මහින්ද රාජපක්ෂ අද අලුයම විපක්ෂ නායකවරයා හමුවීමෙන් පසු ඡන්ද ප්‍රතිඵල නිකුත් වීමට ප්‍රථම අරලිය ගහ මැදුරෙන් පිටත්ව ගියේය.
ඔහු පවසා ඇත්තේ නව ජනපතිට බාධාවකින් තොරව කටයුතු කරගෙන යාමය ඉවත්ව යන බවයි.
ජනපතිගේ තීරණය විශිෂ්ට තීරණයක් බවත් ඔහු ප්‍රජාතන්ත්‍රවාදයට හා රටේ නීතියට ගරු කරමින් මේ තීරණය ගෙන ඇති බවත් දේශපාලන විචාරකයෝ කියති.
තම නිල කාලය අවසන්වීමට වසර දෙකක් ඉතිරිව තිබියදී මහින්ද රාජපක්ෂ මහතා ජනපතිවරණය කැඳවූ අතර 2005 වසරේ සිට 2015 වසර දක්වා ඔහු ජනාධිපති ධූරය ඉසුලුවේය.
ඡායාරූපය - අද දෙරණ අනුග්‍රහයෙනි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබයි අපේ ජනපති මහින්ද රාජපක්ෂ මැතිඳුනි (නි)
වැරදුණේ කොතැනද කියා කල්පනා කර බලන්න.ඔබ වටේ සිටියවුන් ඔබට කළ විනාශය ගැන මට ඇත්තේ පිළිකුලකි.ඔබයි අපේ ජනපති මහින්ද රාජපක්ෂ මැතිඳුනි.අපේ සුබ පැතුම්! ඔබ හොඳ නායකයෙකි. වැරදි හදාගෙන නැවත දිනන්න.සුබ අනාගතයක් (දිල් )
අපි ඔබ පත්කළා සේම ඉවත්කළා. එන අයත් මේ පාඩම ඉගෙනගන්න. කිසිවක් සදාකල් නොවේ. රජකම් කළත් කළකම් පළදෙනු ඇත. මව් බිමට ජය! (නි)
ඔබ වටේ සිටියවුන් ඔබට කළ විනාශය ගැන මට ඇත්තේ පිළිකුලකි. ඔබේ ඉරණම ඔවුන් විසින් ඔවුන්ගේ අතට ගෙන ඔබට ලැබෙන්න තිබුන ගරු කටයුතු සමුගැනීම ඔබට අහිමි කළෝය. මම ඔබට ආසිරි පතමි. (නි)
පිටබැද්දර ජය මහතාණෙනි, ඔබේ අදහස මමත් අගය කරමි. විවිධ දේශපාලන අදහස් නැති තැන මොන ප්‍රජාතන්ත්‍රවාදයක්ද? (නි)
කවදා හරි ඔය දේ වෙන බව දැන නොසිටින්න ඇති.(හේ)
ලංකාදීපය පුවත්පත ලංකාදීපයටම මැණිකකි. කතුතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සැමට මගේ ආචාරය! (නි)
ඔබ ශ්‍රේෂ්ට පුද්ගලයෙක්. ඔබට අපගේ උත්තමාචාරය. (ර)
ඔබ නැති අඩුව අපේ අයට ළඟදීම දැනේවි (හේ)
මාතෘභූමිය නිදහස්කර දුන් නාකයාණෙනි...! ඉතා සීග්‍රයෙන් මේ රට දියුණු කළ එකම නායකායා ඔබයි. ඔබ තුමාට අපි සදා ණය ගැතියි. ඔබතුමා මේ රටට කළ මහ මෙහෙවර ඉතිහාසයේ රන් අකුරින් ලිය වෙනු නියතයි. අපි ඔබ සමඟයි. තෙරුවන් සරණයි. (ර)
මහරජාණනි රට එක්සේසත් කළ නායකයා ඔබයි , ඔබට සිංහල අපි සදා ණය ගැතී .(හේ)
බලයට එන සැමට ඔබ අමතක නොවන පාඩමක් පෙන්නුවා. එනම් තමන් රටේ තාවකාලික භාරකාරයා මිසක් සදාකාලික අයිතිකාරයා නොවන බව. මේ බව ඊළඟට බලයට එන අයත් සිතට ගත යුතුයි. (ර)
බලයට එන සැමට ඔබ අමතක නොවන පාඩමක් පෙන්නුවා. එනම් තමන් රටේ තාවකාලික භාරකාරයා මිසක් සදාකාලික අයිතිකාරයා නොවන බව. මේ බව ඊළඟට බලයට එන අයත් සිතට ගත යුතුයි. (නදී)
යම් දිනක මේ රටේ මිනිසුන් ඔබව දේවත්වයෙන් සලකන දිනක් උදා වනු ඇත. නමස්කාර කරමි ඔබට.! (ර)
අතිගරු රාපපක්ෂ මැතිදුනි. විජය රජුගේ ආරම්භයේ සිට ශ්‍රී ලංතාව රජකළ නාමාවලියටත් ඉහලින් ඔබගේ නම රන් අකුරින් ලියවී අවසානයි. තවද 1948 නිදහසෙන් පසු බිහි වූ නිර්භිතවූත්,ශේෂ්ඨතමවූත් අවංකවූත් රාජ්‍ය නායකයාද ඔබයි, මෙවන් යුග පුරැෂයෙක් බීහිව නැත. එහි සමුගැනීම අපිට ආඩම්බරයෙන් උත්තමාචාර දී සමුදීමට තිබූ අවස්ථාව නැතිකළෙත් ඔබමයි. ඔබතුමා සිතූ පරිද්දෙන් ජයෙන් ජය ගන්නට ඔබට නොහැකි වූයේ දුප්පතාගේ බඩ ගින්නට සහන නොදී ආසියාවේ ආශ්චර්ය ගැන උදම් ඇනුවා නොවේද ? නාමල් බේබි ලැම්බෝ ගිනි පැදිල්ල මේවාට ඍජුවම බලපා ඇත. මොහොතක් හිතන්න. මීට වඩා දෙයක් දුප්පතාට මිල පාලනයෙන් කරන්න ඔබ තුමා ප්‍රමාද වුනා.(නදී)
