IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ජනපති කාර්යාල ජිප් රියක් මුතුහෙට්ටිගම ළඟ

ගාල්ල ඊරියගොල්ලගහ හන්දියේ  ගරාජයක  තිබී චැසි අංක,අංක තහඩු ,එන්ජින් අංක නොමැති  ඉන්ටර්කූලර්  ජිප්රියක් සොයාගත් බව  රහස් පොලීසිය පවසයි.

ගරාජයේ හිමිකරු පවසනුයේ මැතිවරණයකට  දින කිහිපයකට පෙර නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගමගේ  ලේකම්වරයකු යැයි පවසන පුද්ගලයකු වාහනය අලුත් වැඩියා කිරීම සඳහා ගෙන ආ බවත් වතුර නොමැතිව ධාවනය කිරීම නිසා  එන්ජිමට දැඩි හානි සිදු වී   වාහනය භාවිතයට ගත නොහැකි යැයි ද ඔහු පවසයි.

වාහනය පිළිබඳ තොරතුරු සැපැයු ගාල්ල එජාප මන්ත්‍රී   විජයපාල හෙට්ටිආරච්චි මහතා පොලීසියට කියා ඇත්තේ  මෙම වාහනය ජනාධිපති ලේකම් කාර්යාල  රථ සංචිතයේ  එකක් බවයි.



අදහස් (0)

ජනපති කාර්යාල ජිප් රියක් මුතුහෙට්ටිගම ළඟ

යසංග Friday, 16 January 2015 06:25 PM

මුතුහෙට්ටිගම මහත්තයා ගැන නම් හිතාගන්නත් අමාරුයි (නි)

:       0       0

නන්දලාල් Monday, 19 January 2015 08:38 PM

මම හොඳට "සූර්" වෙලා හිටපු නිසා ඉන්ටකූලර් එකටත් බාගයක් දාලා තමයි වාහනේ එළවන් ගිහින් තියෙන්නේ. වාහනේ අලුත් වැඩියා කරන්න බැරි නම් එ්කේ වටිනාකම අයකරගන්න. මේ ගොල්ලෝ ළඟ ඕන තරම් අඳුනන්නේ නැති සල්ලි ගොඩ ගහල තියෙන නිසා ඒක ප්‍රශ්ණයක් නැහැ. මගේ සීය කියනවා රටේ නීතිය එකයි, ළමයිනේ කියා (නදී)

:       0       0

පැතුම් Friday, 16 January 2015 06:42 PM

වාහනය හදාගන්න දැන් සල්ලිත් නැතුව ඇති. පවු! (නි)

:       0       0

සරත් Monday, 19 January 2015 12:24 AM

හරියටම කියන්න අමාරු නම් කට වහගෙන ඉන්න එකයි තියෙන්නේ. අතටම බඩු අහුවෙලා තියෙද්දී මොකක්ද වෙලා තියෙන්නේ කියල පොඩි ළමයෙකුට උනත්පෙනෙනවා. හරියටම කියන්න අමාරුයි කියල කියන්නේ සුද්ද කරන්ඩ කොහොමවත් බැරි නිසයි. (නදී)

:       0       0

නිමල් ලාලිත Friday, 16 January 2015 09:40 PM

මැතිවරණය සාධාරණ ලෙස කර ඇති හැටි දැන් පෙනෙනවා. රටේ මුදල් විනාශ කළ සෑම කෙනෙකුටම දැඩි දඬුවම් පැමිණවිය යුතුයි (නි)

:       0       0

දිලාන් Saturday, 17 January 2015 02:19 AM

දැන් මේවාට දඬුවම් කළොත් කියාවි ඔන්න පළිගන්නවා කියලා. කසාය බීපු ගොළුවෝ වගේ ඉන්න තමයි අන්තිමේදී ඡන්දෙ දුන් අපිට වෙලා තියෙන්නේ. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 17 January 2015 03:54 AM

මුතුහෙට්ටිගම මහත්තයා ආයෙමත් සිංගප්පූරු පැත්තේ ගිහිල්ලා ආවොත් හොඳ නැද්ද? (නි)

:       0       0

සමන් Friday, 16 January 2015 10:53 AM

ඔය ටික ටික එළිවෙන්නේ! (නි)

:       0       0

ගාමිණී Friday, 16 January 2015 11:59 AM

හොඳක් නම් වෙන්න එපා දෙවියනේ! අනේ අපේ බදු සල්ලි වලින් නටලා තිබෙන පිස්සුවක හැටි! (නි)

:       0       0

චමින්ද Friday, 16 January 2015 12:54 PM

වාහනය අලුත්වැඩියා කරලා වියදම මුතුහෙට්ටිගම මහත්තයාගෙන් අයකර ගනිමුද? (නි)

:       0       0

ද්‍ර. රවිඳු Sunday, 18 January 2015 11:28 AM

හරියටම කියන්න අමාරුයි නේද ? (නදී)

:       0       0

මාතර සුනිල් Friday, 16 January 2015 01:22 PM

බැලුවහම හැමෝම වගේ කරලා තියෙන්නේ එකම දේවල්නේ! (නි)

:       0       0

චමින්ද Friday, 16 January 2015 02:20 PM

මොවුන් ලබන ඡන්දයෙන් එලවා දමමු (නදී)

:       0       0

ජගත් Tuesday, 20 January 2015 10:30 AM

මේ දේවල් තමයි ජාතික අපරාධ කියන්නේ.(හේ)

:       0       0

ජයත් Tuesday, 20 January 2015 10:31 AM

සාමාන්‍යයෙන් වතුර නැතුව දිව්වම එන්ජිමට වෙන හානිය තමයි ගැස්කට් යන එක ඊට අමතරව රේඩියෙටරය නමුත් ප්‍රශ්නේ තියෙන්නේ රජයේ දේපල වලට මේ වගේ හානි කරන දේශපාලකයන්ට දෙන දඬුවම මොකද්ද කියන එකයි පසුගිය රජයේ පරාජයට හේතු වුන කාරණා අතරින් මෙයා සහ මෙයාගේ පන්නයේ සමහරු කරපු දේවල් ප්‍රදානයි.(හේ)

:       0       0

චානක(ලොස් ඇන්ජලිස්) Friday, 16 January 2015 04:48 PM

මෙවැනි පුද්ගලයින් රටේ සිවිල් පාලනය සඳහා ගෙන ඇමතිකම් ප්‍රධානය කිරීමෙන් බොහෝ දේ හිතාගන්න පුළුවන් (නි)

:       0       0

ගුණේ Friday, 16 January 2015 05:35 PM

පැට්‍රල් විතර වෙන්න ඇති ගෙනියන්න මතක්වුණේ. වාහනයේ එන්ජිමටවත් වතුර දාගෙන යන්නේ නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 736 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 563 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 453 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site