රංජන් කස්තුරි
මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාල සිසුන්ගේ ගැටලුව නිරාකරණය කිරීම සඳහා බව කියමින් ආරක්ෂක ඇමතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කර තිබෙන කැබිනට් පත්‍රිකාවේ සඳහන් කරුණු ගැටලු සහගත බැවින් ඒ සඳහා කෙසේවත් එකඟවිය නොහැකි යැයි වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය සඳහන් කරයි.
සයිටම් ගැටලුවට නිසි විසඳුමක් ලැබෙනු ඇතැයි අපේක්ෂාකළද ජනාධිපතිවරයා ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාවෙන් සියලු බලාපොරොත්තු සුනු විසුනු වී තිබෙන බවද වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයේ ලේකම් ගාමිණී ඒකනායක මහතා පැවසීය.
මාලබේ සයිටම් ආයතනයේ මුලු ශිෂ්‍ය සංඛ්‍යාව 961 ක් වන අතර ඉන් 110ක් පමණ සිසුන් මූලික සුදුසුකම් සපුරා නැති බවද එම නිසා ඔවුන් කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයට ඇතුළත් කිරීමට විරෝධය දක්වන බවද ඔහු කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ අයගේ දරුවන්ට විතරක් දොස්තරලා වෙන්න ඉඩ දෙන්න.
වෛද්‍ය පීඨය, වෛද්‍ය සේවය මාෆියාවක් වෙලා. ලැජ්ජයි.
මෙය අවංක ඊර්ෂ්‍යාවකි. මොන මගුලක්ද... ඔවුන් හිතන්නේ කවුද?
මෙවන් උදවිය දොස්තරලා උනහම බෙහෙත් දෙන්නේ ජීවත් වෙන්නද ?
කෝ සයිටම් එකට කත් අැදපු අය. රජයට පවරපු රෝහල දැන් නෙවිල් මහත්තයා විකුණනවා. මෙව්වා මාර නාඩගම්. දැන එතන සිසුන්ගේ 110කගේ සුදුසුකම් නැතිලු. මෙයලද දොස්තරලා කරන්න ගියේ
එහෙනම් ආපසු හැරෙන් කියල තමන්ගේ දුවල පුතාල පාරට බස්සමු නේද? වෛද්‍ය අධ්‍යාපනය තමන්ගේ බුදලයක් කියල තමයි මේ අම්මල තාත්තලා හිතාගෙන ඉන්නේ. ආත්මාර්ථකාමීත්වයටත් සීමාවක් තියෙන්න ඕන.
පය බරවායට පිටිකර බෙහෙත් වැඩක් නැහැ . මොන ගැටළුවටද හරි විසඳුම් දුන්නේ , පැලැස්තර කලාව විතරයි දන්නේ . ලංකාව අවුරුදු දහයක් පිටුපසට ගියා. අපරාදේ
මේ අය තමන්ගේ දරුවන් විතරක් ඉගෙන ගත්තම ඇති කියලා හිතන මිනිසුන් කොටසක්. පසුගිය අවුරුදු 70 ටම ඔහොම හිතලා තමයි, ලංකාව තවමත් නූගතුන්ගෙන් පිරි තුන්වන ලෝකයේ රටක් වෙලා තියෙන්නේ...