පළාත් පාලන අයතන මැතිවරණයක දී ගිය වසරේ ඔක්තෝබර් මසයේ කොළොන්නාවේ දී වෙඩි පහරින් මිය ගිය භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය හිඟුරක්ගොඩදී අද සන්ධාන මැතිවරණ වේදිකාවට ගොඩ වූවාය. උතුරු මැද පළාත් සභාවේ පොළොන්නරුව දිසා අපේක්ෂකයනට සහාය දක්වමින් අදහස් දක්වමින් ඇය පැවැසුයේ පොදු විපක්ෂයක් හෝ කඩාවැටුණු විපක්ෂයකට එකතු වන්නට තමන්ට කිසිදු අදහසක් නැති බවයි. ඇය එසේ කීවේ ඇය සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා ගැන පැහැදිලි කරමිනි. තම පියාණන් ලේ වගුරුවමින් දහඩිය හළමින් රැකගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවදුරටත් රැකගත යුතු බවත් ඒ සඳහා මහින්ද රාජපක්ෂ ජනපතිගේ දෑත් ශක්තිමත් කළ යුතු බවත් කීවාය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළිප ගිනි මොළවන තෙක් දිය සැළියේ.... (නි)
ඉටියෙන් හරි මැටියෙන් හරි ..... හරිම දක්ෂයි. (නි)
ඔහොම ගිහිල්ලා අන්තිමට ප්‍රතිවාදියාගේ ආරක්ෂාවත් ශක්තිමත් කළොත්? (නි)
ඕවා ඔහොම තමයි (නි)
මෙයයි දේශපාලනය! (නි)
එයාට හොඳනම් අපිට මොකෝ.(ස)
මට මුකුත් මතක නෑ..මෙයා....කවුද අනේ දුමින්ද කියන්නේ (වි)
මං ළීදේ නම් ළිද මගේ නම් කාටවත් ඇයි වේදනා? (නි)
විලිලැජ්ජා නැති දේශපාලනය කියන්නේ මේකටද? (නි)
ඔයාගේ ගොරකා සැර මදියි දුවේ අපිව රවට්ටන්න! (නි)
ඔබ හරි. හැබැයි ජනපති දෑත් පමණයි. (නි)
ජනතාවට දෙනවත් මොලේ පෑදුනොත් හොදයි...(නු)
ඔබගේ සතුර්න සමග මිතුරු වන්න. (නි)
මුහුදේ නැවු ගියාට පාරවල් හිටින්නේ නෑනේ. නේද නංගී. (නි)
කපන්න බැරි අත් සිඹීම...!!(නු)
තමන්ට කැමති දෙයක් කරන්න තමන්ට පුළුවන් (නි)
කාට කියන්නද මේවා? (නි)
ඒක එයාගේ කැමැත්ත .අනිත් අය දුක් වෙන්න එපා..(ස)
ඇයට දේශපාලනයක් අවශ්‍ය නැහැ. (නි)
ඇයි දුමින්දගේ දෑත්? (නි)
ඇය නීති ශිෂ්‍යාවක්. ඒ අය දන්නවා කොහොමද වැඩ කරන්න ඕනෑ කියලා. (නි)
තාත්තා හෙළපු ලේ දහඩිය මෙපමණ ඉක්මණින් අමතක වුණාද? (නි)
හිරුණිකා, ඔබ හරි. තාත්තා මරපු අයට දඩුවම් කළ හැකි හොදම ක්‍රමය මේකයි. විපක්‍ෂයට ගියානම් ඔබ පරාදයි. (නි)