ජන නායකයාණෙනි ඔබ රටේ බිහිවූ විශිෂ්ට නායකයෙකි, ඔබට සේමද ජය පතන්නෙමි.! (ර)
අපේ ලොකු අප්පච්චි ඔබයි. පරාජය වූයේ ඔබ නොවේ අපියි. ඔබතුමාට තෙරුවන් සරණයි. (නදී)
ඉතාමත් කණගාටු දෙයක්. ඔබතුමාට අනිත් අයගේ පවට මිල ගෙවනන සිදුඋනා (නදී)
ගුණමකු සිංහලුනේ පැරදුනේ එතුමා නොවේ. පැරදුනේ සිංහල අපය. එතුමා සැමදේම කරේ සිංහල අප ගැන විස්වාස තබාගෙනය. මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමනි ඔබයි මගේ යුගයේ දුටුගැමුණු ඔබට දීර්ඝායුෂ ලැබේවා. (නදී)
ඔබ සමග අපිට කිසිම ගැටළුවක් නැහැ. යුද්ධයට නායකත්වය ලබාදීම ගැන ඔබට සියලු දෙනාම ඉතසිතින් සුබ පතනවා. නමුත් අපිට වෙනසක් ඕනෑ.ඔබට සුබ ගමන්! (නි)
අපිට වීරයෙක් නැතිවුණ එක ගැන හිතට දුකයි (නි)
හිතට එකඟව නොවුණත් ඔබ ඉවත්කිරීමට ජනතාව ගත් තීරණයට අපි හැමෝම ගරුකරන්ට ඕනෑ. ඔබ තමයි අපට පහළ වුණ හොඳම ජනපති. 30 වසරක යුද ගිනිදැල් නිමකළ ඔබ හැමදාම ජනහිත් තුළ සිටියයුතු නායකයෙක්. ඔබට ගෞරවාන්විත සමුගැනීමක් මීට වැඩිය හොඳින් දෙන්න තිබු අවස්ථාව ලාංකික ජනතාවට නැතිකළෙත් ඔබමයි. දීර්ඝායු ජනපතිතුමනි! (නි)
ඔබතුමා විශිෂ්ට නායකයෙක්. සුබ අනාගතයක්! (නි)
අපි කොච්චර මෛත්‍රී දිනවන්න වැඩකළත් අන්තිම මොහොතේ මහින්ද මහත්මයා නික්මුණු එක ගැන අහද්දි හිතට පොඩි දුකක් ඇතිවුණා (නි)
ඔබට අපේ ආචාරය මහත්මයාණෙනි! (නි)
විශිෂ්ට නායකයෙක්. ඔබ මගේ රටට අවශ්‍යයි (නි)
ඔබයි මේ රටේ පහළ වූ ශ්‍රේෂ්ඨතම පුරවැසියා. අපි ඔබට සැමදා ගරු කරනවා (නි)
අපිට ඕනෑ වුණ වෙනස අපි කරගත්තා. අපිට තවදුරටත් විධායක ජනාධිපති කෙනෙක් විදිහට ඔබව අවශ්‍ය නැතිවුණාට ඔබේ නායකත්වය රටට ඕනෑ. ජයශ්‍රී හිටපු ජනාධිපතිතුමනි! (නි)
මම ඡන්දය දුන්නේ මෛත්‍රීට. එහෙත් ඔබතුමා මේ රටට වටිනා සේවයක් කළා.මේ රට ඒකට ණයගැතියි. (නි)
ස්තුතියි මහත්මයා. ඔබතුමා ත්‍රස්තවාදයෙන් අපේ රට බේරගත්තා. දැන් ඇත්තේ ආර්ථික යුද්ධය ජයගැනීමත්, නීතිගරුක සමාජයත්,රටේ සාරධර්මත් දියුණුකර යහපාලනයක් ඇතිකිරීමයි. නව ජනාධිපති මෛත්‍රී මහතාට රට බාරයි (නි)
ගරු ජනපතිතුමනි, ඔබ රට වෙනුවෙන් කළ මෙහෙම මම සදා අගයමි (නි)
අභිමානවත් යුග පුරැෂයාණෙනි, ඔබට මගේ හද පිරි උත්තමාචාරය..! (නි)
ඔබ නැති අඩුව මෛත්‍රී ආණ්ඩුවට ඉක්මනින් දැනේවි. ඔබ රටට අවශ්‍ය නායකයෙක්. නැවත පැමිණෙන තුරු අපි මගබලා ගෙන සිටිනවා. නැවත ඔබට ජය සිකුරුයි. සුබ අනාගතයක්. සුරක්ෂිත රටක්. රට පෙරට. නැවත හමුවෙමු රජතුමනි (නදී)
ඔබතුමා ජනතාවගෙන් ප්‍රතික්ෂේප වුණත් ඔබගේ මේ හොඳ ක්‍රියාව නිසා කවදාවත් ඔබට හිමි නම අපේ හිත්වලින් මැකෙන්නේ නැහැ. තිස් වසරක කාලකන්නි යුද්ධයට දේශපාලන නායකත්වය ලබාදුන් ඔබ මගේ රටේ වීරයෙකි. (නි)
හොඳ තීරණයක්. ඔබට සුබ පතමි. (නි)
උතුමාණෙනි, ඔබට දීර්ඝායුෂ ලැබේවා! ඔබගේ නාමය රන් අකුරෙන් ලියැවේවි (නි)
