ජාතික ජලජ සම්පත් හා පර්යේෂණායතනයේ ප්‍රථම පර්යේෂණ නෞකාව මහින්ද රාජපක්ෂ ජනපති හම්බන්තොට වරායෙන් අද දියත් කෙළේය. නැවට හා නැවේ පර්යේෂණ උපකරණ වලට වැයවූ මුදල රුපියල් තිස් කෝටියකි. ශ්‍රී ලංකාව අවට මුහුදේ මේ නැව පර්යේෂණ කරනු ඇත.


1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක නැවක් මෝඩයිනේ....(ස)
කෝ නැව ?????????????????? (ස)
එහෙනම් ලෝකෙටම එකයි තියෙන්නේ (ස)
කෝටි ගණන් කියනවා අහලා හිත කළඹවා ගන්න එපා සහෝදරවරු. අපේ පැත්තේ දැනට හොඳින් තියෙන තාර පාරට කාපට් අතුරන්න ( වතුර ලීක් වෙන තැන් එහෙමම තිබෙත්දී ) කිලෝමීටරයට කෝටි ගණන් තමා යන්නේ. (නු)
ඇත්තටම කියනවානම් මේක නැවක් නෙමෙයි , ටෝලර් එකක් (ස)
මේකට නැව කියනවනම් ජෙට්ලයිනර් එකට මොකද්ද කියන්නේ (ස)
මීට වඩා ලොකු නැවක් තිබුණොත් ඒකට මොකද කියන්නේ (ස)
එහෙනම් අර බේරුවල පැත්තේ හදන ට්‍රෝලර් යාත්‍රාත් දියත් කරන්න මෙහෙම උත්සව තියයි නේද? (නි)
මහජනතාව ගාණට ඇන්දෙනවා (ස)
සුබ පැතුම් ...වැදගත් වැඩක් (ස)
අපේ රටේ අය නැව් දැකලා නෑ..පව් (ස)
අනේ මන්දා කියන්න වචන නෑ (ස)
මේක රුවල් නැවක් වගේ.. බරගානක් වියදම් වෙන්න ඇති..?(නු)
අනේ කමලා , ඔයත් කටාර් ඉඳගෙන මොනවද ඔය කියන්නේ ,,,, අහසේ මුහුදේ ඉන්න ඕනේ නැහැ , රටක් වසයෙන් අපි දියුණු වෙනවනම් අපිටම ගොඩක් සතුටුයි .. ඔය දැක්කේ නැද්ද කටාර් වල ඉඳගෙන මේ රටේ දියුණුව , බොරුවට හැමදේම කියවන්න එපා නොදැන , අපේ රටේ දේ අගය කරන්න පුරුදු වෙන්න ,,,,,,,(ස)
නියමයි (ස)
මේක බහුදින යාත්‍රාවක්..................(නු)
කොහෙම උනත් ජය වේවා..!(නු)
දැං හැමදේටම නා.රා.( නාමල් රාජපක්ෂ) නේද?(නු)
නියමයි නියමයි ඔහොම යං..!(නු)
කෝටි තිහක නැවක් හොදට බලාගන්න.. ආයෙ කොහවත් බලන්න වෙන්නෙ නැහැ..!(නු)
මේකත් නැවක්ද?(නු)
සුදත්, අපේ රට දියුණු වෙනවානම් අපිත් සතුටුයි තමයි. එහෙත් මෙවැනි දෙකට කෝටි තිහක් වියදම් කිරීමටත්, අභ්‍යවකාශ මධ්‍යස්ථාන වලට තවත් කෝටි ගණනක් වියදම් කිරීමටත් පෙර කළයුතු සංවර්ධන වැඩ ඇත්තෙම නැත්ද? උදාහරණයක් කියනවා නම්, දකුණේ ලොකුම රෝහලට යන්න තියෙන පාරවල් තුනම බස් රථ දෙකකට මාරු වෙන්න අමාරු පටු පාරවල්. ඇම්බියුලන්ස් එකක ලෙඩෙක් ගේනකොට අවට ගෙවතු වලට වාහන අයින් කරන්න වෙන දවසුත් තියෙනවා. (නි)
නියමයි ජනපතිතුමනි. ඔබට අපේ රට නිවැරදි සංවර්ධන මාවතකට යොමුකරන්න පුලුවන්. (නි)
අපේ අය තවමත් සුදු සිංහල ඇදුමට රැවටෙනවද? (නි)
මේකට නැවක් කියල කියනවනම් .... නැවකට මොකද්ද කියන්නේ ? ගන්දර වැල්ලේ තිබිච්ච බෝට්ටුවක් පේන්ට් කරලා කෝටි 30 වියදම් උනා කියනවා වගේ.... අපිත් ඉතින් මේවා ඇත්ත.. , අපිට ගහන්න ඕන උන් හිටි තැන් අමතක වෙන්න. (නු)
