
(අංජුල මහික වීරරත්න)
7 වැනි ඉන්දීය සාගර සමුළුවට සහභාගිවීමට ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (10) බටහිර ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
කොන්සල් කාර්යාලය වෙත පැමිණි ජනාධිපතිවරයා කොන්සල් ජනරාල් ආචාර්ය රොෂ් ජලග්ගේ මහතා සහ ප්‍රියංකා ගමගේ මහත්මිය විසින් ගෞරවයෙන් පිළිගනු ලැබීය.
ජනාධිපතිවරයා කොන්සල් ජනරාල් ඇතුළු එහි කාර්ය මණ්ඩලය සමඟ සුහද කථා බහකට එක් වූ අතර ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි ගොඩනැඟීමේ ක්‍රියාවලියේ දී ඔවුන්ට ලබාදිය හැකි සක්‍රීය දායකත්වය පිළිබඳව ද එහිදී පුළුල් අවධානයක් යොමු කෙරිණි.
කොන්සල් ජනරාල් ආචාර්ය රොෂ් ජලග්ගේ මහතා මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සිහිවටන තිළිණයක් ද පිළිගැන්වීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ට්‍රේලියානු ආණ්ඩුවේ කවුරුවත් තේ උගුරක්වත් බොන්න කතා කළේ නැද්ද?