තව ටික කාලෙකින් එයාටත් මුකුත් මතක නැති වෙයිද දන්නේ නැහැ. (නි)
දුමින්දට ඔයාවත් අමතක වෙන්න පුලුවන් හොදේ. (නි)
මටනම් පිස්සු වගේ..(ස)
මොන්ටේරෝ දැක්කම ඔක්කොම අමතක වෙලා...!!(නු)
අපි තමයි අන්තිමට බැලුවහම දැන් මෝඩයන් වෙලා තියෙන්නේ. (නි)
මේකට තමයි දේශපාලනය කියන්නේ. (නි)
ඕකට තමයි දේශපාලනය කියලා කියන්නේ. (නි)
ඉදිරි පරපුර වෙනුවෙන් (දී)
මෙයා හොඳ දේශපාලනයට තමයි...(ස)
හිරුණිකා, ලංකාවේ දේශපාලනය ගැන ඔයා අපිට කියලා දුන්නේ හොද පාඩමක්. (නි)
ෆොන්සේකා මහත්තයට පිටුපෑවා එහෙනම්? (නි)
ගැණුන්ගේ මොළේ හැදි මිටේ දිගට කියනවනේ (නි)
නංගිට වැරදුණාවද්ද? (නි)
මෙහෙම උනාම දුමින්දලා වගේ අය තව තවත් බිහිවෙනවා..!!(නු)
මේකෙ වැඩිපුරම පාඩුව දැනෙන්නෙ මෙයා පිටුපස හිටපු අයටයි.. අපිටනම් කෝකත් එකයි..!(නු)
අන්තෝ ජරා බහි ජටා. (නි)
ඇට නැති දිවෙන් ඕනෑම දෙයක් කියන්න ඕනෑම කෙනෙකුට පුලුවන්. (නි)
අනේ මෙහෙමත් නාටක? (නි)
අපි මෙයාලා ගැන හොදින් දන්නවා (නි)
භාරත මහතා අතින් කවුරුහරි මැරිලා නැද්ද එතකොට? අනේ, මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
අපි නම් මේ ගැන පුදුම වෙන්නෙ නැහැ (නි)
විශිෂ්ට තීරණයක්. (නි)
නංගී, ඔයා දේශපාලනයට නම් හොදටම ගැළපෙනවා (නි)
ලැජ්ජයි හිරුණිකා.....(නු)
දේශපාලනයේදී හතුරන් නැතුවා සේම මිතුරන්ද නොමැත. (නි)
ඔබට ජය..!!(නු)
හිරුණිකාව තේරුම් ගන්න අමාරුයි. ජනතාව ඇයව පිළිගනීවිද? (නි)
සමහර අපේ මිනිස්සුන්ට නම් මෙවැනි දේත් උසස් ලෙස පෙනේවි. හැමදාම සාමාන්‍ය මිනිසුන් මේ වගේ අය කියන දේවල් අහලා වැඩ කරනවා. (නි)
මම මේ දකින්නේ ඇත්තක්ද? (නි)
හිරුණිකා, සාධාරණත්වය වෙනුවෙන් ඔබට ජය නියතයි. (නි)
හිරුණිකා ගැන හිතනකොට ඇත්තටම අපට දුකත් හිතෙනවා.. මෙච්චරකල් අපරාදෙ උසාවි ගානෙ ගියේ කියලා..!!(නු)
අපි පුදුම වියයුතු නැත. (නි)
ලැජ්ජයි. මෙයාටත් මුකුත් මතක නැහැ. අන්තිමට බැලුවහම අපි තමයි මෝඩයන් වෙලා තියෙන්නේ. (නි)
අනේ අපොයි..!(නු)
හිරුණිකාට සුභ පැතුම්..!!(නු)
මෙයාට මැරැණට තාත්තා තාත්තමයි කියන එක අමතක වෙලා..!!(නු)
