද  මහින්ද  රාජපක්ෂ  ජනාධිපතිවරයා   එම කොමිෂන්   වලට   සාමාජිකයින්   යලි   පත්   නොකිරිම  නිසා   17 වන  සංශෝධනය නැමැති   මෙම   දරුවා   සිහිසුන්  තත්වයට   පත්විය.

2006 වසරේ   සිට  රජය  එල්.ටී.ටී.ඊ. සමග  යුද්ධයේ   තිරණාත්මක කඩයිමට   පැමිණි   නිසා   කිසිවෙකුටත්   මෙම  17 වන  සංශෝධනය  යලි   බලාත්මක  කරන  ලෙස   හඩක්   නැගිමට   අවස්ථාවක්   නොමැති   විය.

2009 යුද්ධය  ජයගැනිමත් සමගම 2010 දි   පැවැත්වු   ජනාධිපතිවරණයෙන්   සහ  පාර්ලිමේන්තු   මැතිවරණයෙන්   මහින්ද  රාජපක්ෂ  මහතාට   යලි   බලය   හිමිවිය.

පාර්ලිමේන්තු මැතිවරණයේදි   2/3 කට   කිට්ටු  ආසන  සංඛ්‍යාවක්   හිමිවිම පසුව  විපක්ෂයේ  සිටි   මුස්ලිම්  කොංග්‍රසය  රජයට   සහාය   දිමත්    සමඟ ම පාර්ලිමේන්තුවේ   2/3 බලය  සකස්  කර  ගැනිමට   රාජපක්ෂ  ජනාධිපති වරයාට හැකිවිය.

මේ  2/3 බලය  උපයෝගි  කරගෙන  18 වන  ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථා   සංශෝධනය  පාර්ලිමේන්තුවෙන්   සම්මත  කර ගත්තේය.

එම  සංශෝධනය  අනුව 17 වන  සංශෝධනය  මුළුමනින්ම අහෝසි කොට  එම  කොමිසන්   සභා   වලට  සාමාජිකයින්   පත්කිරිමේ   බලය  ජනාධිපතිවරයා   වෙත  ලබා  ගැනිමත්  සමග  එතෙක්   සිහිසුන්  ව සිටි  17 වන  සංශෝධන  නැමැති  දරුවා  සදහටම  නෙත්  පියා  ගත්තේය.

18 වන සංශෝධනයේ   තවත්   පරමාර්ථයක්  වුයේ   78 ව්‍යවස්ථාවෙන්   ජනාධිපතිවරයාගේ   ධුරකාලය  දෙවරකට  පමණක්   සීමාවන  ලෙස  පනවා  තිබු   නිතිමය  ප්‍රතිපාදන  අහෝසි කිරිමයි.

17 වන  සංශෝධන  අහෝසි   කිරිමත්  ජනාධිපතිවරයාට   නැමැති   වාර   ගණනක්   ජනාධිපති  ධුරය දැරිමට   හැකිවන  ලෙසත්   සම්මත   කල  18 වන  සංශෝධනය  සමාජයේ  දැඩි ලෙස  කථාබහට  ලක්විය.

මේ  කතිකාවට  මුල පිරෙන්නේ නාග විහාරධිපති   පුජ්‍ය මාදුළුවාවේ   සෝභිත  හිමියන්   විසින්  පිහිටුවන ලැබු සාධාරණ  සමාජයක්   සදහා    වු   ව්‍යාපාරය   මගින්   මුලින්   එය  කුඩා   ජාලයක්   ලෙස  දිස් වුවද  2013 අවසාන  කාලය  වන විට  එය  දැවැන්ත  වෘක්ෂයක්   වන  ලකුණු   පහලවිම දක්නට   ලැබුණේ   විවිධ   සිවිල්   සංවිධාන   සමාජ   ක්‍රියා ධරයන්   ඒ  වටා   රොක්  විම  නිසාය.

මේ  වාක්ෂයේ   දැවැන්ත පිබිදිමට   හේතුවු   තවත්  කරුණු   කාරණා   රජයේ   පාර්ශවයෙන්ද  මේ  ව්‍යාපාරය  සදහා  අනියමින්   ලැබුණි.

ඒ  හිටපු   අගවිනිසුරු   ශිරාණි   බණ්ඩාරනායක  මහත්මිය  අගවිනිසුරු   ධුරයෙන්   ඉවත්  කිරිම  සදහා   ගෙන  ආ   දෝෂාභියෝජනාවක්  එය  රැ දවල්   නොබලා   කඩිමුඩියේ   පාර්ලිමේන්තුව  මගින්  සම්මත  කිරිමෙන්ය.

