විනීතා එම් ගමගේ
අග‍්‍රමාත්‍ය ධුරය පිළිබඳව මතය විමසීමට ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය ට ගියහොත් ඒ පිළිබඳ තම අදහස් දැක්වීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ නීතිඥවරුන් ද ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යන බව පිවිතුරු හෙළ උරුමය නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා ප‍්‍රකාශ කළේය.
අග‍්‍රාමාත්‍යවරයා ඉවත්කළ හැකිද යන්න පිළිබඳ මතය දැන ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යාමට ව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ වන විටත් සුදානමින් සිටින බව මාධ්‍ය වාර්තා කර ඇති බවත් ඒ අනුව තමන්ද ඒකාබද්ධ විපක්ෂයේ නීතිඥවරුන්ගේ මතය අධිකරණය හමුවේ ඉදිරිපත් කිරීමට සුදානමින් සිටින බවත් පිවිතුරු හෙළඋරුමය පක්ෂ කාර්යාලයේ දී අද පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ගම්මන්පිල මහතා ප‍්‍රකාශ කළේය.
මීට පෙර අවස්ථාවකදී ජනාධිපතිවරයාගේ නිල කාලය වසර පහක් ද හයක් ද යන්න ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසු අවස්ථාවේ තමන් ඉදිරිපත් කළ කරුණු ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගත් බව ද මන්ත‍්‍රීවරයා පැවැසීය.
පවතින ආණ්ඩුව පිළිබඳ සත්‍යය තවමත් ජනතාව අතර කථාබහට ලක්වී නැතැයි පැවසූ මන්ත‍්‍රීවරයා සියයට 13ක ඡන්ද ප‍්‍රතිශතයක් ලැබු ජනාධිපතිවරයා ගේ පක්ෂය සියයට 87 ක්ම ප‍්‍රතික්ෂේප කර ඇතැයි කීය. එමෙන්ම සියයට විසිතුනක ඡන්ද ප‍්‍රතිශතයක් ලැබු එක්සත් ජාතික පක්ෂය සියයට 67 ක් ජනතාව විසින් ප‍්‍රතික්ෂේප කර ඇතැයි ද පෙන්වා දුන්නේය.
මේ අනුව තව දුරටත් ආණ්ඩු කරගෙන යන්නට මේ දෙපිරිසම සුදුසු නොවන බව ජනතාව පෙන්වා දී ඇති නමුත් ආණ්ඩුව මේ බව පිළි නොගන්නේ යැයි ද පැවැසීය. මේ තත්ත්වය යටතේ මහ මැතිවරණයකට යන්නට ඒකාබද්ධ විපක්ෂයේ සියල දෙනා කැමැත්තෙන් සිටින බව ද හෙතෙම තව දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඔබතුමා පත්වෙලා ඉන්නෙ කුමන පක්ෂෙකින් හරි රටට, පලාතට වෑඩ කරන්නනෙ මන්ත‍්‍රී කෙනෙක් වශයෙන්. තමන්ගෙ ඒ ප්රමුඛ වගකීම අත ඈරලා හෑමදාම මාධ්‍ය හෝ පෙලපාලි අනම් මනම් කර කර අපේ සල්ලි විනාස කරන එක හරි කියලද ඔබ හිතන්නෙ? මම හිතනවා ඔබ මෙය කියවයි කියලා. එහෙමනම් උත්තරයක් ලියන්න . මම කෑමති ඔබ සමහ විවාදයකට එන්න. ඔබතුමා මොනව කිව්වත්, ලැබෙන සියලු දීමනා,පහසුකම්, පඩි එලෙසම ලබා ගන්නවනේ
සිරිසේන මහතාව ජනාධිපති කරන්න රනිල් මහතා තම අසුන පරිතතග කලේ,එජාප චන්ද අරන් දුන්නේ අදිකරණයේ මතය විමසලාද ? එදා රනිල් මහතා එසේ නොකරන්නට සිරිසේන මහතා ජනාධිපති වෙනවාද ? එදා එයා මහින්ද මහතාට කලදේම අද රනිල් මහතාටත් කළා.
මු චන්දෙ කරන්න එකතු කරපු රුපියල් 100 ට බල්ලන්ට පාන් අරන් දුන්න නම් උ නගුට හරි වනය් මුන් කරපු හොරකම් ජනතාව දන්නවා
ඔය තර්කයට අනුව 56% ක් , ඔහේලටත් කැමති නෑ.
අනේ ඔයාගේ කිසිදාක පල නොදෙන හීනය ඉටු වෙනවා දකින්න මුළු රටම බලා ඉන්නවා. නාමල් බේබි රජ වුන දවසක් අගමැති කමට ඔයා තරම් සුදුස්සෙක් තවත් නැහැ කියල ජනතාව දැන්ම කියනවා. අපුල්ලන අය වැඩියෙන් ඉන්නවා කියා පිවිතුරු කම කිලිටි කරගන්න එපා.
අපිත් බලන් ඉන්නවා...
මෙයාගේ කට වහන්න රුපියල් 100 දෙන්න නැත්තන් ගෙම්බා වගේ පනී.