ජනවාරි 8 වැනිදාට ජනාධිපති පදවි ප්‍රාප්ති උළෙල සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය ජනමාධ්‍ය අමාත්‍යංශය සහ සියලුම මාධ්‍ය ආයතන ප්‍රධානින් සමග මූලික සාකච්ඡාවක් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, අමාත්‍යංශ ලේකම් වජිර නාරම්පනාව, ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ශිරාල් ලක්තිලක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී අද (22) පැවැත්විණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශාල වැඩ කොටසක් මේ අවුරුද්ද ඇතුළත කරලාද කියලා අපි මේ බැලුවේ (නි)
බලන්න කොයිතරම් සරල විදියට දේශපලනය කරනවද කියලා. මතක හැටියට ගිය ජනවාරි 8 වෙනිදා රු 5000 ක් විතරයි උත්සවේට ගියේ. මේක 2500 කින් විතර කරන්නත් බැරි නැහැ. හරිම සරලයි. (නි)
බලමු වියදම කීයද කියලා. (නි)
සුබ පැතුම්! (නි)
ආනේ එහෙම ඒවත් කරනවද?? 2500 කින් විතර කරන්න පුළුවන් වෙයි.. අවුරුද්ද ඇතුලත සෑහෙන වැඩකොටසක් කරානේ (කටින්)...(බ)
මම නම් හිතුවෙම නැහැ මේ වගේ දේවල් කරයි කියල. මොකද මේවත් නිකරුනේ මුදල් නාස්ති කිරීමක් හැටියට තමයි මම නම් දකින්නේ. (කෞ)
ඊටකලින් සේවක අර්ථ සාධක මුදල් ගෙව්වා නම් නේද හොඳ? මොකද ඒ මිනිස්සුත් ජීවත්වෙන්න ඕනෑනේ. (නි)
හරී චාම්. පොළොන්නරුවේ ඉදන් රට පාලනය කරනවා කියල නේද කිව්වේ. (ස)
මෙතැන රැස් වෙලා ඉන්න මේ අය මහජන සේවයක් නම් ඉක්මනට මෙහෙම රැස් වෙයිද? රටට වෙනත් වැඩ දායි දේකට නම් කඩිනමින් මෙහෙම රැස් වෙයිද? මේ වැඩකට නැති බොරුවට සල්ලි කන දේවල්. එහෙම නෙමේ මෙවන් උත්සව සම්පුර්ණයෙන්ම නවතා ජනතා මුදල් පිරිමසා ගමු. (ස)
මූලික සාකච්ඡාවට විතරක් ගිය මුදල හිතාගන්න පුළුවන් මේසේ දෙස බලන විට ..උත්සවේ ගැන කුමන කතාද? (ස)
සුබ පැතුම්! (නි)