
(අංජුල මහික වීරරත්න)
ජනාධිපතිවරණය ලබන වසරේ මුල පවත්වනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි. ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා කොපමණ මුදල් ප්‍රතිපාදන අවශ්‍ය දැයි ගණනය කොට තමාට වහාම දැනුම් දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණ කොමිසමට දැනුම් දීමක් ද කර තිබේ.
මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.එල් රත්නායක මහතා ඇතුළු කොමිසමේ නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවූ ජනාධිපතිවරයා පවසා ඇත්තේ ජනපතිවරණයට වැය වන මුදල් ප්‍රතිපාදන ඉදිරි අයවැය ලේඛනයට ඇතුළත් කර මුදල් වෙන් කර ගත යුතුව ඇති බවයි. ජනාධිපතිවරණය සඳහා වැයවන මුදල් ප්‍රතිපාදන සම්බන්ධයෙන් වාර්තාවක් කඩිනමින් මුදල් අමාත්‍යංශයට යොමු කරන ලෙස උපදෙස් දුන් ජනාධිපතිවරයා අදාළ මූල්‍ය ප්‍රතිපාදන සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය සමගද සාකච්ඡා කරන ලෙස මැතිවරණ කොමිසමට දැනුම් දී ඇත.
ඉදිරි ජනාධිපතිවරණය සඳහා වැය වන මුදල් සම්බන්ධයෙන් අදාල ඇස්තමේන්තු සකස් කොට ඉක්මනින්ම මුදල් අමාත්‍යාංශයට ලබාදෙන බව එහිදී මැතිවරණ කොමිසම ජනාධිපතිවරයාට දැනුම්දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොර බය වෙලා ඉන්නේ. රට විකුණලා හරි බලේ රැකගන්න තමයි බලන්නේ... ඊයේ පෙරේදා ඉන්දියාවට ගිහින් පළාත් සභා ඡන්දේ කල්දාගන්න මොනවා වික්කාද දන්නේ නෑ. මොන ගේම් ගැහුවත් පාස්කු ප්‍රහාරය වළක්වා නොගත් නිවට අයට, ඒ මිනී දිහා බලබලා කලිසම උස්ස උස්සා හිනා වෙච්චි හැඟීම් විරහිත අයට, තොප්පිගල කැලයක් කියපු අයට, මහ බැංකුව හොරා කාපු අයට, බුද්ධි අංශය පාවා දුන් ද්‍රෝහි අයට, ආසනය පවා පැරදී ගෙදර යැවූ පසුත් හොර පාරෙන් ජනපති වූ ලැජ්ජ නැති අයටජනතාව නැවතත් ජන්දය දෙන්නේ නෑ.
මෙයා ඉන්දියාවට ගියපු ගමන් ජනාධිපතිවරණයක් පවත්වන්න හිතුවේ ඇයි දන්නේ නැහැ? අපේ රටට වෙච්චි හැම විනාශයකටම වගේ පැත්තකින් ඉන්දියාව ඉන්නවා. මෙයාව ආපහු ජනාධිපති කරලා රටේ ඉතිරිටිකත් ඉන්දියාවට ගන්නද දන්නේ නැහැ හදන්නේ...!
ජනාධිපතිවරණය ලබන වසරේ මුල හෝ නියමිත ආකාරයට පවත්වනු ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිට කරගෙන යන්නා වූ රටට හිතකර වෙනස්කම් සියල්ල එතුමා විසින් සිදුකරමින් සිටියි. එම නිසා රටට දේශපාලන යහපත් වෙනසක් ලබාදීමට එතුමාගේ දැනුම සහ පළපුරුද්ද අත්‍යාවශ්‍ය වේ. දැනට පාර්ලිමේන්තුවේ සිටිනා පිරිසගෙන් කිසිවකුට මෙවැනි ආකාරයට රටට වෙනසක් ලබාදීම වෙනුවෙන් තීන්දු සහ වෙනස්කම් කල නොහැකි නිසා සුදුසු අවස්ථාව පැමිණි පසු මැතිවරණයක් පවත්වනු ඇත. රටට දේශපාලන වෙනසක් ලබාදීම වෙනුවෙන් සුදුසුම තීරණය ගෙන සුදුසුම අවස්ථාවේ සුදුසු ජාතික මැතිවරණයක් පවත්වනු ඇත. අවස්ථාවාදී දූෂිත දේශපාලනය අවසන් කිරීමට කළහැකි සියලු වෙනස්කම් සහ අවස්ථාවන් උදාකිරීමට රටේ පුරවැසියන් වෙනුවෙන් සුබවාදී තීන්දුවකට පැමිණෙනු ඇත. මැතිවරණයක් පැවැත්වෙන්නේ නම් එය ජාතික මැතිවරණයක් විය යුතු පමණක් නොව ජනාධිපතිවරණයක් පළමුව පවත්වන්නේ නම් එය ලංකාවේ සමස්ත දේශපාලනයේ වෙනසක් වෙනුවෙන් පැවැත්වන මැතිවරණයක් විය යුතුවේ. ඩී එස් සේනානායක මැතිතුමාගේ ආරම්භ කළ දේශපාලනය "ශ්‍රී ලාංකික සහ මනුෂ්‍යත්වය" මූලික කරගත් දේශපාලන වෙනසක් රටට ලබාදිය යුතුවේ.
