(අජන්ත කුමාර අගලකඩ)
සීෂෙල්ස්හි දෙදින රාජ්‍ය සංචාරයක නිරතව සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යළි දිවයිනට පැමිණි වහාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව සහ සන්ධාන විධායක සභාව කැඳවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
සීෂෙල්ස්හි සංචාරය සඳහා අද (08) දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපතිවරයා අනිද්දා යළි දිවයිනට පැමිණීමට නියමිතය.
මේ දිනවල අන්දෝලනයට ලක්ව ඇති වත්මන් දේශපාලන කාරණා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා පක්ෂ මධ්‍යම කාරක සභාවත් සන්ධානයේ විධායක සභාවත් මෙසේ කැඳවනු ඇතැයි එම ආරංචි මාර්ග වලින් පැවැසේ.
මේ අතර වත්මන් දේශපාලනික තත්ත්වය සහ ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් සති දෙකක් තුළ වාර්තාවක් ලබා ගැනීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධාන විධායක සභාව විසින් පත්කරන ලද කමිටුව ද අනිද්දා (10) පළමු වරට රැස්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යූ.එන්.පී.එක ඉල්ලං කෑවා. තමන්ගෙ පක්ෂයෙ මිනිස්සුවත් පයිසෙකට ගනන් ගන්නෙ නැති කෙනෙක්ව එජාප ඡන්දවලින් ජනපති කරාට. මහින්දත් නිසි තැනක් නොදී තියාගත්තෙ බාල ගති නිසා අද ඒක එජාපයත් අත්විඳීමින් සිටියි.
අහක යන නයි ඇඟට දා ගන්නවා කියන්නේ ඕකට තමා...