ඇත්තටම මහින්ද මහතා විශිෂ්ට නායකයෙක්. යම් යම් අඩුපාඩු තිබුනත් ඔබ කළ මෙහෙවර ඉතා අනර්ඝයි. (නි)
මහින්ද මහත්තයෝ, ඔබයි මේ රට ගොඩනැඟුවේ. නමුත් අද සිද්ධවුණේ මොකද්ද? (නි)
ජන මතයට හිසනමා ගරුකරන යහපත් මහරජ නුඹයි. ගරු ජනාධිපතිතුමනි, අපි ඔබතුමා ගැන ආඩම්බර වන්නෙමු. (නි)
අපිට බොහොම කණගාටුයි (නි)
අපේ හදවතේ ඔබ සදා අමරණීයයි. (ර)
මෙය ඔබ ලැබූ පරාජයක් නොවේ.... (නි)
ජනාධිපතිතුමාගේ අගය අපිට ඉදිරියට හොඳට තේරෙයි. කෙසේනමුත් අපි මෛත්‍රීපාල මැතිඳුන්ට රට කරගෙන යාමට සහයෝගය දෙමු (නි)
රට බේරාගත් මානව හිතවාදියාණෙනි, ඔබ සදා අමරණීයයි (නි)
සෑබෑ මහත්මා ගතියක්. ඔබතුමාට මගේ උපහාරය! (නි)
ජනපති තුමනි, ඔබ අප රටට පහළවුණු දුටු ගැමුණු චරිතයක්. අපි බස් එකක කොච්චියක යන්න බයෙන් කොළඹට රාජකාරියට යද්දී අපේ අම්මල ඉන්නේ මග බලාගෙන අපි එනකම්. අපි අද බය නැතුව පාරේ යන්නේ ඔබ නිසා. ඔබ රටට කල ඒ උපකාරය ඇති මහත්. ඔබට ගොඩක් පින්. මේ ඔබගේ සමුගැනිම නොවෙයි. ඔබ කල සේවට ජනතාව දුන් විරාමයක් විතරියි. ඔබ මේ රටේ නායකත්වය නැවත බාරගන්න බව ඒකාන්තය. (ර)
කුරිරු යුද්ධය නිමකළ සේනාධිපතිවරයාණෙනි, ඔබ සදා අමරණීයයි (නි)
ජනපති තුමනි, ලක්වැසි අපේ ගැලුවූම්කරු ඔබයි ඔබට දීර්ගායු වේවා.! (ර)
අපි ඔබට ගරු කරනවා. මෙය ඔබේ වරදක් නොව, ඔබ වටා සිටි සමහරුන්ගේ වරදකි. (නි)
ජනපති තුමනි, ඔබ පරාජය වුයේ නැත. පරාජය වුයේ අපය. ඔබට අපි සදා ණයගැතියි. (ර)
රටට සාමය ගෙනදුන් ඔබට දීර්ඝායුෂ පතමි. ඔබගේ අගය අපි සැමටම දැනේවි (නි)
මොන්නවා උනත් මහින්ද මහත්තයා හොදයි. (ර)
පොරොන්දු ප්‍රකාරව අදින් පසු බන්දුල පෙරේරා හෝ ලංකා තිලක් ඔබ හමුවට නොඑනු ඇත. සියල්ලෙන් සපිරුණු යහපාලනයක් තුළ පුවත් විවේචනයක අවශ්‍යතාවයක් නොමැතිවනු ඇත.ඔබ සැමදාටමත් අප හදවත් තුළ අමරණීයයි මහින්ද රාජපක්ෂ මැතිඳුනි.ඔබට සියලු දෙවි රැකවරණ! (නි)
රට නිදහස්කර සෞභාග්‍යය කරා රට මෙහෙයවූ ඔබ මට සදා අමරණීයයි! (නි)
ඔබතුමාගේ අගය වැඩිකල් යන්න කලින් අපේ මිනිසුන්ට දැනේවි. ඔබට දීර්ඝායු රජතුමනි! (නි)
ඔබයි මෙතෙක් බිහිවූ ශ්‍රේෂ්ඨතම නායකයා (නි)
ඔබතුමා අපේ මතකයේ සදාකල් ජීවත්වේවි. (නි)
විමල් වීරවංශ වැනි අය ඔබ ලඟට නොගත්තා නම් අද ඔබ තුමා දිනුම් (නදී)
මේ පරාජයට ඔබ තුමාගේ ලග සිටි බොහොම දෙනෙක් වග කියන්න ඕනා (නදී)
දීර්ඝකාලීන සටනකින් පසු ලැබූ ජනතා ජයග්‍රහණයේ දීර්ඝකාලීන කොටස්කරුවෙකු වීමට ලැබීම සතුටකි. (නි)
පෙර රජකළ වීර රජවරුන්ගේ නාමාවලියේ ඔබේ නම රන් අකුරෙන් ලියවෙනු නොඅනුමානයි. කවුරු කෙසේ කිවුවත් යුද්ධයට නායකත්වය සහ යුද්ධය දිනවන්නට නායකත්වය දුන්නේ ඔබ මිස වෙන කවුරුවත් නොවන බව ස්වාධීනව බලන කවුරුත් දනිති (නි)
සුබ ගමන් මැතිඳුනි! ඔබතුමා රටට අමතක වෙන්නේ නැහැ. ඔබතුමාට තෙරුවන් සරණයි. (නි)
අපි හැමදාම ඔබ සමගයි ජනපති තුමනි (දිල්)
අපේ මහරජාණෙනි, ඔබට මේ ලක්බිම සදා ණයගැතියි (නි)
මමත් දුන්නේ මෛත්‍රී මහත්තයට (නදී)
මහින්ද මහතාණෙනි, ඔබ තුමා සමග කිසිම ගැටළුවක් අපේ රටේ ජනතාවට නැත. ඔබ නියම නායකයෙකි. නමුත් ඔබ වටා සිටි පිරිස ඔබව මුලා කරනු ලැබුවා. ඔබ වැරදි දෙය දකින කොට ඔවුන් එය වසා ඔබ මුලා කළා. නමුත් 30 වසරක යුද්දය නිම කිරීමට නායකත්වය දුන්න ඔබ සදා අප සිත්තුල රැදේවා (නදී)
