මීගමුව නිවුස්ටඩ් බාලිකා විද්‍යාලයයේ 200 වැනි සංවත්සරය වෙනුවෙන් ඉදිකළ තෙමහල් ගොඩනැඟිල්ල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) පස්වරුවේ එම විද්‍යාලයේදී විවෘත කෙරිණි.
පංති කාමරවලින් සහ ශ්‍රවණාගාරයකින් සමන්විත මෙම තෙමහල් ගොඩනැඟිල්ල රජයේ සහ විද්‍යාලයයේ ආදි ශිෂ්‍ය සංගමයේ රුපියල් මිලියන 28 ක අරමුදල්වලින් ඉදිකර ඇත. මෙය ඉදිකිරීමට 2013 වර්ෂයේ ජනවාරි 29 වැනිදා මුල්ගල් තබා ඇති අතර ගොඩනැඟිල්ල ඉදිකිරීමට වසර දෙකක් ගතවී ඇත. ගොඩනැඟිල්ලේ වාස්තු විද්‍යා කටයුතු සිදුකර ඇත්තේ මෙම විද්‍යාලයේම ආදි ශිෂ්‍යාවන් දෙදෙනෙක් වන අනූෂා රාජපක්ෂ සහ චතුරංගා සිල්වා යන වාස්තු නිර්මාණ ශිල්පිනියන්ය. වරලත් ඉංජිනේරු ලොයිඩ් සීමන් මහතා මෙම ගොඩනැඟිල්ලේ ඉංජිනේරු කටයුතු කර ඇත.
1816 වර්ෂයේදී රොබට් නිව්ස්ටඩ් පියතුමාගේ මැදිහත්වීමෙන් ආරම්භ කළ මීගමුව නිව්ස්ටඩ් බාලිකා විද්‍යාලයයට 2016 වර්ෂයට වසර 200 ක් සම්පූර්ණ වේ. මෙම විද්‍යාලය › ලංකාවේ මෙන්ම ආසියානු කලාපයේ ද පැරණිම පාසල්වලින් එකකි.
2025 දෙසැම්බර් මස 18
442
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
247
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1035
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනපති නිවුස්ටඩ් බාලිකාවේ
ඉසුරන්දි Wednesday, 17 June 2015 07:20 AM
ජනපති තුමනි, හිසට සෙවනක් නැති තව කොතරම් පාසල් ඇත්ද අපේ රටේ දුෂ්කර ගම්මානවල..කරුණාකර බලදරයන්ට උපදෙස් දෙන්න ඒවා ගැනත් සොයා බලා පිළියම් යොදන්න (ම).