ගාල්ල ඊරියගොල්ලගහ හන්දියේ ගරාජයක තිබී චැසි අංක,අංක තහඩු ,එන්ජින් අංක නොමැති ඉන්ටර්කූලර් ජිප්රියක් සොයාගත් බව රහස් පොලීසිය පවසයි.
ගරාජයේ හිමිකරු පවසනුයේ මැතිවරණයකට දින කිහිපයකට පෙර නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගමගේ ලේකම්වරයකු යැයි පවසන පුද්ගලයකු වාහනය අලුත් වැඩියා කිරීම සඳහා ගෙන ආ බවත් වතුර නොමැතිව ධාවනය කිරීම නිසා එන්ජිමට දැඩි හානි සිදු වී වාහනය භාවිතයට ගත නොහැකි යැයි ද ඔහු පවසයි.
වාහනය පිළිබඳ තොරතුරු සැපැයු ගාල්ල එජාප මන්ත්‍රී විජයපාල හෙට්ටිආරච්චි මහතා පොලීසියට කියා ඇත්තේ මෙම වාහනය ජනාධිපති ලේකම් කාර්යාල රථ සංචිතයේ එකක් බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුතුහෙට්ටිගම මහත්තයා ගැන නම් හිතාගන්නත් අමාරුයි (නි)
මම හොඳට "සූර්" වෙලා හිටපු නිසා ඉන්ටකූලර් එකටත් බාගයක් දාලා තමයි වාහනේ එළවන් ගිහින් තියෙන්නේ. වාහනේ අලුත් වැඩියා කරන්න බැරි නම් එ්කේ වටිනාකම අයකරගන්න. මේ ගොල්ලෝ ළඟ ඕන තරම් අඳුනන්නේ නැති සල්ලි ගොඩ ගහල තියෙන නිසා ඒක ප්‍රශ්ණයක් නැහැ. මගේ සීය කියනවා රටේ නීතිය එකයි, ළමයිනේ කියා (නදී)
වාහනය හදාගන්න දැන් සල්ලිත් නැතුව ඇති. පවු! (නි)
හරියටම කියන්න අමාරු නම් කට වහගෙන ඉන්න එකයි තියෙන්නේ. අතටම බඩු අහුවෙලා තියෙද්දී මොකක්ද වෙලා තියෙන්නේ කියල පොඩි ළමයෙකුට උනත්පෙනෙනවා. හරියටම කියන්න අමාරුයි කියල කියන්නේ සුද්ද කරන්ඩ කොහොමවත් බැරි නිසයි. (නදී)
මැතිවරණය සාධාරණ ලෙස කර ඇති හැටි දැන් පෙනෙනවා. රටේ මුදල් විනාශ කළ සෑම කෙනෙකුටම දැඩි දඬුවම් පැමිණවිය යුතුයි (නි)
දැන් මේවාට දඬුවම් කළොත් කියාවි ඔන්න පළිගන්නවා කියලා. කසාය බීපු ගොළුවෝ වගේ ඉන්න තමයි අන්තිමේදී ඡන්දෙ දුන් අපිට වෙලා තියෙන්නේ. (නි)
මුතුහෙට්ටිගම මහත්තයා ආයෙමත් සිංගප්පූරු පැත්තේ ගිහිල්ලා ආවොත් හොඳ නැද්ද? (නි)
ඔය ටික ටික එළිවෙන්නේ! (නි)
හොඳක් නම් වෙන්න එපා දෙවියනේ! අනේ අපේ බදු සල්ලි වලින් නටලා තිබෙන පිස්සුවක හැටි! (නි)
වාහනය අලුත්වැඩියා කරලා වියදම මුතුහෙට්ටිගම මහත්තයාගෙන් අයකර ගනිමුද? (නි)
හරියටම කියන්න අමාරුයි නේද ? (නදී)
බැලුවහම හැමෝම වගේ කරලා තියෙන්නේ එකම දේවල්නේ! (නි)
මොවුන් ලබන ඡන්දයෙන් එලවා දමමු (නදී)
මේ දේවල් තමයි ජාතික අපරාධ කියන්නේ.(හේ)
සාමාන්‍යයෙන් වතුර නැතුව දිව්වම එන්ජිමට වෙන හානිය තමයි ගැස්කට් යන එක ඊට අමතරව රේඩියෙටරය නමුත් ප්‍රශ්නේ තියෙන්නේ රජයේ දේපල වලට මේ වගේ හානි කරන දේශපාලකයන්ට දෙන දඬුවම මොකද්ද කියන එකයි පසුගිය රජයේ පරාජයට හේතු වුන කාරණා අතරින් මෙයා සහ මෙයාගේ පන්නයේ සමහරු කරපු දේවල් ප්‍රදානයි.(හේ)
මෙවැනි පුද්ගලයින් රටේ සිවිල් පාලනය සඳහා ගෙන ඇමතිකම් ප්‍රධානය කිරීමෙන් බොහෝ දේ හිතාගන්න පුළුවන් (නි)
පැට්‍රල් විතර වෙන්න ඇති ගෙනියන්න මතක්වුණේ. වාහනයේ එන්ජිමටවත් වතුර දාගෙන යන්නේ නැහැ. (නි)