වැරදි හදාගෙන නැවත පැමිණීමට හැකියාව ලැබේවා!! (නි)
ජනපතිතුමනි, ඔබ අපට කළ සේවය උතුම් (නි)
ජනපතිතුමනි, ඔබතුමා නියම සත්පුරුෂයෙකි. දකුණේ අපි ඔබතුමාට හිසනමා ගරුකරමි. මහින්ද නාමය අප හද තුළ අමරණීයයි! (නි)
ඔබ නියම නායකයෙක්. ඔබට දීර්ඝායුෂ! (නි)
ඔබතුමා පරාජය වී නොමැත. ඔබතුමා මෙතරම් ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන ඇත්තේ තනිවමය. ඒ සියල්ලම ඔබතුමාට ලබාදුන් ජනතා මනාපයි. සැබවින්ම දිනා ඇත්තේ ඔබතුමාය. ඔබ උතුම් පෞරුෂයකින් හෙබි රටට සාමය ගෙනදුන් ශ්‍රේෂ්ඨ නායකයායි. කවුරු කෙසේ කිවුවත් අපට සාමය ගෙනදුන්නේ ඔබතුමාය. මගේ ප්‍රණාමය! (නි)
ඔබට අපි තවමත් ආදරය කරන්නෙමු. රට බේරාගත්තේ ඔබ මිස වෙන කවුරුත් නොවේ (නි)
අපි ඔබතුමාව අමතක කරන්නේ නැහැ. අපට රටක් කියා කියන්න පුළුවන් තත්වය දුන්නේ ඔබ තුමා. කණගාටු වෙනවා පරාජය ගැන. (නදී)
රට බේරාගත් අපේ පියාණෙනි, ඔබ පැරදුනේ නැහැ. අපි ඔබ සමඟයි. ඔබට තෙරුවන් සරණයි! (නි)
ඔබ හොඳ නළුවෙක්, හොඳ ක්‍රීඩකයෙක්, හොඳ දේශපාලඥයෙක් ඔක්කොටම වඩා හොඳ නායකයෙක්. ඉස්සරහටත් ලංකාවට ඔබේ අදහස් උදහස් අවශ්‍ය වේවි. ජයවේවා. (නදී)
මේ දේශය බේරාගත්, කුරිරු යුද්ධය නිමාකළ සේනාධිනායකයාණෙනි, අද පැරදුනේ ඔබ නොවේ, අපියි. (නි)
නිහතමානී නායකයාණෙනි, එදා රැකියාවට කොළඹට ගිහින් ගෙදර එනකම් අපේ අම්ම තාත්ත බලන් උන්නේ හිතේ බයෙන්. ඒ කුරිරු යුද්ධය අපට සාපයක් උන යුගයක ඔබ කල උපකාරය විශිෂ්ටයි. ඔබට ගොඩක් පින්. ඔබේ නාමය මේ රටේ සදා අමරණීයයි (නදී)
ඔබතුමාගේ නම සදා අමරණියයි (දිල්)
දැයේ පියාණෙනි අපි ඔබට සදා ණයගැති.. ඔබවන් නායකයෙක් යළි පහළ නොවේ. මෙය නික්ම යාමක් නොවේ. ඔබ සදා අමරණීයයි..ඔබේ නික්මයාම අපේ අවාසනාවයි.දීර්ගායු වේවා. (දිල්)
ජනපතිතුමනි ඔබට අප සඳා ණයගැතියි (හේ)
තෙරුවන් සරණයි. මහා රජාණෙනි.පෙර මෙන් නිවැරැදී වෙලාවේ නිවැරැදී තීරණය ගත යුතුව තිබුණා. නියමිත කාලය සම්පූර්ණ කර ගරු කටයුතු ලෙස නික්මුණා නම් ඔබයි නියම වීරයා (දිල්)
ජනපති තුමනි ඔබ කල ලොකුම වරද මේ රටේ කුරිරු යුද්දය නිම කිරීමයි. අපේ මිනිස්සු කිසිම කලගුණ නොදන්නා ජාතියක්. ඔබත් පෙර සිටි ජනපතිවරු මෙන් කොටින්ට දෙකට නැමුනා නම් අදත් ඔබයි ජනපති. අපේ මිනිස්සු ඔබ ලබා දුන් ජය අමතක කළා. ඔබ තුමා මේ රටට කල අමිල මෙහෙවර ඉතිහාසයේ රන් අකුරින් ලියවෙනු නියතයි. ජීවමානව ම දුටු දෙවන දුටුගැමුනු ඔබයි. ඔබට සදා ජය. (නදී)
දුක් නොවන්න ,ඔබ රටට කළ සේවය අනර්ගයි. නමුත් හැමදාම එකම තැන රැදෙන්න කවුරුත් කැමති නෑ. දැන් ඔබතුමාත් වෙනස් වෙන්න .අලුත් විදිහට හිතන්න.නැවත මෛත්‍රී පාලනය යටතේ එක වගේ රට හදමු.(දිල්)
අපිට වෙනසක් ඕනෑ. වෙනසක් ඕනෙත් නැහැ රට දූශනයෙන් තොරව තිබුනා නම්.(හේ)
පරාද වුයේ ඔබ නොවේ , මුළු මහත් ජාතියයි . ඡන්ද ප්‍රතිපල එය මනාව පසක් කර ඇත (දිල්)
කොහොමත් මේ දේ සිදුවිය යුතුයි.(හේ)
ඔබ සදා අමරණීයයි. (ර)
නැකත් කාරයින්ගේ බොරුවලට රැවටිලා විනාශවුණා තවත් ජන නායකයෙක්. (ර)
ඔබ දෙවියෙකි රටට. (ර)
