උදේ ව්‍යායාම කිරීමට ගාලු මුවදොර පිටියට ආ ශිරන්ති රාජපක්ෂ ආර්යාවගේ ගමන් මග හරස් කළැයි කියන කසුන් උදාර සම්පත් ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා නියෝග කෙළේය. මානසික අසනීපයකට ඔහු කලක සිට බෙහෙත් ගන්නා බව ඔහුගේ නීතිඥයා උසාවිය දැන්වීය. ඔහුගේ මව ඇප කාරිය වශයෙන් නම් කළ මහේස්ත්‍රාත් ඔහු මානසික වෛද්‍ය සායනයට ඉදිරිපත් කැර උසාවියට විස්තර දන්වන ලෙස ද නියෝග කෙළේය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුද්ගලයා කව්ද ? (දී)
කොහොමද මෙහෙම කරන්නේ, වටේටම ආරක්ෂාව දාලානේ තියෙන්නේ? (නි)
හරස්කපනකල් ආරක්ෂකයෝ මොකද කලේ (දී)
බටහිර බලවේගයක්ද...(ස)
මේවා කියවන අපිට හිතෙන්නේ ඇත්තටම පිස්සු අපටද කියලා?!! (නි)
හොද වෙලාවට පිස්සු උනේ, (දී)
31 July 2012 මොනවා කලත් රටේ පලවෙනියගේ බිරිදනේ
පිස්සු නැත්නම් ඔලුව කළුගලේ ගහ ගනීවිද (දී)
ඔලුව හොද නැති බව කරපු වැඩෙන්ම පේනවා (දී)
ජනාධිපති = ජනාධිපති ආර්යාව (දී)
කාටද පිස්සු ????? (දී)
කෝ ආරක්ෂාව ? (ස)
වෙන්න පුළුවන්. නැත්නම් ඔහොම වැඩක් කරයි යැ (දී)
ජනපති ආර්යාව නම් ඕක ගනං ගන්න එකක් නැහැ..(නු)
මමත් උදේ ව්‍යායාම කරනවා මට කවුරුත් හරස් කපන්න එන්නෙ නෑනේ.. (ස)
ප්‍රාදේශිය සභා සභාපති කෙනෙක්ද දන්නෙ නැහැ?(වි)
ඉස්සර කාලේ වගේ රජවාසලේ අන්දරේ කෙනෙක් වෙන්න එයාට හිතුණද දන්නේ නැහැ. (නි)
ගෝල්ෆේස් එකේදී ඉතිං කී දෙනෙක් අපේ ඇගවල් වලත් හැප්පෙනවා ඇද්ද? (නි)
ඔය මනුස්සයා අපේ අහවලාද දන්නේ නැහැ. (නි)
අම්මප හැබෑව තමයි. ඔය මනුස්සයා ප්‍රාදේශිය සභා සභාපති කෙනෙක් වෙන්න පුලුවන් තමයි. (නි)
අනේ වැඩේමයි. (නි)
මානසික ලෙඩෙක් තමයි. නැතුව මිනිහෙක් හොද සිහියෙන් මෙහෙම දේවල් කරයිද? (නි)
මම නම් ඔය ගෝල්පේස් එකේ, ඕන තරම් ගැහැණුන්ගේ ඇගේ හැප්පිලා තියනවා, අපි ගෝල්පේස් යන්නේ විනෝදෙටනේ නේද? (නි)
අහිංසකයන් තමයි හැමදාමත් තැළෙන්නේ. (නි)
හරි දන් අපිට මොකක්ද කරන්න කියන්නේ? (නි)
පිස්සන් රජ වුණත් රජවරුන් පිස්සන් වුණත්, අපිට ඒ දෙකම එකයි. (නි)
මිනිහට පිස්සු නැහැ (දී)
මොකක්ද හරස් කැපුව කියන්නේ ? (දී)
පොඩි මිනිස්සු පවු නැද්ද? (නි)
ගෝල් ෆේස් එකට යන්නත් අවසර ගන්න වෙයි වගේ (දී).
රටේ හැමතැනම මැරිලියි කැපිලියි. මෙහෙම වෙනකම් පොලිසිය මොකද කලේ? (දී)
සමහර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුනුත් මානසික ලෙඩ්ඩුද දන්නේ නැහැ නේද? (නි)
පිස්සු නැත්නම් ශෝක්....(ස)
මේවා එච්චර ගණන් ගන්න එපා. (නි)
ඒ මනුස්සයත් මානසික රෝගියෙක් වෙලා හරි ප්‍රසිද්ධ වුණානේ. (නි)
කවුරු හරි පිස්සෙක් වෙන්න ඇති. ඒත් වැරැද්ද නම් ලොකුයි. (නි)
අනුනමෙන්නේ බේරිලා තියෙන්නේ. මහා භයානක වැඩක්නේ කරන්න ගිහින් තියෙන්නේ. (නි)
අපිටයි පිස්සු (දී)
ආරක්ෂක භටයෝ හිටියේ නිදා ගෙනද දන්නේ නැහැ. (නි)
අපිටයි පිස්සු, බලාගෙන යනකොට. (නි)
පොඩි මිනිහට තමයි හැමදේම. (නි)
දැන්නම් රටේ වැඩිපුර ඉන්නේ මානසික පිස්සන් තමයි. (නි)
ඇති ඔයින් ගියා. (නි)
ඇයි එහෙනම් උසාවියට අපහාස කළ අයව අත්අඩංගුවට ගන්න බැරි? (නි)
පිස්සෙක් නේන්නම්... (නි)
කෝ ආරක්ෂක භටයන්? (නි)
එංගලන්තේ වගේම තමයි. (දී)
එතුමියට තියා ප්‍රාදේශීය සභාවක කෙනකුටවත් හරස් කපයිද ඔලුව හොඳ මනුස්සයෙක්....??? (නි)
සමන් කුමාර 2012-07-30 16:11:09 "රටේ හැමතැනම මැරිලියි කැපිලියි. " ඒක ඇත්ත. අකුරැස්ස කැපුම් සිද්ධියේ අයටත් ඇප ලැබුණා නේද? (නි)