‘ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මොනදේ කිව්වත් කළත් බලයට කෑදරයි. එතුමා කියනවා 2020 දී විශ්‍රාම යන්නේ නෑ කියලා.මෙච්චර කාලයක් කරපු දේවල් මදිද .මේ සේවය නම් තවත් එපා ‘ යැයි ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.
කොළඹ බී.ආර්.සී. ක්‍රිඩාංගණයේ පැවැත්වෙන මැයි දින රැලිය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වු ටිල්වින් සිල්වා මහතා.
‘මේ ජනාධිපති පුටුවේ කවුරු වාඩිවුණත් දාලා යන්නේ නෑ.කූඩැල්ලා මෙට්ට් තිබ්බා වගේ තමයි.මෙය ප්රජාතන්ත්රවාදයට මරු පහරක්. අපි ආරම්භ කරපු සටන ලේසියෙන් නවත්වන්නේ නැහැ. අපිට නැති නෙවන්න කිසි දෙයක් නැහැ. අපි ජයග්‍රහණය කරා යනවාමයි.
‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම දන්න කාලේ ඉදලා මෙයා මහ ලේකම්. අනුන්ට කියනවා බලයට කෑදරයි කියලා. තමනුත් ඕකෙන් අයින් වෙලා නවකයෙකුට දුන්නා නම් හොඳයි නේද
කූඩැල්ල මෙට්ටේ තිබ්බම ඉන්නේ නැහැ. දාල යනවා. ටිල්වින් ගත්තු උදාහරණය වැරදියි. ඇඟේ එල්ලුන කූඩැල්ල වගේ කිව්වනම් හරි. අනික මේ කූඩාල්ලව ඔතනට ගෙනෙන්න ඔය රතු මහත්තුරු මොනතරම් මහන්සි ගත්තද? දැන් මොකක්ද මේ දොඩවන බයිලා?
මිනිසා බලයට කැදරයි කියන දෙය ලොව පවතින විශ්ව සත්‍යන් 80 ට ඇතුලත් ..
මොනවාද මේ කතා බලයට කෑදර නැති දෙශපාලකයෝ කොයිලෝකේද ඉන්නේ. ඕගොල්ලෝ විප්ලව කරලා ගන්න හැදුවේ මොකක්ද? බලය නේද? ගන්න බැරිව තවමත් දඟලන්නේ බලයට තිබෙන කෑදර කම නිසානේද? හබැයි ඒ කෑදරකම් දෙකේ වෙනසක් නම් තිබෙනවා
දේශපාලන බල කාමයයි ,දේශපාලන පක්ෂයක කිසිදු වරදානයක් නොමැතිව වැඩ කිරීමයි කියන්නේ දෙකක්. .
ටිල්වින් සිල්වා සහෝදරයා මෙතන අදහස් කලේ වෙන දෙයක්. ජනාධිපති මෛත්‍රිපාල මහත්තයා බලයට කෑදර ජනතාවට සේවය සපයන්නද එහෙම නැත්තන් තමන්ගෙ පෞද්ගලික උවමනා සම්පූර්ණ කර ගන්නද? ඉස්සරහහට තියෙන දේවල් ගැන උපකල්පන කරනවට වඩා ඉතිහාසය තිබුන රජයන් හැම එකක් ගැනම ඉතා නිවරදි චිත්‍රයක් පෙන්නල තියෙයි. ටිල්වින් සිල්වා සහෝදරයා කිව්වේ තමන්ට නැති වෙන්න දෙයක් නෑ කියලා. ඒක මේ ප්‍රවෘත්තියෙ නිවරදි වෙන්න ඕන. එහෙම කිසි දෙයක් නැත්තෙ ඒ මිනිස්සු ඔය කෑදර කියන කෑල්ල පෞද්ගලිකව බලයට ආදේශ කරල නැති හින්ද. ඒ හින්ද ජවිපෙයි අනිත් පක්ෂයි අතර බලය ගැන තියෙන ආකල්පය වෙනස්.
අනේ එහෙම කියන්න එපා. කරන්න තව වැඩ තියනවලු.