එන අයත් මේ පාඩම ඉගෙන ගන්න. (හේ)
අභීත නිහතමානි නායකයාණෙනි, කුරිරු යුද්ධය නිමකළ සේනාධිපතිවරයාණෙනි, ඔබ වටේ සිටියවුන් ඔබට කළ විනාශය ගැන මට ඇත්තේ පිළිකුලකි. ඔබට නිරෝගී සුව සහ දීර්ඝායු වේවා! (නදී)
ජනාධිපතිතුමනි, මෙය සිදුවුයේ ඔබගේ වරදට වඩා ඔබ වටා සිටි සමහර අයගේ වැරදි නිසයි. මමත් ඡන්දය දුන්නේ මෛත්‍රී මහත්තයට තමයි. හැබැයි ඔබතුමා අරලියගහ මන්දිරයෙන් ඉවත් උනා කියලා ඇහුවමනම් ලොකු දුකක් ඇතිඋනා. ඔබතුමා හොද නායකයෙක්. ජාතික වීරයෙක්. ඉදිරියේදීවත් ඔබතුමා වටේ ඉදගෙන වාසි අරගෙන ඔබතුමාව ජනතා අප්‍රසාදයට පත්කරපු අයව ඇත් කරන්න. අපි ඔබතුමාට දීර්ගයුෂ පතනවා.! (ර)
දකුණේ උපන් අපගේ අමරණිය නායකයා ඔබයි . තිස්වසරක් පැවති යුද්ධය අවසන් කර අපේ රට සංවර්ධනය කර ගෙනගියේ ඔබය. ඊට සදාකල්හිම ඔබට අපගේ ප්‍රණාමය පිරිනමන්නෙමු. එහෙත් ඔබ වටා සිටි සමහර අයගේ කටයුතු නිසා මේ ජනාධිපතිවරණයේදී ඔබට අවාසි විය. බඩුමිල අඩු නොවීමද ඔබට විපක්ෂ කණ්ඩායම් වලට වාසියක් විය. විදේශ බලවේග ඩොලර් කෝටි ගණන් ඔබට විරුද්ධව කටයුතු කිරීමට විවිධ විපක්ෂ කණ්ඩායම් වලට ලබාදෙද්දී ඔබ තනිවම ඡන්ද ලක්ෂ හතලිස් අටක් ලබාගැනීම ද සුවිශේෂ තත්වයකි. සියලුම විරුද්ධවාදිකම් මැද ඔබට අහිමි වුයේ ඡචන්ද ලක්ෂ හතරක් පමණි. එනම් ලංකාවෙන් බාගයක්ම තවමත් ඔබට ආදරය කරති. ඒ ඔබට ආදරය කරන හතලිස් අට ලක්ෂයක් වූ ජනතාව වෙනුවෙන් තවදුරටත් අප අතර රැදී සිටින ලෙස ඉල්ලමි. නැවතත් අප අතරට පැමිණ මේ රටේ ඔබට ඉතාමත් ආදරය කරන දරුවන් වෙනුවෙන් යහපත් දෙයක් ඉටු කරන ලෙස ඉල්ලමි. සදා අනුස්මරණිය ජන නායකයාණෙනි ඔබට කෙටි නිවාඩු කාලයක් වේවා (නදී)
ජනපති තුමනි පැරදුනේ ඔබ නොවේ ඉදිරි අනාගතයේදී මගේ ඔබ නැති අඩුපාඩුව දැනෙනු ඇත. (ර)
සිංහලයාට වැඩිකල් නොගොස් ශක්තිමත් නායකයාගේ අගය දැනේවි(නදී)
මේක ඔබතුමාගේ පරාජයක් නොව සිංහල ජාතියම ලැබූ පරාජයකි. ඔබ තුමාට ලැබුනේ 99.99% පිරිසිදු චන්ද ඉස්සරහට සිංහල ජාතිය විසින් කරන ලද මේ මහා පාවාදීමට ඉදිරියේදී අපටම විපාක විඳීමට සිදුවනු ඇත.(නදී)
උපරිම කාලය අවුරැදු 10 යි. ඔයා 15 ක් කරන්න ගියානේ.(නදී)
අපිට සැමදාම ශක්තිමත් විපක්ෂයක් අවශ්‍යයි. එහෙම නැතිව රටක් ඉදිරියට යන්නේ නැහැ. දේශපාලන අදහස් වෙනස් වුනත් මෙතන ඉතා විනීතව අනෙකාගේ අදහස් සාධාරණ ලෙස විවේචනය කරමින් අප සමග එක වූ සහෝදර පාඨක සියල්ලන්ටම මගේ තුතිය සහ ආචාරය.! ප්‍රජාතන්ත්‍රවාදය යනු කුමක් දැයි ලංකාවේ සියලුම පත්‍ර වලට අභිමානයෙන් පෙන්වා දුන් ලංකාදීප කතු තුමා ඇතුළු කාර්ය මණ්ඩලයට මගේ ආචාරය ! ලංකාදීපය දිනේවා ! (නදී)
සමහරු ඊයෙ, ඔබ ඒකාධිපතිවරයෙක් යයි අවලාද නැගුවා. එහෙත් ඔබ නොමැති අඩුව දැනෙනුයේ හෙටයි. අපි බලාසිටිමු. ජාතිය ගොඩ නැගූ ශ්‍රේෂ්ඨ නායකයනෙණි, අප ඔබට ණයගැතියි. (නදී)
හොද නමක් තියන් යන්න තිබ්බ එක නැති කරගත්තා. බුදුරජාණන් වහන්සේගේ මග නොගොස් වැනසුනා. බුදු දහම සත්‍යයි වශී ගුරුකම් හැම දෙයක්ම යටයි නිර්මල දහමට (නදී)
ඔබට දීර්ඝායු මැතිදුනි. තෙරුවන් සරණයි. ඔබ සැමදා කට පුරා කියන පරිදි (නදී)
හිටපු ජනාධිපතිතුමනි, ඔබ පැරදුනේ නැත. පැරදුනේ අතිමහත් සිංහල හා රට ජාතියට ආදරය කරන අනෙකුත් ජනතාවයි. (නි)