එයට   අමතරව රජයට  නොයෙක්  ආකාරයේ   උපදෙස්   ලබා  දෙමින්  රජයට   හිතවත්    සහ   සමිපව   සබදතා  පවත්වමින්  සිටි   මොහාන්  පිරිස්   මහතා    අගවිනිසුරු  ලෙස   පත්   කිරිම  තවත්   කරුණක්  විය.

මේ  සිදුවිමත්   සමග ම  එතෙක්    හුදකලා   සටන්   පාට  කියමින්  සිටි   විරුද්ධ  පක්ෂයට    අයත්   දේශපාලකයින්ද  සෝභිත  හිමියන්ගේ   ව්‍යාපාරය   වටා   කඩිනමින්   රොක්  විය.

මේ  එක්විමත්   සමග සාධාරණ  සමාජයක්   සදහා වු   ව්‍යාපාරය   ජනාධිපතිවරයාට   අපේක්ෂකයෙකු   ලෙස  ඉදිරිපත්   විය යුතුය යන   මතය  දක්වා   අති  දැවැන්ත   වර්ධනයක්  අත්සන්  කරගත්තේය.

2014 වසර   මැද භාගයේ  දි  ජනාධිපතිවරයෙක්   කැදවන   බවට   ලැබුණු  තොරතුරු   අනුව  මෙම  ව්‍යාපාරය   වඩාත්ම  ශක්තිමත්   විය.

මේ  ව්‍යාපාරයේ  ප්‍රධාන සේවාව  වුයේ  විධායක   ජනපති ක්‍රමය   අහෝසි   කර  දැමිය යුතුය යන්නයි. විධායක  ජනාධිපති ක්‍රමය   අහෝසි   කිරිමේ   කාර්යය  වෙනුවෙන්   විපක්ෂයේ   පොදු  අපේක්ෂකයා   ලෙස  මාදුළුවාවේ   සෝභිත  හිමියන්  ඉදිරිපත්   කළ යුතු  බවටද  ප්‍රබල  මතවාදයක්  ගොඩනැගි   තිබුණි.

මේ  වෙනුවෙන්   විවිධ   දේශපාලන   සාකච්ඡා ආරම්භ   කර  තිබුණු   අතර   පසුව  විධායක  ජනාධිපති   ක්‍රමය   අහෝසි   කිරිම   යන   ප්‍රධාන   තේමාව ඇතුලත් නඩුව අතට ගන්නේ  හිටපු   ජනාධිපතිනි  චන්ද්‍රිකා   බණ්ඩාරනායක  කුමාරතුංග   මහත්මියයි.

ඇය  එක්සත්   ජාතික  පක්ෂයේ   සමගත්  රජයේ   ඇයට  හිතවත්   ප්‍රබල  ඇමැතිවරුන්   සමගත්  අතිශය රහසිගත ලෙස  සන්නිවේදනය අරඹා   විධායක  ජනාධිපති   ක්‍රමයේ   නිර්මාතෘවරුන් වන  එක්සත්   ජාතික  පක්ෂත්  නව සටනට   පොළඹවා  ගත්තාය.

එක්සත්   ජාතික  පක්ෂයත් විධායක  ජනාධිපති  ක්‍රමය   අහෝසි   කිරිමේ   සටනට   කැමැත්ත  පලකල  අතර   සාධාරණ   සමාජයක්   සහා වු   ව්‍යාපාරයේ   මුලික   පරමාර්ථය  වුයේ   මෙම  කාරණය  ඉටු   කරගැනිම  සදහා   කාටත්   පිළිගත   හැකි    සැම  දෙනාම  එකඟවන  පොදු   අපේක්ෂකයෙකු   ඉදිරිපත්  කළ යුතුය යන්නය.

මේ   අතර   රජයේ   ප්‍රධාන  පාර්ශවකරුවෙකු   වු  ජාතික   හෙළ උරුමයේ   පාර්ලිමේන්තු මන්ත්‍රි   පුජ්‍ය  අතුරලියේ රතන හිමියන්ද  විධායක  ජනාධිපති  ධුරය සංශෝධනය කිරිම  ප්‍රධාන  කොටගත්   “පිවිතුරු හෙටක්” ව්‍යාපාරය නිර්මාණය කලේය.