අපි කලින්ම කිව්වා අම්මා ජනාධිපතිගේ සම්බන්ධීකරණ ලේකම් වෙනකොට, මෙයා රජයෙන් දුන් වාහනයක් පාවිච්චි කරනකොට මෙයා කෑගහන්නෙ බොරුවට කියලා. අපේ ජනතාව ආයෙත් රැවටුනා. මේ රැවටීම නතර වෙන්නේ කවදද දන්නේ නෑ.?(නු)
මෙතන ප්‍රතිචාර වලින්ම පෙනෙනවා රටේ මිනිසුන් ඇයට කොච්චර රැවටුනාද කියලා. අනේ මන්දා කවදා ලාංකිකයන්ට මොළේ පෑදේද? (නි)
තාත්තාගේ නමටත් ලැජ්ජයි.. අපි කරපු ප්‍රචාරවලටත් අවනම්බුවක්..!!(නු)
නියමයි. (නි)
දැංවත් මිනිසුන්ට මේවා තේරෙයිද දන්නෙ නැහැ..!!(නු)
වෙන අය නැද්ද අත් ශක්තිමත් කරන්න ඕන අය (ස)
දැං ඉතිං නඩුවත් ඉවත්කරගත්තානම් හරි...!!(නු)
අනේ මංදා..!!(නු)
මෙයා නාමල්ගෙත් පොඩිකාලෙ ඉදලම යාලුවානේ.. ඒ නිසා වෙන්න ඇති..!!(නු)
හෙට අනිද්දට කියයිද දන්නේ නැහ මට වැරදුනා නඩුව ඉල්ලා අස්කරගන්නවා කියලා..(නු)
හිරුණිකාට රජය සමගවත් ජනපති සමගවත් කිසිම ගැටලුවක් නැහැනේ..!!(නු)
හිරුණිකා යන්නේ ජය මාවතේ..(ස)
අපොයි..!!(නු)
සන්ධාන ආණ්ඩුව භාරත සම්බන්ධයෙන් කිසිම දෙයක් කරලා නැහැනේ.. දෙන්නා අතර ඇතිවුණ ආරවුලකදිනේ මේ සිදුවීම වෙලා තියෙන්නේ.. පක්ෂය මොනවා කරන්නද? ඒවා ඒ දෙදෙනාගේ පෙර කළ කුසල් අකුසල්.. එපමණයි.. සුභ පැතුම්..!!(නු)
ආණ්ඩුව සමග හිරුණිකාගෙ කිසිම තරහක් නැහැනේ..!!(නු)
දුමින්දගේ දෑත් ශක්තිමත් කරන්නෙ නැද්ද මේ වගේම..!!(නු)
හිරුණිකාගේ තීරණය නිවැරදියි. (නි)
අනේ අපේ ජනාධිපතිතුමා පත්වෙච්ච දවසේ ඉදලාම හැමෝම දෑත් ශක්තිමත් කරනවා... තාම ශක්තිමත් උනේ නැද්ද හැබෑටම..? (නු)
දුමින්ද අත්අඩංගුවට ගන්න හොදම ක්‍රමය...!!(නු)
කෙලින් තීරණයක් කලින්ම ගත්තනම් ඉවරනේ...(ස)
මේක හිරුණිකාගේ සැළසුම් අංක 2 වෙන්න පුලුවන්. (නි)
ඇය කටින් නේද කතාකරන්නෙ..!!(නු)
අයියෝ...!!(නු)
ඔය කරලා තියෙන්නෙ වැඩක්.. ඔහොම යං ඔහොම යං..!!(නු)
ඔයාගේ ප්‍රතිවාදියාට දෙන්න තියෙන හොඳම දඬුවම නම්, දිවි ඇතිතුරු ඔහුව ඔයාගේ සිරඅඩස්සියේ තබා ගැනීමයි. (නි)
අයියෝ මෙහෙමත් කෙනෙක්.කතාකරලා වැඩක් නෑ.(ස)
කෙක්කෙන් බැරිනම් කොක්කෙන්..!!(නු)
තාත්තාගේ මරණයට උපහාර දක්වන්නේ මෙහෙමද අක්කී? (නි)
ඇයවත් දන්නේ නැතුව ඇති මොනවද කරන්නේ කියලා. මොකද මුලින් කිවුවේ ප්ලෑන් 'බී' එකක් තියෙනවා කියලනේ. සමහරවිට මේ ඒ ප්ලෑන් එක වෙන්න ඇති. (නි)