ඔබ තුමා අපට රජෙක්. ඔබතුමාට දිර්ගයුෂ සහ නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි.(නදී)
ඔබට දීර්ගයුෂ පතනවා ඔබ ගත් තීරණය හරි සුබ අනාගතයක් ඔබ තුමාට (නදී)
ජනාධිපතිතුමනි මෙය සිදුවුයේ ඔබගේ වරදට වඩා ඔබ වටා සිටි සමහර අයගේ වැරදි නිසයි. මමත් ඡන්දය දුන්නේ මෛත්‍රී මහත්තයට තමයි. හැබැයි ඔබතුමා අරලියගහ මන්දිරයෙන් ඉවත් උනා කියලා ඇහුවමනම් ලොකු දුකක් ඇතිඋනා. ඔබතුමා හොද නායකයෙක්. ජාතික වීරයෙක්. ඉදිරියේදීවත් ඔබතුමා වටේ ඉදගෙන වාසි අරගෙන ඔබතුමාව ජනතා අප්‍රසාදයට පත්කරපු අයව ඈත් කරන්න. අපි ඔබතුමාට දීර්ගායුෂ පතනවා.(නදී)
ඔබ තුමාට අරලියගහ මැදුරට එන්න ලැබේවා.(හේ)
අවංකව කියන්නේ ඔබ වටේ සිටි උදවිය ඔබේ ඉරණම වෙනස් කල බවයි. ඒ නිසා තමන්ගේ පවුලේ උදවිය හෝ හිතවතුන් උනත් වැරදි නම් වැරදියි කියන්න ඕන බව අපිටත් පාඩමක්. ඔබට නිරෝගී දිගාසිරි පතනවා. (නදී)
ඔබ අපෙන් සමුගෙන ගියත් සැම මොහොතකම අපගේ හදවතේ ඔබ ජීවත්වේවි. නිහතමානී නායකයාණෙනි, ඔබට නිදුක් නිරෝගී සුව! (නි)
අමරණීය සේවාවක් කල ඔබ තුමාට මාගේ ප්‍රනාමය. (ර)
ඔබ අපේ සදා ජනධිපති. එය වෙනස් කළ හැක්කේ නොමිනුසුන්ට මිස මිනිසුන්ට නොවේ.අපගේ පිනට පහල වු ඔබතුමා දෙවැනි වන්නේ මවට පමණි .(හේ)
මේ දේශය බේරාගත්, කුරිරු යුද්ධය නිමාකළ සේනාධිනායකයාණෙනි, අද පැරදුනේ ඔබ නොවේ, මේ රටේ අපියි. ඔබට තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවපත් දිවියක් ගෙවිමට ආශිර්වාද වේවා ! (ර)
මගේ ජීවිත කාලය තුළ දුටු උතුම්ම මිනිසා ඔබ වේ.මම ඔබ සිහිවීමට අද දින නා පැලයක් රෝපණය කළෙමි .මට දුක ලෝකයේ දරුණුම මිනිසාට නොබියව මුහුණ දී ජය ගත්තද මෙම සටනින් පැරදුන එකටයි.උතුමාණෙනි, ඔබ සදා අමරණීයයි (නි)
කුරිරු යුද්ධය නිමකළ සේනාධිපතිවරයාණෙනි, ඔබතුමා පරාජය වී නොමැත. පරාද වී ඇත්තේ අපයි. සැබවින්ම දිනා ඇත්තේ ඔබතුමාය. ඔබ උතුම් පෞරුෂයකින් හෙබි රටට සාමය ගෙනදුන් ශ්‍රේෂ්ඨ නායකයායි. කවුරු කෙසේ කිවුවත් අපට සාමය ගෙනදුන්නේ ඔබතුමාය. මගේ ප්‍රණාමය! ඔබතුමාට තෙරුවන් සරණයි. (නදී)
මේ සිංහල රට ලෝකය ඉදිරියට ගෙන ගිය ප්‍රතාපවත් නායකයා ඔබයි.ලෝක නායකයින් සමඟ ඔබ සිටිනවිට අපිට අපේ කියලා හරි අභිමානයක් දැනුනා. ඔබ දේශපාලන වේදිකාවේ හා වෙනත් තැනකදී කරන කතාව අන් අයගේ කතා වලට වඩා අපට ලෙන්ගතු වුණා.අලුත් පාලනය මේවා කළමණාකරණය කරගන්නා හැටි ජනතාව විමසිල්ලෙන් බලාහිඳීවි. ඔබට අපි තවමත් ආදරය කරන්නෙමු. රට බේරාගත්තේ ඔබ මිස වෙන කවුරුත් නොවන බවත් ඔබ ලබාදුන් නායකත්වය නිසා බවත්, ඔබට අකාරුණික වූ මිනිසුන් ඉතා ඉක්මනින් වටහා ගනීවි. ඔබට සුබ ගමන්! අවශ්‍ය තැනදී නැවත එන්න. (නි)
ඔබ නම් විශිෂ්ට නායකයෙකි. ඔබට ජය ශ්‍රී! (නි)
නෙතට කදුලක් දෙමින් සදා නොමෙකෙන මතකයන් හදවත්වල රදවමින් නික්ම යන සද අමරණීය යහපත් මහරජ ඔබයි (නදී)
අපේ ලොකු අප්පච්චි ඔබයි. පරාජය වූයේ ඔබ නොවේ අපියි. දීර්ඝායුෂ ඔබතුමන්ට! (නි)
