මහනුවර දළදා මාලිගාව ඉදිරිපිට පිහිටි ‘‘උල් පැන්ගෙයි’’ පවත්වාගෙන යන පොලිසිය එම ගොඩනැගිල්ලෙන් වහාම අන් තැනකට මාරු කරන ලෙස දළදා සමිඳුන් වැඳපුදා ගැනීමට අද එහි ගිය මහින්ද රාජපක්‍ෂ ජනපති නියෝග කළේය. මීට පෙරද එම පොලිසිය එතැනින් ඉවත් කරන ලෙස දන්වා තිබිණි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපොයි, මොනවා වුණත් රටක නායකයෙක් කියලා හිතන්න තිබුණා. (නි)
මම දන්න විදියට 'ලෝක උරුම නගරය' අවදානම් ලැයිස්තුවට වැටෙන්න මේකත් එක හේතුවක් වෙන්න පුලුවන්. (නි)
දලදා මැදුර තවදුරටත් බලකොටුවක් විය යුතුද?. යුද්ධෙ ඉවර වෙලා අවුරුදු තුනයි..(නු)
දැං පොලිසියෙ ගැනත් අහන්න හම්බවෙන්නෙ මේ වගේ කතාද?(නු)
පොලිස් වැඩ ගැන නම් ඉතිං ආයි කතා කරන්න දෙයක් නැහැ. ඒ තරමටම විශිෂ්ටයි. (නි)
ලුම්බිණිගෙ කතාව ඇත්ත.. ඔය පාර විවෘත කරලා දෙනඑක ලොකු දෙයක්.. පැය භාගයකට වඩා යනවා වාහන තදබදය නිසා වැව රවුමෙ යන්න.. (නු)
ජනාධිපති කිව්වත් වැඩේ වෙන්නෙ නැත්නම්, රටේ කෙරෙන අතිත් වැඩ ගැන හිතාගන්න පුළුවන්. ආශ්චර්යය කියලා මේවටද කියන්නේ? (නි)
වැඩේ ට දඩුවම් ලැබෙන්න ඕනේ
මේක මෙහෙම පළ කරපු එකත් හොදයි..!! ඉක්මනට අයින් කර ගනීවි දැං..!(නු)
අයින් කළාට ඊළගට ඒක ගෙනියන්නේ කොහේටද කියලා කියන්න නැතුව ඇති සමහරවිට. (නි)
දඩුවම් දෙන්න ඕනේ
රයේ නායකයෙක් කියලාවත් ගණන් ගන්නේ නැති පොලිසියක්නේ ලංකාවේ තියෙන්නේ. (නි)
එතකොට දළදා මාළිගාවේ ආරක්ෂාව ? .(ස)
ඇයි අයින් කරන්න කියන්නෙ? අනේ මන් මේ දන්නැති නිසයි අහන්නෙ...(ස)
මට හිතෙනවා පොලීසි යන්න....(ස)
අර දළදා හාමුදුරුවො වටේ තියෙන තැබෑරුම් කවද්ද අයින් කරන්නෙ ??? (ස)
මේකේන් පෙනෙන්නේ පොලිසිය ජනපතිට වඩා ඉහළයි (අ)
ඊට වැඩිය වැදගත් දෙයක් තමයි අර මාළිගාව ළඟින් තිබෙන පාර අරින එක. මේකෙන් කොයි තරම් නම් කරදරයක් වෙනවාද කියලා දන්නේ වැව වටේ යන මිනිස්සු තමයි. ජනාධිපතිතුමා මේක දකින්න නැතුව ඇති මම හිතන්නේ. (නි)
සුදු වෑන් ආවොත් ඔයාලව ගෙනියාවී....(ස)
මිනිස්සු දැන් කියන කිසිම දෙයක් ගණන් ගන්නේ නැහැ වගේ නේද? (නි)
තදින් කියන්න ඕනෑ. (නි)
තවත් ඉතිං මොන කතාද? (නි)