ග්ලයිපොසේට් නම් වල් නාශකය අද (22) සිට ආනයනය හා වෙළඳාම මුළුමනින් තහනම් කරන බව මෛත්‍රිපාල සිරිසේන ජනපති බණ්ඩාරනායක සමරු හලේ රැස්වීමකදී ප්‍රකාශ කළේය.
පළල් පත්‍ර හා තණකොළ මැරීම සඳහා බහුල වශයෙන් යොදාගන්නා මෙම වල් නාශකය ශ්‍රී ලංකාවේ යොදාගැනීමෙන් වකුගඩු රෝගය පැතිරෙන බව විශේෂඥ වාර්තා කිහිපයකින් පෙන්වා දී ඇත.
‘දැනට ගෙන්වා ඇති ග්ලයිපොසේට් විකුණා ගැනීමට ඉඩ දෙන්නැයි ඇතැම් ව්‍යාපාරිකයන් ඉල්ලා සිටියා. නමුත් තව එක පුද්ගලයකුවත් වකුගඩු රෝගයට ගොදුරුවීමට ඉඩදිය නොහැකියි. ඒ නිසා එම වල් නාශකය ආනයනය තහනම් කරනවා‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනපතිතුමා ගත් ඉතා හොඳ තීරණයක්. (නි)
ඔබතුමා ගොවි පරපුර වෙනුවෙන් මෙතෙක් ගත් ඉහළම තීරණය මෙයයි. (නි)