සබරගමු පළාත් සභාවේ ඇමැතිවරුන් දෙදෙනකු නිලවාහන පහක් බාර දී නැතැයි රත්නපුර නියෝජ්‍ය මැතිවරණ කෙමසාරිස් එම්.ඒ.පී.සී. පෙරේරා මහතා කියයි. එවැනි වාහන බාර දෙන ලෙස ජනපති නියෝග කෙළේ බදාදාය. හිටපු සෞඛ්‍ය ඇමැති භානු මුණිප්‍රිය හිටපු වාහනයක් ද හිටපු පළාත් ඇමැති ශ්‍රී ලාල් වික්‍රමසිංහ වාහන හතරක් ද බාර දී නැතැයි ඔහු කීවේය. රත්නපුර මහා දිසාපති සුනිල් කන්නන්ගර මහතා පැවැසුවේ මේ වාහාන මැතිවරණ සඳහා භාවිතා කරන බවට පමණක් නොව නීති විරෝධී අන්දමින් රාජ්‍ය දේපළක් ළඟ තබා ගැනීමේ චෝදාන යටතේ ක්‍රියා කරන ලෙස පොලිසියට උපදෙස් දී ඇති බවයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මර මිනිස්සු නේ
ළමයි තාත්තා කියන දේ අහන්නේ නෑ වගේ.(ස)
මම හිතන්ෙන් මේක ඉහළින් ආපු පූර්වාදර්ශයක් කියලා. මෙතන නියෝග කළා කියන එක මම බාර ගන්නේ නැහැ. එය සාමන්‍යයව පැවසීමක් පමණයි. කොහොම වුණත් මට මෙහෙම දෙයක් කිව හැකියි. අපේ රටේ පාලන අධිකාරියේ සිටින හුග දෙනෙක් අද උසාවි නියෝග පවා කඩ කරනවා. මෙය දැන් සමාජයට පිළිලයක් මට්ටමට වර්ධනය වෙලා. එය ඡන්දයටත්, ඡන්දයෙන් පසුත් යන සෑම අවස්ථාවකටම අදාලයි. ඒ වාගේම තමයි, මේ සිද්ධිය සබරගමුවේ පමණක් නොව අඩු වැඩි වශෙයන් රටේ හැම තැනම වෙනවා. අවාසනාව වන්නේ මේ අපි බදු ගෙවන සල්ලි වලට වෙන විනාශය බලපුවාමයි. ඒ මුදල් විනාශ වෙනවා දකින එක මට හරි කණගාටුයි. (නි)
මුලින් එහෙම කිවුවට පස්සේ ආයිත් පාරක් තව මොනවා හරි කිවුවද කියලා අපි දන්නේ නෑනේ. එහෙම දන්නේ නැතුව මුකුත් කියන්න බැහැ මේ ගැන. (නි)
එතකොට පළාත් සභා විසුරවද්දි පළාත් සභා සතු සියල්ල භාරදිය යුතුයි නේද? (නි)
අණ පිළි නොපැද්දා කියලා මුකුත් කරන්නේ නැතිවෙයි කියලා ඒ අය හිතන්න ඇති. (නි)
ඕවා එච්චර ගණන් ගන්න එපා. (නි)
යක්කුන්ට බය නම් සොහොනේ ගෙවල් හදයිද? (නි)
මේ අය කාගේ නියෝග වලට ඇහුන්කම් නුදුන්නත් බුද්ධිමත් ජනතාවට ඔවුන් සම්බන්ධයෙන් නිර්භීත තීරණයක් ගත හැක. (නි)
දෙන්නෙක් විතරද ? (ස)
මම හිතන්නේ කරන්න ඇත්තේ ඉල්ලීමක්. ඒක ඇමතිවරුන්ට මතක නැති වෙන්න ඇති. පවු අනේ ඇමතිවරු ටික!
පේනවනේ කට්ටිය ගරු කරන හැටි..(ස)
පස්සේ ආයි මොකක් හරි කිවුවද දන්නේ නෑනේ. (නි)
නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගේ..!!(නු)
කොහෙද මේ අපේ අයට තේරෙන්නේ නෑනේ. (නි)
ජනාධිපති නියෝග කළේ නෑ. නිකං කිව්වා විතරයි. (ත)
ජනපතිතුමාගේ නියෝගය ක්‍රියාත්මක නොකරනවා නම් එයාලව සේවයෙන් පහ කරන්න ඕනෑ. (නි)
ජනාධිපතිගෙ නියෝගයක් නොසළකා හරින්න තරම් මෙයාලට තියෙන හයිය මොකද්ද?(නු)
කොහොමද න මෙයාලගේ බලපුළුවන්කාර කම ජනපතිගේ නියෝග ක්‍රියාත්මක කරන්න බැරි නායකයන්ට වත් බයනැති මිනිස්සු ....(නු)
අනේ අනේ.. ජනාධිපති කියලත් කළේ නැහැ නේද?(නු)
ජනපති නියෝග දැං කවුරුවත් ගනං ගන්නෙ නැහැ වගෙයි...!(නු)
ඉහළින්ම නියෝගය ආවනම් බය නැතිව නීතිය ක්‍රියාත්මක කරන්න තියෙන්නෙ...!!(නු)
කරයි කියලා තමයි බය.... මේ ලංකාවනේ...!!(නු)
ලොක්කෝටික නිදිද දන්නෙ නැහැ..!!(නු)
ජනතාවනි මේ ඔබේ වාරයයි..(ස)
ලංකාවට ආදරය කරන්නන් සියල්ල මේ අවස්ථාවේදී මෙම ක්‍රියාව හෙළා දැකිය යුතුයි. (නි)