අනේ කවුරු හරි මගෙ ඔලුවට දෙක තුනක් අනින්න. (නි)
බලනකොට දුමින්ද අහිංසකයිනේ! (නි)
දිය යටින් ගින්දර ගෙනයමු...(ස)
නියමයි නංගියා.. ඔහොම යං.. ගිලෙන නැව්වලට ගොඩවෙන්නෙ නැහැනේ.. ඔහොම යං..!!(නු)
අනේ කාන්තාවන්ට යන කල! (නි)
ඇය නියම ලාංකික දේශපාලඥවරියක්. (නි)
දෑත් සවිමත් කරන්න ජිම් තියෙන්නේ. (නි)
අපිටම ගැළපෙන හිරුණිකා.. (නි)
මොන එහෙකටද එහෙනම් උසාවි ගානේ ගිහිල්ලා පොල් ගැහුවේ? (නි)
කියලා වැඩක් නැත. කාලෙකට පසු වැඩිම ප්‍රතිචාර පළවුණ ලිපියකි. ලංකාවේ දේශපාලන නිරුවත පෙන්වූ ඔබට ස්තුතියි. දැන්වත් මහජනතාවගේ නැණැස පෑදෙනු ඇතැයි විශ්වාස කරමි. අපි පවු මෙයා. (නි)
තත්තාගේ මරණයේ උණුසුම යන්නත් කලින් (අ)
ජනතාවට දෙනවත් මොලේ පෑදුනොත් හොදයි නේද.?
මේ ඔබේ වාරයයි.. ?(ස)
'කස්තුරි තියන්න තිබුණේ මිනිසුන්ගේ දිව අග' කියලා කතාවක් තියෙනවනේ. කතාව හරියටම හරි නේද? (නි)
ඇයි? එතුමාගේ දෑත් දැන් ශක්තියෙන් තොරයිද? (නි)
හිරුණිකා ගත්ත තීරණය හරි.. තමන්ගේ තාත්තාට කරපු දේට සාධාරණය ඉටුකරන්න බලන්න..!!(නු)
ඔබ හරි නංගී. ඔබ වැනි අය තමයි ලංකාවේ දේශපාලනය කරන්න ඕනෑ. (නි)
මහ දවල් එළිපිට මිනී මැරීම(භාරත ඝාතනය) නිසාවෙන් ආණ්ඩුව මෙතෙක් ලැබූ අපවාද මින් නිමි....(නු)
මට හිතෙන්නේ මෙයා ලගදිම තමන්ගේ පියාගේ මරණයේ නඩුවත් ඉල්ලා අස්කරගනීවගේ... මේකට තමයි දේශපාලය කියන්නෙ...!!(නු)
අනෙක් හැමෝම ඉවරයි දැන්. මෙයා හෙට අනිද්දම වැඩ පටන් ගනීවි. (නි)
භාරතගෙ මරණයේ නඩුවත් දැං යට යයි වගේ..!!(නු)
ඔහොම යනකොට ප්‍රතිවාදියාගේ දෑත වුණත් ශක්තිමත් කරන දිනය වැඩි ඇතක නොවෙන්න පුලුවන්. මේ ලංකාවේ ඉන්න සේරම එකයි කියලා ලංකාවේ මිනිස්සු දැන්වත් තේරුම් අරන් මුහුණට රැවටිලා ඡන්දෙ දෙන එක දැන්වත් නැවතුවොත් හොඳයි. (නි)
චිත්‍රපටයක් වගේ..!!(නු)
මෙහෙම දේවල් අහන්න ලැබීමත් දුකක්. (නි)
අපේ සෙරෙප්පුවෙන් අපටම ගහගත යුතුයි. අපි අද සිට දුමින්දගේ දෑත් ශක්තිමත් කරමු. (නි)
මෙන්න මේකයි මෙයාගේ පෑල්න් සී එක..!!(නු)
පවු අනේ ඔයා. (නි)
