කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය ජල ක‍්‍රීඩා සමාජය 6 වැනි වරටත් සංවිධානය කරන ‘ජනාධිපති අභියෝග ශූරතා කුසලාන’ වෙළෙඳ සේවා පිහිනුම් තරගාවලිය මේ මස 21 වැනිදා තර්ස්ටන් විද්‍යාලයීය පිහිනුම් තටාකයේදී පැවැත්වේ. විවෘත සහ ආධුනික පිරිමි හා කාන්තා අංශ දෙකින්ම පැවැත්වෙන මෙම තරගාවලියට ඉසව් තරග 96 ක් ඇතුළත් වේ. ආරාධිත පාසල් බාලක හා බාලිකා සහ ආබාධිතවුවන් සඳහා සහය තරග ඉසව්ද එහිදී පැවැත්වේ. දිවයිනේ ඕනෑම ආයතනයක හෝ සමාගමක කණ්ඩායමකට මෙම තරගාවලියට සහභාගි විය හැකිවේ. වයස 25 සිට වයස 50 දක්වා වයස 4 න් 4 ට වැඩි වන සේ වයස් කාණ්ඩ යටතේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට ඉසව් සඳහා සහභාගිවිය හැකිය. එහිදී මීටර 25, මීටර 50, පසුපස ආර, සමනල ආර, ළය ආර සහ සහය පිහිනුම් ඉසව් රැුසකින් තරග පැවැත්වේ. තර්ස්ටන් විද්‍යාලයීය ආදී ශිෂ්‍යයෙකු වන ගේ‍්‍රෂන් ගුණවර්ධන මහතා විසින් 2000 වසරේ දී එම විද්‍යාලයීය තීරු හයකින් යුත් පිහිනුම් තටාකය ඉදිකරනු ලැබ ඇත. මෙවර තරගාවලියට කණ්ඩායම් 28 කින් ක‍්‍රීඩක කී‍්‍රඩිකාවන් 400 දෙනකු පමණ සහභාගිවනු ඇතැයි අපේක්‍ෂා කරන බව සංවිධායක කමිටුවේ සභාපති ඩඞ්ලි පෙරේරා මහතා පවසයි. පසුගිය වසරේ පැවැති තරගාවලියේ ශූරතාව මාස් හෝල්ඩින් සමාගම දිනාගත් අතර පැවැති සෙසු තරගාවලි හතරේම ශූරතාව ජෝන් කීල්ස් හෝල්ඩින් සමාගම දිනා ගැනීම කැපී පෙනේ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොද සංවිධානයක් පවත්වන තරගාවලියක්. (නි)