අතිගරු ජනාධිපති තුමනි ඔබතුමා ලංකාවට ගොඩක් හොද දේවල් කලා එහෙත් ඔයා වටේ හිටපු පවිත්‍රා විමල් එස් . බි . වගේ අය කරපු කියපු දේවල් නිසා ජනතාව ඔබතුමා එක්කත් කළ කිරුනාත ඔබ තුමා ආයෙත් ලගදීම ජනාධිපති වෙන එක ඉර හඳ වගේ සහතික වෙනවා නමුත් මම අර කියපු තුන්දෙනා හට කාටවත් මඩ ගහන්න ලගට ගන්න එපා මම මෝඩ පුරවැසියෙක් තමා එහෙත් ඔබතුමා මේක දැක්කොත් මෙම පුරවැසියා කියපු දෙය ගැනත් දෙපාරක් හිතන්න (නදී)
ඔබ අමරණීයයි (නි)
මෑත යුගයේ ලංකාවේ පහළ වූ ශ්‍රේෂ්ඨ යුග පුරුෂයා ඔබයි. වරම්ලද අසහාය නායකයා ඔබයි. ඔබේ සමුගැනීම තාවකාලික සමුගැනීමක් වේවා! (නි)
සියලු දෙනාටම ජයක්ම වේවා! තෙරුවන් සරණයි..! (නි)
අවංකවම ගොඩක් දුකයි. ඔබට නිරෝගී සුවය පතමි! (නි)
ජාතියක් ත්‍රස්තවාදයෙන් ගළවාගත් වීරයාට මාගේ උත්තමාචාරය! ඔබ නැති අඩුව දැනෙන දිනයත් සිංහල ජාතියට අතළඟම එයි. තෙරුවන් සරණයි! (නි)
අපි කොච්චර මෛත්‍රී දිනවන්න වැඩකළත් අන්තිම මොහොතේ මහින්ද මහත්මයා නික්මුණු එක ගැන අහද්දි හිතට පොඩි දුකක් ඇතිවුණා මේ කතාව හැමෝම වාගේ කිව්වා! ඇත්තටම .(හේ)
දුකයි.ඒත් ඔබට සුභ පතනවා.ජයවේවා.(හේ)
මම ඔබතුමාට දීර්ගයුෂ පතමි.(හේ)
ඔබ සදා අමරණීයයි (නි)
ජොහාන්, ඔබගේ අදහස සමග මමත් එකඟවෙමි (නි)
කළගුණ නොදන්නා අපේ මිනිසුන් ගැන මට බොහොම කණගාටුයි (නි)
හැමදාම මෙතන ඉන්න හිතන් ඉන්න ඇත්තේ.දුක තමයි.(හේ)
නොයෙක් දෙනා මොනවා කිවුවත් සාමකාමීව බලය අතහැර ජනතා තීන්දුවට හිස නැමීම ගැන ඔබට තුති! මෙම තීන්දුව ඓතිහාසිකයි. බලයේ හිටි ජනාධිපතිවරයෙක් පළමු වරට ජනතාව විසින් ඉවත්කළා. අවුරුදු 30 ක යුද්ධය අවසන් කිරීමට දේශපාලන නායකත්වය දුන් නමුත් එය බලය තරකරගන්න දුන් ලයිසමක් නෙමෙයි කියා මේ ශ්‍රේෂ්ඨ ජනතාව නැවතත් ඔප්පු කර පෙන්නුවා. ඉදිරියට එන කාට වුණත් මේක හොඳ පාඩමක්. (නි)
මේ ලක් මාතාවට ඔබ නැති අඩුව තව නොබෝ දිනකින්ම දැනෙනවා සිකුරුයි.අපි මේ ලැබුවේ පොඩි පසුබෑමක් පමණයි.මෙයත් පාඩමක් කරගෙන ඉදිරියටම යමු.අපි සැමදා ඔබ සමඟමයි. (නි)
ඔබතුමාගේ නික්මයාම අපිට නම් සැබවින්ම පාඩුවක්. අපේ දරුවන්ගේ අනාගතය ගැන බියක් දැනේ. (නි)
හදවතින්ම මගේ ආචාරය! විශිෂ්ට නායකයෙක් (නි)
30 වසරක යුද ගිනිදැල් නිමකළ ඔබ හැමදාම ජනහිත් තුළ සිටිය යුතු නායකයෙක්. (හේ)
අපේ කියා අපිට රට බෙර දුන් විරුවාණෙනි අපි සදා ණය ගැතියි ඔබ තුමාට. (ර)
මහින්ද මහතා ඉතා උසස් නායකයෙක්. නමුත් ඔහු වටේ හිටි සමහර අය නිසා ඔහු මේ තත්වයට පත්වුණා. මේ ඔහු විසින්ම කරගත් දෙයක්. මේවා ඉදිරියේ එන අයට හොඳ පාඩමක්. නායකයාණෙනි,! ඔබට සුබ අනාගතයක්.....!!! (නි)
ජනපති, ඔබගේ නායකත්වට අපට ශක්තියක් වුණා.ඔබ මීට වඩා හොඳින් කල්පනා කරලා වැඩ කළා නම් වටිනවා. කෙසේවෙතත් ඔබ ඉතිහාසගත වෙනවා. ඒක විශ්වාසයි.ජය වේවා! (නි)
ඔබට අපි සදා ණයගැතියි. මෙය තාවකාලික සමුගැනීමක් වේවා! (නි)
ඔබගේ නික්මයෑම හිතට දුකක්. නමුත් අපිට වෙනසක් අවශ්‍යයි ජනපතිතුමනි (නි)
මම ඔබට සුබ අනාගතයක් පතනවා මුලින්ම. ජීවිතයට අවස්ථාවන් ලැබෙනවා හරි තීරණ හරි අවස්ථාවන් වලදී ගන්න. එම තීරණ ගත් නිසා අද 30 වසරක යුද්ධය නිමවුණා. ඔබ රටට කළ මෙහෙය අපි අගයනවා. මෙම රටේ මිනිසුන් අද අරගෙන තිබෙන්නේ හරි තීරණයක්. ලැබෙන හැම අවස්ථාවේදීම හරි තීරණ ගතයුතු බවට හොඳම පිළිතුර මෙයම වේවි. ඔබ අතින් වැරදීම් සිදුවුණත් එය නිවැරදි කරගැනීමටද කාලයක් ලැබෙනු ඇති. (නි)