එයාට හොද නම් අනිත් අයට මොකද? අපි මේ පාරත් දෙන්නෙ මෙයාලටම තමයි.. අපිට ජය වේවා..!! අපිටනම් ජීවත් වීමේ අමාරුවක් නැහැ..අපට අපරාධ රැල්ලක් නැහැ.. රටේ දූෂණයක් නැහැ.. භීෂණයක් නැහැ.. ඕවා තිබුණෙ පහුගිය ආණ්ඩු කාලේ..!!(නු)
හාපෝ! මෙහෙමත් කට්ටිය.... (නි)
හිංදි චිත්‍රපටයක් වගේයි.. තාත්තාගේ මිනීමරුවා අල්ලගන්න යාලුවෙන්නයි යන්නේ කට්ටිය එක්ක.. ඔහොම යං දුව..!!(නු)
අපරාදේ අපි මෙච්චර කල් එයා වෙනුවෙන් කතා කළේ. ලැජ්ජා නැතිකමක හැටි? (නි)
ලැජ්ජා නැති කම මහමුදලිකමටත් වඩා ලොකුයි..!!(නු)
මෙච්චර කාලයක් සිටියෙ ඇයි ඔය තීරණය ගන්න.. මට පේන විදියට මෙයා ප්‍රසිද්ධියට තමයි මෙච්චර කාලයක් සිටියේ..!!(නු)
ඔයාට දේශපාලනේ ලොකු ගමනක් තියෙනවා..! සුභ පැතුම්..!(නු)
තම අරමුණ ඉටුකර ගැනීම වෙනුවෙන් ඈ තෝරාගත් මග හරි. (නි)
ලැජ්ජයි. (නි)
මොනවද දන්නෙ නැහැ ලැබුණේ? (නි)
ප්‍රභල විපක්ශයක් නැතිවිට කාට උනත් මේ සන්තෑසිය තමයි (ස)
මෙයා හොඳ දේශපාලනයට තමයි.. (ස)
දැන් බැලුවම මෙයාටනේ කිසිම දෙයක් මතක නැත්තේ..(ස)
එයා කියන්නේ ඇත්ත. (නි)
ප්‍රතිවාදියාට මුකුත් කරන්න කාටවත් බැහැ. (නි)
හෙට අනිද්දා වෙද්දී එයාටත් මතක නැති වෙයිද? (නි)
රජය ශක්තිමත්
ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර අමරණීයයි. දේශපාලනයට අවශ්‍ය ඉහළම සුදුසුකම් ඇය සතු බව මනාව පැහැදිලියි. (නි)
අපේ යුතුකමක් ඒක
අපෝ බය වෙන්න එපා. ළගදිම මොකක් හරි අලුත් දෙයක් බලාගන්න පුලුවන් වෙයි. (නි)
මම නම් කරන්නේ පක්ෂයට එකතුවෙලා හරි ආණ්ඩුව ආරක්ෂවර දැන් මන්ත්‍රි තරුවක් වෙන්න කියල (අ)
හිරුනිකා විසින් දුමින්දට එරෙහිව පවරා තිබූ නඩුව නීතිපති විසින් ඉල්ලා අස්කර ගන්නා ලදි.... (නු)
මේ ගොල්ලන්ගේ කතා අහන අපි තමයි අන්තිමට බැලුවහම මෝඩයන් වෙලා තියෙන්නේ. (නි)
ගොඩක් දෙනෙක් හිරුනිකා නංගි ගැන වැරදි විදිහට තිතාගෙන ඉන්නේ. ඇත්තටම කියනවා නම් හොදම දේ තමයි හිරුණිකා කරලා තියෙන්නේ. හිරුණිකා පොදු විපක්ෂයට ගියොත් මොකද වෙන්නේ? ලංකාව ගැන අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ. කතා කළා කියලා හිරුණිකාගේ අරමුණ වෙනස් වෙන්නේ නැහැ කියලා මම හොදටම දන්නව. (නි)
අනේ අපේ අනර්ට ෂෝක් නංගියෙක්. (නි)
විසෙන් විස නසමු. (නි)