පිවිතුරු   හෙටක්   ව්‍යාපාරය   මුලින්ම   විධායක  ජනාධිපති   ක්‍රමය  සංශෝධනය  කිරිම   පිළිබඳ යෝජනාව ඉදිරිපත්   කලේ    ජනාධිපති    මහින්ද   රාජපක්ෂ මහතාටය.

එයට   අනුකුලතාවයක්   නොදැක්වීම නිසා   ජාතික  හෙළ   උරුමය   රජයෙන්  ඉවත්  විය.

මේ  අතර    ජනතා    විමුක්ති    පෙරමුණත්   ඉතා   දැඩිව   සමාජය   වෙන  මුදා හල මතය   වුයේ   ඒකාධිපති   බලතල සහිත   මහින්ද   රාජපක්ෂ   සහ  ඔහුගේ   පවුල්   පාලනය  පලවා   හැරිය  යුතු   බවය.

ශ්‍රිලනිප මහලේකම්   සහ  මහින්ද රාජපක්ෂ   රජයේ    සෞඛ්‍ය    ඇමැති    මෛත්‍රිපාල  සිරිසේන  මහතා   තම  තනතුරු   වලින්  ඉවත්   වී   මහින්ද රාජපක්ෂ  ජනාධිපතිරයා  සමග  තරග කිරිම  සඳහා   පක්ෂයේ   පොදු   අපේක්ෂකයා  ලෙස  කල  එලි   බැස්සේය.

මෛත්‍රිපාල  සිරිසේන   මහතාගේ ආගමනය  පක්ෂයේ   ප්‍රධාන   දේශපාලන  පක්ෂය වු  එක්සත්   ජාතික පක්ෂය    විසින්   හෘදයාංගම   ලෙස   භාරගනු  ලැබු  අතර   ජනාධිපති    අපේක්ෂකයා    ලෙස  ඔහුට   සහාය   දිමට    එක්සත්   ජාතික  පක්ෂයද   ඒකමතිකව   තිරණය  කළේය.  

එතනින්   ආරම්භ  වු  රනිල්   මෛත්‍රි   සුසංයෝගය   හා  ජාතික  හෙළ  උරුමය   මුස්ලිම්   කොංග්‍රසය   සමස්ත ලංකා   මුස්ලිම්   කොංග්‍රසය   දෙමළ   ජාතික   සන්ධානය තවත්    විපක්ෂයේ    දේශපාලන   පක්ෂ   සිවිල්  සංවිධාන   සමාජ    ක්‍රියාධරයන්   වෘත්තිකයන්   විද්වතුන්   කලාකරුවන්   රොද   බැද  ගැනිමත් සමඟ   දැවැන්ත  බලවේගයක්   බවට  පත්විය.  එහි   ආයු ළුලය  වුයේ   වසර   10ත්   තිස්සේ   මෙරට  පාලනය  කල  සුවිශේෂි චරිතයක් වු  මහින්ද  රාජපක්ෂ  මහතා   බලයෙන්  පහවීමය.

තිස්  වසරක්   තිස්සේ   පැවැති   කුරිරු   යුද්ධය   යුද්ධයකින්   අවසන්    කිරිමට   නොහැකි    බවට   සමාජගත  වී තිබු  ප්‍රබල   මතයක්  මහින්ද  රාජපක්ෂ   මහතා    විසින්   සුණු  විසුණු   කර   දමා   යුද්ධය සාර්ථකව  නිම  කළේය.

යුද්ධය   හමාර   කිරිමෙන්   පසුව   මහින්ද  රාජපක්ෂ   පාලනය   ලෙහෙසියෙන්  පෙරලා    දමන්නට    නොහැකි    බවට   සමාජගගත   ව  තිබු   ප්‍රබල  මතය  රටේ    ජනතාව  විසින්   2015  ජනවාරි   8  දින   සුණු  විසුණු  කළේය.

මහජනයාගේ    මුලික   අභිප්‍රාය   ගොනු  වි  තිබුනේ    විධායක   ජනාධිපති   ක්‍රමය   අහෝසි    කර   පාර්ලිමේන්තුවට   රටේ    යහපාලනය   ඇති කොට  දුෂණයෙන්    තොර    රටක්   නිර්මාණය   කිරිමටය.

