(අනීෂා මානගේ)
‘තව අවුරුදු එකහමාරයි ජනාධිපතිවරණයට තියෙන්නේ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට පක්ෂයක් නැති වෙලා යන එන මං නැතිවෙලා තියෙනවා’ යැයි හම්බන්තොට දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
නාමල් රාපක්ෂ මහතා මෙසේ පැවසූයේ තංගල්ල කාර්ල්ටන් නිවසේදී මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමිනි.
සන්ධානයේ මහලේකම්වරයා කියනවා පොහොට්ටුව දිනපු ප්‍රාදේශීය සභා වලට පාරවල් හදන්න සල්ලි දෙන්නේ නෑ කියලා. නිකන් මේ ආණ්ඩුව පහුගිය අවුරුදු තුනේ පාරවල් හැදුවා වගේ. පාරවල් තියා අඩුගානේ එක බෝක්කුවක්වත් හැදුවේ නෑ. පොහොට්ටුව දිනපු ප්‍රාදේශීය සභාවලට සල්ලි නොදී ඉන්නවා කියපු ආණ්ඩුවට එක්සත් ජාතික පක්ෂයෙන් කියනවා කැබිනට් එක දාලා ගෙදර යන්න කියලා.
තමන්ගේ ඇමැතිකම බේරගන්න බැරිවුණු ආණ්ඩුව රනිල් වික්‍රමසිංහ මහත්තයා ආරක්ෂා කරගෙනත් ඇමැතිකම බේරගන්න බැරිවුණු ආණ්ඩුව අද කථා කරනවා රටේ සංවර්ධනය ගැන. මේ ආණ්ඩුවට රටේ සංවර්ධනය කරන්න උවමනාව තිබුණා නම් පසුගිය අවුරුදු තුනහමාරම තිබුණා ඒක කරන්න. අවුරුදු තුනහමාරකට හදපු නැති පාරවල් මේ අවුරුදු එකහමාරට හැදෙන්නේ නැතැයි මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම අපේ මිනිස්සුන්ට මේ දේශපාලුවෝ ගැන තේරුම් ගන්න පුළුවන් වුනානම් .
එතුමා මේ රටේ නිහතමානී ජනාධිපතිවරයෙක්. එතුමට ලෝකෙ කවුරුත් කැමතියි.
ඔබ තුමාගේ පියා අැත්ත වශයෙන්ම දේශපාලනික වශයෙන් සැබෑම දක්ෂයෙක්. ඔහුට තිබුනා රටක් වශයෙන්, ජාතියක් වශයෙන්. ඉහළ තැනකට මේ රට ගේන්න. මොකද මේ රටේ ජනතාවට ඔහුට වසඟයෙන් ඉන්නෙ ඔහු කියන දේ අහනවා. නමුත් මම දැක්කා ඔහු අතරමගින් පීලි පැන්නා. මේ ඔක්කොටම හේතුව එ්ක.
එයාල හොරකම් කළා... ඔයාලා බේරගත්තා. ඔයාලා හොරකම් කළා... එයාලා බේරගනියි. අපිට කාගේ සරණද, නිකන් බොරුවට බැණ ගන්නවා.
එහෙනම් නාමල් බේබි, 2015 වසරේ ඡන්දවලට පස්සේ ඉඳල අතරමංවෙලා, නන්නත්තාර වෙලා හිටපු අය එක්රැස් කරගෙන හදපු පොහොට්ටු පක්ෂෙට එයත් එක්කහු කර ගන්නකෝ. බලාගෙන යනකොට ඔබලා වගේම එයත් ශ්‍රීලංකා කාරයෙක්නේ. ඉතින් එයා ගැනත් බලන එක ඔබලාගේ යුතුකමක්නේද?
දවසේ හොඳම කියමන. ඇත්තෙන්ම එතුමා පොරොන්දු ඉටු නොකළ ජනාධිපති කෙනෙක් වී ඉතිහාසගත වෙයි.
අසීමිත බලතල තිබිලත් රටට වැඩදායක විදියට රට පාලනය කරන්න මේ නායකයෝ අසමත් වීම ජනතාවගේ අවාසනාව. ඒ තරම්ම මේ නායකයෝ දුර්වලයි.
ජනාධිපතිතුමාට පක්ෂේ නැති වුනේ එතුමා ඒක අතහැරලා පොදු අපේක්ෂකයා වුන දවසේමයි. එතුමාට අපි ඡන්දෙ දුන්නේ ජනාධිපතිකම අහෝසිකරන්න. නමුත් ඒ පදවියේ තියෙන සක්විති සුවය විඳපු කාටත් තමන් බාරගත්තු කාර්ය භාරය අමතක වෙනවා. එතුමාට තව අවුරුදු එක හමාරක් තියෙන නිසා පොරොන්දුව ඉටුකරන්න තවමත් අවස්ථාව තියෙනවා.
එයාට ඒ දේ කරන්න ඔයා වගේ පුතෙකුත් නැති එකේ එහෙම වුණ එක අපරාදෙ නේද?
කොහොමත් පක්ෂය විතරක් නෙමෙයි, තමන්ගේ ජීවිතේ ගැනවත් හිතන්නේ නැතිව එළියට ආපු ජනාධිපතිතුමාට ඔබතුමාගේ තත්වයට වගේ ඕවා ගැන ලෝභකමක් නැහැ.
ජනාධිපතිතුමා හරියට වැඩ කළා නම් " බේබිලා" අද කුඩුවේ... තමයි.
කාගේදෝ වැඩ නිසා පියතුමාට යන එන මන් නැති වුණු හැටිත් පසුගිය කාලයේ අපි දැක්කා...
රටම පිළිගත් රජා වගේ හිටිය මහින්ද මහත්තයව ගෙදර යවපු මෙයාලා කොහෙන්ද මේ කතා කරන්නේ?
අපේ ජනාධිපතිතුමාට රුසියාවේ හෝ එංගලන්තයේ උපදේශක කමක් ලැබේවි !!!
ලක් ඉතිහාසේ පහල වුණු අසාර්ථකම නායකයෙක්...
හිටපු ජනාධිපතිතුමාට පක්ෂයත් නැතිවෙලා යනඑනමං නැතිවෙනවා. එ්ක වළකන්න බැහැ. රනිල්ට ගෙනාව විශ්වාසභංගේ මහින්දට දැන් බූමරන්ගයක් වෙලා දැන් අප්පලා, පුතාලා පාරක් පාරක් ගානේ දොඩව දොඩවා ඇවිදිනවා. කළකම් පළදෙනවා. එ්ක ඔය කාටවත් වළකන්න බැහැ.. බුදු දහම එ්කයි. ලෑස්තිවෙලා ඉන්නවා හොඳයි.
මේ මුළු ලෝකයේම බිහිවුණු ජනාධිපතිලාගෙන් නො 1 මෝඩ වැඩ කරනවා. කිසිම උගත් කමක් නැතිව රට කනවා. රටේ වෙන කිසිම දෙයක් දන්නේ නැහැ. දැනගන්නේ පත්තරෙන් තව මොන කතාද? අගමැතිට සර් කියන ජනාධිපති කෙනෙක් කොහෙද ඉන්නේ? ලංකාවේ විතරයි.
යන එනමං නැතිව ගියත් එතුමා ගෞරවනීය පුද්ගලයෙකි. සොරෙකු හෝ අපරාධකරුවකු නොවීම එයට හේතුවයි. එතුමා අසාර්ථක පාලකයෙක් කළෙත් හොරු සහ අපරාධකරුවන් විසිනි.