ඔබතුමා තමයි තවමත් රටේ බහුතර සිංහල බෞද්ධ ජනතාවගේ ජනපති. අපගේ මව්බිම ඔබට සදා ණයගැතියි. තෙරුවන් සරණයි! (නි)
ගරු මැතිඳුනි, ඔබ වෙනුවෙන් මා බොහෝ මාධ්‍ය තුළින් ඔබේ වෙනුවෙන් පෙනිසිටියෙමි. ඒ ඔබතුමා යුද්ධය අවසන් කර රටට ලබාදුන් සාමය වෙනුවෙනි. මා ලංකාවෙන් පිටත සේවය කළත් මගේ දරුවන් අද ලංකාවේ කරදරයකින් තොරව ජීවත්වන්නේත් පාසල් යන්නෙත් මා ඒ ගැන හිතට බරක් නැතුව මෙහෙ ජීවත්වන්නේත් ඔබතුමා ඇතිකළ ඒ සාමය නිසයි.එසේ නොමැතිව මා ඔබතුමාගෙන් පුද්ගලිකව සතයක හෝ වාසියක් ගෙන හෝ ගැනීමට සිත් නොවේ. එහෙත් වේදනාවෙන් වුවත් අපට ජනතා තීන්දුවට හිස නැවීමට සිදුවී ඇත. ඔබට නිරෝගී සුව සහ දීර්ඝායු වේවා! (නි)
අපේ සුබ පැතුම්! ඔබ හොඳ නායකයෙකි. වැරදි හදාගෙන තනියම එන්න (නි)
අභීත නිහතමානි නායකයාණෙනි, ඔබ නැවතත් මහජන සේවකයෙක්ම බව ලෝකයටම විදහා පෑවේය. ඔබට නිදුක් නිරෝගී සුව! (නි)
ජාතියේ පිනට පහලවූ නායකයානනි , හැමදාමත් අපි ගරු කරන ජාතියේ වීරයා ඔබයි. ඔබට උතුම් තෙරුවන් සරණයි. (ස)
සත්‍ය වශයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය කුමක්දැයි සෙසු පුවත්පත් වලට පෙන්වූ ලංකාදීපයට මගේ ආචාරය ! (නි)
තවමත් ඔබයි අපගේ මහරජ .. අපි ඔබට සදා ණයගැති ජනපති තුමනි . (ස)
මට අපේ රටේ තුට්ටු දෙකේ සිංහලය ගැන හරි දුකක් ඇති වෙන්නේ. කලින් දවස් ටිකේ මේ මනුස්සයව මරාගෙන කෑවේ නැති ටික විතරයි. දැන් තමා ඇත්ත කතා කරන්නේ. මෙහෙම මිනිස්සු. (ස)
ඔබතුමා ගැන ආඩම්බරයි (නි)
ඔබට වැරදුනේ කොතැනද කියා කල්පනා කර බලන්න. නික්ම යන ඔබට නිරෝගී ආසිරි පතමි. (නි)
රටට යම් වෙනසක් අවශ්‍ය වූ බව සැබැවකි. එහෙත් හෙළයන් වන අපි ඔබ කළ මෙහෙය සදා අගයමු. (ර)
උතුමාණනි, අපි සැමදා ඔබ සමඟයි (නි)
රටට දේශපාලනික වෙනසක් අවශ්‍ය වුවත් යුද්ධය අවසන් කර රටට සාමය ඇති කිරීමේ ගරුත්වය ඔබට සදා හිමිවේ. (නි)
බන්දුල පෙරේරා , ලංකා තිලක්,අපි මෙම තීරයේදී එකිනෙකට විරුද්ධ මත දැරුවෙමු. වාද විවාද කළෙමු. යම් අවස්ථාවල එකිනෙකාට මඩද ගසා ගත්තෙමු.මේ සියලු දේ මෙසේ වුවත් අපි තවමත් ලක් මාතාවගේ දරුවන් වෙමු. අපි මෛත්‍රී වෙනුවෙන් පෙනී සිටි අතර ඔබ මහින්ද ජනපති වෙනුවෙන් සිටි අතර එහි දොසක්ද නැත. ප්‍රජාතන්ත්‍රවාදය යනු එයයි.එම නිසා අපි නැවත මේ තීරයෙන් සුපුරුදු මිත්‍රත්වයෙන් මුණගැසිය යුතුය. මිතුරනි , මහින්ද ජනපති ගැන අප තුළත් ඇත්තේ අති මහත් ගෞරවයකි. අපි මැරෙනතුරු ඒ ගෞරවය සැමදා පුදනු කැමැත්තෙමු (නි)
අභීත නිහතමානි නායකයාණෙනි, ඔබට නිදුක් නිරෝගී සුව! (නි)
අපගේ මව්බිම ඔබට සදා ණයගැතියි. මේ රට ලෝකය ඉදිරියට ගෙන ගිය ප්‍රතාපවත් නායකයා ඔබයි. ලෝක නායකයින් සමඟ ඔබ සිටිනවිට අපිට අපේ කියලා හරි අභිමානයක් දැනුනා. ඔබ දේශපාලන වේදිකාවේ හා වෙනත් තැනකදී කරන කතාව අන් අයගේ කතා වලට වඩා අපට ලෙන්ගතු වුණා. අලුත් පාලනය මේවා කළමණාකරණය කරගන්නා හැටි ජනතාව විමසිල්ලෙන් බලාහිඳීවි. ඔබට අපි තවමත් ආදරය කරන්නෙමු. ඔබේ සමුගැනීම තාවකාලික සමුගැනීමක් වේවා! (ර)