මෛත්‍රිපාල   ජනාධිපතිවරයා   මේ   කාරණය   ඉටුකර    ගැනිම  සඳහා   විවිධ  ක්‍රම උපායන්   අනුගමනය   කර  තිබේ.  ඉන්   පළමුවැන්න   වුයේ   ඔහුට   ශ්‍රි    ලංකා   නිදහස්    පක්ෂයෙත්  , එක්සත්   ජනතා   නිදහස්   සන්ධානයෙත්   බලය   හිමිකර  ගැනිමය.

මේ   බලය  හිමිවිමෙන්   පසු   පාර්ලිමේන්තුවේ   2/3 බලය  ඔහුට   හිමිවිය.   මේ   නිසා  දැන්   විධායක   ජනාධිපතිධුරය   සතු  අසිමිත  බලතල  ඉවත්   කිරිම   සහ   ස්වාධින   කොමිසන්   සභා   ස්ථාපිත  කිරිම  සඳහා  වු   19 වන   ආණ්ඩුක්‍රම   ව්‍යවස්ථා  සංශෝධනය   පාර්ලිමේන්තුව  වෙත  ඉදිරිපත්   කර   තිබේ.

මේ   ව්‍යවස්ථා    සංශෝධනය   පිළිබඳව  ශ්‍රී  ලංකා   නිදහස්   පක්ෂය   එකඟත්වය පල  කරන්නේ   කොන්දේසි   සහිතවය.

ව්‍යවස්ථා   සංශෝධනය සමඟ  සමානුපාතික මැතිවරණ  ක්‍රමය  වෙනුවට    කේවල   සමානුපාතික මිශ්‍ර  මැතිවරණ  ක්‍රමය  කරන්නේ   නම්  පමණක්   ව්‍යවස්ථා   සංශෝධනයට  2/3 බලය  ලබා   දෙන   බව  ප්‍රකාශ  කර   තිබේ.

මැතිවරණ  ක්‍රමය  සංශෝධනය කිරිමේ   යෝජනාව    සංකිර්ණ   ප්‍රශ්ණයකි. එය එකි    රැයකින්   නිමකල  නොහැකිය. අතින්  අතට   රජය   ජනාධීපතිවරණයේදි   ජනතාවට කියා   සිටියේ දින 100 වැඩපිළිවෙළ  අවසන්   වු    වහාම   අප්‍රේල්   මාසයේ   පාර්ලිමේන්තුව   විසුරුවා   හරින  බවය.

දැනටමත්    දින   80ක්  ගත වී    හමාරය. 19  වන   ව්‍යවස්ථා    සංශෝධනය ගැසට්   කර   පාර්ලිමේන්තුවට ඉදිරිපත්    කර   හමාරය. එය  8,9,10 දිනවල   විවාදය   සඳහා    දින   නියම කර  තිබේ. තත්වය එසේ   තිබියදි    මැතිවරණ   ක්‍රමය   වෙනස්   කිරිම   පිළිබඳ යෝජනාව   තවමත්  තිබෙන්නේ   සාකච්ඡා  මට්ටමේය.

මේ  තත්වය යටතේ   19  වන  සං‍ශෝධනයට   කුමක්   සිදුවේද? මේ  දිනවල   රටතුළ  නැගි   ඇති    බරපතල   අර්බුදකාරි    ප්‍රශ්ණය එය වේ.

මේ  අර්බුදයට  අමතරව තවත්   අර්බුදයක්    නිර්මාණය  වී  තිබේ.

ශ්‍රි   ලංකා   නිදහස්   පක්ෂයේ  කොටසක්   මෛත්‍රිපාල   රනිල්  ආණ්ඩුවේ    අමාත්‍ය    ධුර    ලබා    ගැනිමය.  එම   අමාත්‍ය  ධුර  ලබා    ගැනිම   නිසා   ශ්‍රිලනිපයේම  මන්ත්‍රිවරුන් පිරිසකගේ   සහාය   ඇතිව   එක්සත්   ජනතා    නිදහස්  සන්ධානයට    අයත්    ජාතික   නිදහස්    පෙරමුණ   ප්‍රජාතන්ත්‍රවාදි    වාමාංශික  පෙරමුණ   පාර්ලිමේන්තුවේ    විපක්ෂ  නායක  ධුරය   මහජන   එක්සත්   පෙරමුණේ   නායක   දිනේෂ්    ගුණවර්ධන   මහතාට  ලබාදිය   යුතුය. යෝජනාව   ඉදිරිපත්   කිරිම  නිසා   මේ   අර්බුදය නිර්මාණය   වි  ඇත.