අද රටේ උගත්, බුද්ධිමත්, හොර මැර නැති අයට තැනක් නැහැ. (නි)
එතකොට ෆෝන්සේකා මහත්තයාගේ පැත්තට යනවා කියලා පැතිරුණු කතාව බොරුවක්ද? (නි)
තමන්ගේ තාත්තාව මරපු අයගේ පැත්තේ රැළියට යන දුව කවුද? (නි)
කවුරු කොහොම කිවුවත් හිරුණිකා හරි. ඌරාගේ මාලු ඌරාගේ පිටේ තියලා තමයි කපන්න ඕනෑ. (නි)
නඩුව ඉල්ලා අස්කර ගත්තා නම් ඒ වැඩෙත් අවසානයි (නි)
හිරුණිකාටත් අතීතය අමතක උනාද දුමින්ද සිල්වාට වගේ..!!(නු)
අපරාදේ අපේ කාලේ නාස්ති වුණා..........(ස)
දේශපාලනයට කෙනෙක් සම්බන්ධ උනාම එයාව විශ්වාස කරන්න අමාරුයි..!!(නු)
තමනට වාසියක් වෙනවා නම් ආත්මය උනත් පාවා දෙන්න හැකි දක්ෂයෝ වැඩි හරියක් ඉන්නේ ලංකාවේ කියලයි මට හිතෙන්නේ.(ස)
පබාගේ නගා වගේ. (නි)
ඇය අවශ්‍ය ඕනෑම දෙයක් කරන්න සුදානම්ද? (නි)
මෙයා හෙට කිවුවොත්, තාත්තාට වැරදිලා තාත්තාම වෙඩි තියාගෙන කියලා, ඒකටත් පුදුම වෙන්න දෙයක් නැහැ. (නි)
හිරුණිකාගෙ තුන්වන නොහොත් ප්ලෑන් සී ද මේ..!!(නු)
ලැජ්ජයි. හරිම ලැජ්ජයි. (නි)
මේ ඔක්කොම කරන්නේ දේශපාලනය...ඒ නිසා කියන කතා ගණන් ගන්න එපා (ස)
නංගි, මට හිතෙන්නේ ඔයාට කවුරුහරි කොඩිවිනයක් කරලා. ඉක්මනටම මොකක් හරි කරලා ඕක කපලා දාන්න. (නි)
මේ හිරුණිකාමද කතා කරන්නේ? (නි)
ඔහොම යන් , ඔහොම යන්....(ස)
ජයවේවා! (නි)
මෙයා හැමදේම කරන්නෙ දුමින්දගෙන් පළිගන්න..!!(නු)
සමහරුන්ට තේරෙන්නේ නැහැ ඔයා කරන්න යන දේ.. ඔහොම හෙමින්සීරුවේ යන්න. ගමන පැහැදිළියි..!(නු)
මේ බව අපි නම් දැනගෙන හිටියා (නි)
ඒ අයට මතකත් නැත්නම් මේ අයට මතකත් නැත්නම් අපි මොකටද මේවා මතක තියාගෙන ඉන්නේ.. අපිත් ඔහෙ අමතක කරලා දාමු..!!(නු)
මේ අදහස් දැකල හිරුනිකා බඩ අල්ලන් හිනා වෙනවා ඇති අනේ මේ මිනිස්සු මට බැන බැන කොමෙන්ටු දැම්මට ඡන්දේ කාලේ වෙද්දි මේවා අමතකයි කියලා!!(නු)
ඇති දැන්වත් මොළේ පෑදුණා? (නි)
හෙට අනිද්දාට තව මොනවා කියයිද දන්නේ නැහැ. (නි)
ලැජ්ජයි හිරුණිකා. (නි)
ඔබට අපේ සහය
අපරාදෙ සල්ලි. (නි)
කල දුටු කළ වළ ඉහ ගන්නවා කියන්නේ ඕකට තමයි. මෙයාට සපෝර්ට් කරපු අපිටයි ගහන්න ඕනෑ. (නි)
දෑත් විතරද? එතකොට දෙපා...? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