අපරාදෙ වරාය හදන්න ගිය මහජන මුදල්...!(නු)
අල්ලපු රටේ සීමාවට යන්න එපා..!(නු)
මරු නැව..!(නු)
නැව් දැකලා නැද්ද? මේක තෙප්පලමක් විතරවත් ලොකු නැහැනේ..!(නු)
නැවක්ද? බෝට්ටුවක්ද?(නු)
නැව කන්න ඉඩ දෙන්න..!(නු)
මේවට ගන්න ණය කවුද ගෙව්න්නේ.. කවදාදා ගෙවන්නේ..අපි තව බදු ගෙවන්න ඕන.. (නු)
හදවතට එකගව ගොඩක් සතුටු වෙනවා.. මට ජනාධිපතිතුමා විශ්වාසයි.. (නු)
නැවේ පර්යේෂණ උපකරණ වලට 30 කෝටියක් නම්,නැවට ගිය ගණනත් එක්ක ගිලපු ගණන හිතා ගමු.(නු)
මේක බෝට්ටුවක්නෙ නැවක් නෙමෙයිනේ...?(නු)
මේ දවස්වල මුහුදු කොල්ලකරුවන් පිරිලා කෝකටත් නැව පරිස්සම් කරගන්න..!(නු)
සුභ අනාගතයක් වේවා ජනාධිතිතුමනි..!(නු)
අරමුණ පැත්තෙන් ගත්තහම නම් සුභ අනාගතයක්! (නි)
මේක නැවක්ද? මිනිස්සු මාලාවෙ දාන වැඩ.. මාල දිවයිනේ මීට වඩා ලොකු බෝට්ටු තියෙනවා.. ඒවා විවෘත කරන්න කවුරුවත් යන්නෙ නැහැ.. අපේ අයට මේවා හරි ලොකු වැඩ..!(නු)
කට්ටියට සතුටු ඇති නේද ?(ස)
තාත්ලාට පුතාලට සතුටු ඇති..!(නු)
ගොඩක් සතුටු වෙනවා....ගරු ජනාධිපති තුමාට ජයවේවා...!!(ස)
මේවා හොද වැඩ. හැබැයි මේ සියල්ලටම කලින් වැටුප් වැඩිකරලා ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවිය යුතුයි. (නි)
බණ්ඩාර ඔබට මම එකගයි.. මේක නැවක් නම් නැවට මොකද්ද කියන්නේ..?(නු)
පර්යේෂණ නෞකාවක් කියන්නේ නිකම්ම නිකන් බෝට්ටුවක් නෙමේ හැම දෙකටම දොස් කියන එක දැන් අපිට පුරුද්දට ගිහිල්ලා ඒක නිසා ආවටගියාට අදහස් දාන්න එපා කියවල බලල හිතල බලල තේරුම් අරගන කියන දෙයක් කියන්න. පර්යේෂණ නෞකාවක් නිසා වියදම් වෙන එක සාමාන්‍ය දෙයක් අනික දියුණු වෙන රටක් වශයෙන් මේ වගේ ව්‍යාපෘති අපිට ඉතාමත් අත්‍යවශයි. තම තමන්ගේ දේශපාලන මත ඇති එත් හොදදෙයක් වෙද්දි එක අගයකරන්න බැරි නම් එක අවතක්සේරු කරන එකවත් නවත්වන්න. මේ වගේ දේවල් නිසා අනාගතේ දවසක මගේ දරුවට ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් කියල කියන්න පුළුවන් නම් අද මම බදු එකක් නෙමේ දහයක් හරි ගෙවන්න ලෑස්තියි. (නු)
මේක ලොකුද පොඩිද කියන එක නෙමෙයි බලන්න ඕන මේකෙන් වෙන සේවය ගැනයි.!(නු)
වැදගත් දේ මොන විදියේ පර්යේෂණද මේකෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ කියන එකයි. පර්යේෂණ කරන එක ඉතා හොඳ දෙයක්. හැබැයි අර ජපන්නු තල්මසුන් අල්ලන්නේ පර්යේෂණ වලට කියල. ඒ වගේ පර්යේෂණ නම් අවශ්‍ය නැහැ. (ස)
අහසේ චන්ද්‍රිකා, මුහුදේ නැව්.. ගොඩබිම ඉන්දියාවට විකුණලා.. අනාගතේ මිනිසුන්ට ඉන්නවෙන්නේ උඩුගුවනෙයි මහමුහුදෙයිද?(නු)