මේ  සඳහා   ශ්‍රි ලංකා   නිදහස්   පක්ෂයේ   මන්ත්‍රිවරුන්   දෙදෙනෙක්  අත්සන්  තබා    ඇති   බව  කියැවේ.

මේ   කණ්ඩායමට   අයත්   සමහර  මන්ත්‍රීවරුන්   19 සංශෝධනයට    සහාය   නොදෙන   බවත්   ප්‍රකාශ   කර  තිබේ.

මේ   පසුබිම   යටතේ    ශ්‍රි  ලංකා    නිදහස්   පක්ෂය   19 වන ව්‍යවස්ථා    සංශෝධනයට  තවත්   සංශෝධනයක්   ඉදිරපත්   කර  තිබේ.  19 වන  ව්‍යවස්ථා    සංශෝධනය  පාර්ලිමේන්තුවවේ    සම්මත  කිරිමෙන්   පසුව   ස්වාධින තොමිසන්  සභා පත්  කිරිම  හැර   මැතිවරණ   ක්‍රමය   වෙනස්    කිරිම   පිළිබඳව   වු  යෝජනාව  පාර්ලිමේන්තුවේ   සම්මත  විමෙන්   පසුව   බවය.

මෙම  යෝජනාව   19 වන  ව්‍යවස්ථා   සංශෝධනයට   එකතු    කිරිමට   රජය   සුදානම්   බව   කැබිනට්  ප්‍රකාශන   ඇමැති රාජිත   සේනාරත්න   මහතා   පවසයි.

එසේ නම්  19 වන ව්‍යවස්ථා   සංශෝධනය  පාර්ලිමේන්තුවේදි    සම්මත   කිරිමට    මෙතෙක්    තිබු   බාධාව ඉවත්  විය.

ඊළගට  එළඹෙන්නේ   මැතිවරණ    ක්‍රමය   වෙනස්   කිරිම  පිළබඳව   වු  ව්‍යවස්ථා   සංශෝධනයයි. එය  20 වන  ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථා    සංශෝධනය   ලෙස   පාර්ලිමේන්තුව  ඉදිරිපත්    කරන බව   රජය   දැනටමත්  ප්‍රකාශ කර  තිබේ.

මැතිවරණ  ක්‍රමය  26 වන  සංශෝධනය යටතේ   සම්මත  කළත්   එළඹෙන  පාර්ලිමේන්තු  මැතිවරණය  පැවැත්වෙන්නේ   කලින්  පැවැති    සමානුපාතික ඡන්ද ක්‍රමය   යටතේම  බව  එක්සත්    ජාතික  පක්ෂය පවසයි.

මේ  සම්බන්ධව ශ්‍රිලපනි කුමක්වේද? දැන්   බෝලය ඇත්තේ  ශ්‍රිලපනිය අතේය.

බෝලය  ශ්‍රිලන්ප පාර්ශවයට   ඇද  යද්දි   රජයේ   හවුල්කාර    පක්ෂයක්  වු   ජාතික  හෙල  උරුමය   දැඩි   ලෙස  අවධානය කරන්නේ   19 වන ව්‍යවස්ථා   සංශෝධනය  පාර්ලිමේන්තුවේ   දි  පරාජයට   පත්  කරන  බවයි.

ආණ්ඩුවේ   ප්‍රධානියා   සහ  රජයේ   ප්‍රධානියා   ජනාධිපතිවරයා විය යුතු   බවත්   19 වන  සංශෝධනයෙන්    ජනාධිපතවරයාගේ  බලතල  එක්සත්   ජාතික  පක්ෂය   විසින්    පික්  පොකට්   ගසා    ඇති    බවත්   කියන  ජාතික   හෙල උරුමය   මෙය  ව්‍යවස්ථා   කුමන්ත්‍රණයක්   හෙවත්    පස්ස දොරෙන් ජනාධිපති    බලතල   හොරකම්    කිරිමත්    බවත්    ජාතික  හෙල  උරුමය   කියයි. ජනාධිපති   පඹයෙකු    බවට    පත්කිරිමට   ඉඩ  නොදෙන   බවත්  පාර්ලිමේන්තුවට  ඉදිරිපත්   කර   ඇත්තේ  කැබිනට්   මණ්ඩලය   විසින් අනුමත කරනු  ලැබු   සංශෝධනය නොවන බවත්  එම පක්ෂය වැඩිදුරටත්  කියයි.