මෙයාට මුකුත් මතක නෑ...(ස)
මේ හිරුණිකාමද? (නි)
හිරුණිකා නෝනටත් ලෙඩේ හැදිලා වගෙයි (නි)
ඔයා ඇදුමක් ඇදගෙනද කතා කළේ? (නි)
තාත්තා මරා ගත්ත සැකකරුවන් රට යවන්න ඉඩ දීපු අය සමග එකතු නොවී , තාත්තා දහඩිය හලලා ආසනයත් අරන්දීපු පක්ශයට ඔයා යන්න. තාත්තා ඔය කොහේ හරි ඉදගෙන ඔයා ගැන සතුටු වෙනවා ඇති. (නු)
පොදු විපක්ෂයට මොකක් වේවිද? (නි)
බණ්ඩාරනායක මැතිතුමන්ගේ පක්ෂය හෝ එහි ප්‍රතිපත්ති අද තිබේද? (නි)
මට අධෝ මුඛයෙන් හිනා ගිහිල්ලා බඩ ගියා. නරක දෙයක් කිවුවේ නැහැ. ඇත්තමයි මේ. (නි)
සිරස ටීවී එකට මොකද උනේ..!!(නු)
අපේ රටේ පිස්සු හැදුන පොදුජනතාවට ජයවේවා!!!!!!!!! (දී)
ලැජ්ජයි (නි)
ශ්රී ලාංකිකයෝ විශ්වාස කරන්න අමාරුයි.. මේගොල්ලන් කියන දේ නෙමෙයි කරන්නෙ.. සුභ අනාගතයක්..!!(නු)
ඇය දන්නේ නැතුව ඇති ඇගේ පියා ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සාමාජිකයකු වී සිටිය බව.(ස)
මම විශ්වාස කරනවා ඔබ නිවැරදි මාවත තෝරා ගත්තා කියලා. (නි)
ඇය දේශපානයේ පරිනත බවයි පෙන්නුම් කරන්නෙ.. මම ඔබට සුභ පතනවා සහෝදරිය..!!(නු)
ඔන්න ඔහේ නඩුවත් ඉල්ලා අස්කරගන්න හෙට අනිද්දට (නි)
සල්ලිවලට ඕනම දෙයක් කරනවා!!(නු)
ඔවා ඔහොම තමයි. දුප්පත් මිනිහෙක්ට කවදාවත් ඔය වගෙ චාන්ස් එකක හම්බවෙයිද? අනේ අපේ බුද්ධිමත් ජන්ද දයකයන්ට තේරෙයිද දන්නෙ නෑහෑ මේවා. (නි)
මෙයා කතාකරන්නේ මොනවත් දන්නෙ නැති ගානටනේ..!!(නු)
මෝඩයෝ වාගේ දැන් කෑ ගහල වැඩක් නැහැ මෙයාල ඔහොම තමයි (ස)
අනේ මන්දා...!!(නු)
ජනපතිගේ දෑත් ශක්තිමත් කරන්න ඔබ ගිය විගස අපි අපේ දෑත් ඔලුවෙ තියාගත්තා. (නි)
පොදු විපක්ෂයක් හෝ කඩාවැටුණු විපක්ෂයකට එකතු වන්නට බැභැ කියන එක වෙනම කතාවක්. ඒත් ඔය කරපු වැඩෙන් නම් සවුත්තු වෙන්නෙ එයාවම තමයි.. පිම්බිල පිම්බිල පුස් ගාල හුලඟක් පිටකලා. හැමෝටම බෙනාසීර් බූතො ල වෙන්න බැහැ.(නු)
මේක මොකද්ද ..89 දී අපි හීනෙකින්වත් හිතුවද JVP එක UNP එකත් එකක් එකතු වෙයි කියලා..(ස)
ගිහාන් මෙයා ඔයාගෙ අක්කාද?(නු)
