IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ජනපති- තරුණ කටයුතු ක්‍රීඩා අමාත්‍යාංශයේ ප්‍රගතිය විමසයි

(අංජුල මහික වීරරත්න)

ක්‍රීඩාව දියුණු කිරීමට දායක වන ක්‍රීඩා සංගම් සමඟ ඒකාබද්ධවී ක්‍රීඩාව ජාතික මට්ටමේ සිට ජාත්‍යන්තර මට්ටමට  ඔසවා තැබීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ක්‍රීඩා අමාත්‍යාංශයට උපදෙස් ලබා දුන්නේය.

විසිරුණු සහ හුදකලා වූ ක්‍රීඩා උපකරණ බෙදීම් වැනි වැඩසටහන් වලින් ඔබ්බට ගොස් කටයුතු කරන ලෙසද ජනාධිපතිවරයා කීය.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ ජනාධිපති කාර්යාලයේදී අද (16) පැවති තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදීය.

මෙහිදී, ක්‍රීඩා අමාත්‍යාංශය, ජාතික තරුණ සේවා සභාව සහ ජාතික යොවුන් සේනාංකයේ ආයතනික වශයෙන් ප්‍රගතිය සමාලෝචනය කෙරුණු අතර, එම ආයතන මේ වන විට ක්‍රියාත්මක කරමින් තිබෙන ව්‍යාපෘති සහ රටේ තරුණ-තරුණියන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ගෙන තිබෙන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය.

එමෙන්ම, ක්‍රීඩා සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙළ පිළිබඳව  කරුණු විමසා බැලූ  ජනාධිපතිවරයා ක්‍රීඩා සංවර්ධනය තුළින් සමාජීය ප්‍රතිලාභ මෙන්ම ලෝකයේ දියුණු රටවල මෙන් ආර්ථික ප්‍රතිලාභද අත් කර ගත හැකි බව පෙන්වා දුන්නේය. 

ජාතික තරුණ සේවා සභාව විසින් ක්‍රියාත්මක කෙරෙන “YOUTH CLUB”  වැඩසටහන පිළිබඳවද මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු කළ අතර, පාසල් අධ්‍යාපනය නිම කරන තරුණ-තරුණින් පදනම් කරගත් නවීන  සහ ශක්තිමත් වෘත්තීය අධ්‍යාපන මධ්‍යස්ථාන සංවර්ධනය කිරීමට අවධානය යොමු කරන ලෙසද උපදෙස් ලබා දුන්නේය.

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය මගින් දැනට ක්‍රියාත්මක කරන වැඩසටහන් කාර්යක්ෂමව සහ ඵලදායීව ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා, 2025 වර්ෂයට ඒ ඒ ආයතන වෙනුවෙන් වෙන් කර ඇති ප්‍රතිපාදන වර්ෂ අවසාන වන විට නිසි පරිදි යොදවා අපේක්ෂිත භෞතික සහ මූල්‍ය ඉලක්ක ළඟා කර ගැනීමට සියලු පාර්ශ්ව එක්ව කටයුතු කළ යුතු බවද අවධාරණය කළේය.

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය  සුනිල් කුමාර ගමගේ, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අරුණ බණ්ඩාර, ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ සුපුන් විජේරත්න  මහත්වරු සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ ඒ යටතේ ඇති ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරිහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 



අදහස් (0)

ජනපති- තරුණ කටයුතු ක්‍රීඩා අමාත්‍යාංශයේ ප්‍රගතිය විමසයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 582 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site