රනිල්ට සහ රාජපක්ෂලාට ආයේ කවදාවත් ඡන්දෙ දෙන්නේ නෑ.
ජනාධිපතිවරණය තියන එක හොඳයි. හොරු තක්කඩි මංකොල්ල කාරයින්ට මෙන්ම රැල්ලට යන දාමරිකයින්ට නොරැවටී සැබෑ ජන නායකයින් තෝරා ගැනීමට ජනතාවට ශක්තිය, ධෛර්යය ලැබේවා..!!! ඒත්, එවන් නායකයින් මෙහි ඉන්නවාද කියලා හිතන්න වෙලා තියෙන්නේ...
මේ සුමානේ ඇදගෙන යන්න පොඩි නිවුස් ප්ලෑන් එකක්...
සමහර අදහස් වලට තියෙන ඩිස්ලයික් දැක්කාම 2019 හිටපු ලක්ෂ හැටනවයක මොංගල් කට්ටිය ලක්ෂ අසූවක් පමණ වෙලා කියලා පැහැදිලි වෙනවා...
හොර නඩේ ගෙදර යවන දවස අතළඟ...
තැනක තියෙනවා ලබන වසරේ මුලදි ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කරනවා කියලා තවත් කෙනෙක් කියනවා හදිසියේ ජනාධිපතිවරණය තියෙනවා කියලා... ඇත්තටම මැතිවරණයක් සඳහා පෙර වර්ෂයේ මුදල් වෙන්කිරීමත් කරනවා තමයි. ඒත් මැතිවරණය වර්ෂයේ මුලද, මැදද, අගද කියලා අදාල වෙන්නේ නැහැ.. අයවැය සඳහා තොරතුරු අවශ්‍ය වෙනවා...
ඉන්දියාවට ගියා, මූල්‍යමය සහයෝගීතාවයකට සාකච්ඡා කළා. ඉන්දියාව කොන්දේසියක් දැම්මා, මොකද්ද? ඉක්මනට පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුයි කියලා. ඉතින් ඊට පෙර තමුන්ගේ බලය උරගාල තහවුරු කර ගන්න එපායැ... ආන්න ඒකයි මේ ජනාධිපතිවරණයකට මුදල් අවශ්‍යතාවය හොයන්න යන්නේ... නැතිනම් ලබන වසර ඔක්තෝබර් වෙනකම් තනතුරේ ඉන්න බැරිද? ජනාධිපතිවරණයකට වියදම වැඩියි කියලා ජනමත විමසුමකට පාර හොයා ගන්නවා වෙන්නත් පුළුවන්...
ජනතා ද්‍රෝහී අදහස් තියෙන එකම පැළැන්තියේ අයව පරද්දන්න ලැබෙන අවසන් අවස්ථාව ජනතාව යොදාගනීද කියලා බලමු අපි...!
තිබිය යුතු ඡන්දයට සියලු කෙනෙහිලිකම් කරලා නවත්වලා ජනාධිපති ඡන්දය තියන්න යනවා. පොහොට්ටු කාරයින්ගේ ආරක්ෂාවට සියලුම දේ කිරීමේ පොරොන්දුවෙන් ඔවුන්ගේ ඡන්ද ගැනීමත්, ද්‍රවිඩ ඡන්ද ගැනීමත් තුළින් රනිල් ජනපති වීමයි උපාය මාර්ගය. මෙම දූෂිත ආණ්ඩුවේ ඇමතිලා ගණනාවක් ම ඉවත් කිරීමට හේතු ගොඩක් තියෙනවා. සදාචාරාත්මකව ඔවුන්ට ඔතැන ඉන්න බැහැ. රනිල් ඒ අයට මොකුත් කරන්නේ නැහැ. ඔවුන්ගේ ඡන්දයෙන් දිනලා ජනමත විචාරණයක් වගේ දේකින් පොහොට්ටු කාරයින්ගේ පැවැත්ම තහවුරු කිරීම ජනපතිවරණයට පෙර ඔහු විසින් පොහොට්ටුවට දෙන පොරොන්දුවකි. ඉන්න හොරු ආරක්ෂා කරන එක තවත් පොරොන්දුවකි...
ඡන්දයක් තියලා නීත්‍යානුකූලව ජනාධිපති වෙලා එනකල් හිඟමන් දෙන්න බැහැ කියලා වගේ...?
අනුර දිසානායක තමයි දිනන්නේ...!