අමන්දා, එයාට හොද නම් අනිත් අයට මොකද? අපි මේ පාරත් දෙන්නෙ මෙයාලටම තමයි.. අපිට ජය වේවා..!! අපිටනම් ජීවත් වීමේ අමාරුවක් නැහැ..අපට අපරාධ රැල්ලක් නැහැ.. රටේ දූෂණයක් නැහැ.. භීෂණයක් නැහැ.. ඕවා තිබුණෙ පහුගිය ආණ්ඩු කාලේ..!! අනේ කාලේ වනේ වාසේ....(ස)
දැන්වත් මොළය පෑදුණ එක ලොකු දෙයක්. (නි)
අනේ මෙයාට වුණ දේ? (නි)
හිරුණීකා හරි...(ස)
අපේ සෙරෙප්පුවෙන් අපටම ගහගන්න ඕනෑ. තව ටික දවසකින් මොනවා කියයිද දන්නේ නැහැ, මේක දේශපාලන ලෝකයයි කියලා. (නි)
මම ගොඩක් දුක් වුණා ඔබ පොදු විපක්ෂයට යනවා කියලා දැන ගත්තහම. (නි)
ගෑනු මොලේ හැදි මිටේ...(ස)
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා හිතන්නවත් බෑ...(ස)
ජනතාවට දැන්වත් මොළේ පෑදුණොත් හොදයි නේද? බැලුවහම මෝඩ අපි. (නි)
මේක ලස්සන ජනප්‍රිය පුවතක් වුනා. එත් රටට වැඩක් නැති තීරණයක්. මට දැනෙන්නේ මෙහෙමයි මෙ ''හොරු සමග හෙළුවෙන් '' කියලා. කොලොන්නාවේ සිද්ධිය දැන් මෙයාටත් අමතකලුනේ.(ස)
මෙහෙම්ත දුවලා? (නි)
හිරුනිකා දන්නවා යන්න ඕනෑ පාර (නි)
හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නෙ එළිපිට (නි)
අවංක දේශපාලනය කරනවා නම් පළමුව කළ යුත්තේ කටින් කතා කිරීමයි. (නි)
දුමින්දට වඩා හිරුණිකාටයි අමතක වෙලා තියෙන්නෙ.. (නු)
අනේ කලේ වනේ වාසේ කිව්වලු (ස)
මේ භාරතගේ දුව හිරුණිකාමද? (නි)
ඔයා ප්‍රතිචාදියාත් එක්ක එකතු වුණත් අපි නම් පුදුම වෙන්නේ නැහැ නංගී. (නි)
සල්ලි වලට බොහෝ දේ කළ හැක (නි)
මෙයාටත් පරණ දේව්ල ඔක්කොම අමතක වෙලාවද්ද? (නි)
මෙන්න දේශපාලනය කරන අයගේ ඇත්ත තත්ත්වය. මෙයාලා තමන්ගේම දෙමවුපියන්ට මෙහෙම කරනවා නම් අපිට කොහොම කරාවිද? පහුගිය කාලේදී කතා කළේ කොහොමද? දැන් මේ මොනවද කියන්නේ? ඇන ගන්න හිතෙනවා මට, මටම හොද ටොක්කක්, පහුගිය කාලෙදී මෙයාට පක්ෂව අදහස් ලිවුවට. (නි)
රටට හොදක් වෙනවනම් ඕනෑම දෙයක් (දී)
ඕනෑම ප්‍රශ්නයක් එකට එකක් කරමින් නිරාකරණය කරන්නට බැරි බව ඇය දන්නවා. ඇය බුද්ධිමත් හා එඩිතර කාන්තාවක් බවනම් කිව හැකියි. ඇය ගත් තීරණය හේතුකොටගෙන දැන් අන් අයට හැරෙන්නටවත් ඇය ඉඩනොතබා කටයුතු කිරීම අගය කළයුතුයි. (නි)
නොදන්න දේශපානයට නොගිහිං දන්න සාස්තරේ කරගෙන හිටියානම් හරිනෙ..!! (නු)