රජයට සෘජු   ලෙස  සම්බන්ධ   නොවුවත්   ජනතා   විධායක   සභාවේ   නියෝජනයක්    ඇති   ජනතා  විමුක්ති   පෙරමුණ ජාතික හෙල   උරුමයේ   චෝදනාව  නිශේෂනය  කරමින්   කියා   සිටින්නේ  ව්‍යවස්ථා   කුමන්ත්‍රණයකින්  ජනාධිපති   බලතල  අගමැතිවරයාට   පැහැර   ගැනිමේ   චෝදනාව   අමුලික  අසත්‍යයක්   බවය.

කෙසේ   හෝ   මේ  අර්බුදය   දුර  දිග යන  ලකුණු දැනටමත්   පහල වි   තිබේ. එකිනෙකට   නොගැලපෙන  පරස්පර   විරෝධී මත දරණ  විසින්   මේ  ප්‍රහාරයන්  දියත්   කිරිම නිසා අසරණ වි   ඇත්තේ  19 වන  ව්‍යවස්ථා  සංශෝධනයයි.

යම්  හෙයකින්  මේ  ව්‍යවස්ථා   සංශෝධනය පාර්ලමේන්තුවේ   2/3 ඡන්දයෙන්   සම්මත කර   ගැනිමට   නොහැකි වුවහොක්   එම  සංශෝධනයේම අඩංගු   ස්වාධින  කොමිසන්   සභා   පිහිටුවිම  පිළිබඳ ප්‍රශ්ණයක්  අනිවාර්‍යන්ම මතු වේ.

මෙව  මෙලෙස  සිදු  වි  19 වන සංශෝධනයට කණකොකා ගැසුවොත්   මේ  අඩපාලිය මහජනායාට  කියමින් යලිත්  වරක්   මහජනයාගෙන්   බලය  ඉල්ලා   සිටිමට   දේශපාලන  පක්ෂවලට  සදාචාරාත්මක  අයිතියක්  නොමැත. එසේම  යලි   බලය  ලබාදිමට   මහජනයා  සුදානම්  ද නැත . ඉතිහාසය   එය  මැනවින්   ඔප්පුකර   තිබේ.

2005 දි   මහින්ද  රාජපක්ෂ  මහතා   යුද්ධය  අවසන්  කරන බවට   සනාථ කොට   එය ඉටුකල  නිසා   2010 දි   යලිත්  වරක්   ඔහුට බලය දුන්නේය. 2005 දි   විධායක  ජනාධිපති   ක්‍රමය  වෙනස්  කරන බවට   ප්‍රතිඥා  දුන්නද  යුද්ධය ජය ගැනිම  නිසා   විධායක ක්‍රමය  වෙනස් කිරිම පිළබඳ ප්‍රතිඥාව  දෙවැනි  තැනට   දැමීමට   මහජනයා   කටයුතු  කළහ.

2010 දි යලිත්  වරක්  බලය  ගැනිමට   පෙර  විධායක ජනාධිපති  ක්‍රමය වෙනස්   කරන බවට   මගින්ද  චින්තනයේ   දෙවැනි  දිගුවෙන් යලි   ජනතාවට  පොරොන්දු  විය.

එහෙත්   විධායක   ජනාධිපති ක්‍රමය  වෙනස්   නොකර    17 වන   සංශෝධනයද   අහෝසි   කොට    ජනාධිපතිවරයාගේ     ධුර කාලය   දැරිමේ    සිමා වු    දෙවරක කාලය කැමැති  වාර   ගණනක්   දක්වා   18 වන  සංශෝධනයෙන්   වැඩිකර   ගත්තේය.

විධායක ජනාධිපති   ක්‍රමය  අහෝසි   නොකිරිම  නිසා    මහජනයා    මගින්ද   රාජපක්ෂ   මහතා   ගෙදර    යවා    විධායක   ජනාධිපති    ක්‍රමය   අහෝසි    කරන   බවට    පොරොන්දු වු  මෛත්‍රිපාල  - රනිල්  ප්‍රමුඛ යහපාලන සමාජයට  බලය ලබා දුන්නේය.

මේ ඉතිහාසයයි.මේ පිළබඳව මහජනයා මනා අවබෝධයකින්  සිටියි. මහජනයාගේ  වුවමනා   එපාකම්  දෙවැනි  තැනට දමන  දේශපාලකයන්ට   දඩුවම්   දිමට   මෙරට ජනතාව කිසිදු  මැලි  නොවන බව මේ  ඉතිහාසය අපට  කියාදෙන  මහඟු  පාඩමයි.