IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ජනාධිපති කුසලාන වෙළෙඳසේවා පිහිනුම් ශූරතාවලිය ඉරිදා

කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය ජල ක‍්‍රීඩා සමාජය 6 වැනි වරටත් සංවිධානය කරන ‘ජනාධිපති අභියෝග ශූරතා කුසලාන’ වෙළෙඳ සේවා පිහිනුම් තරගාවලිය මේ මස 21 වැනිදා තර්ස්ටන් විද්‍යාලයීය පිහිනුම් තටාකයේදී පැවැත්වේ. විවෘත සහ ආධුනික පිරිමි හා කාන්තා අංශ දෙකින්ම පැවැත්වෙන මෙම තරගාවලියට ඉසව් තරග 96 ක් ඇතුළත් වේ. ආරාධිත පාසල් බාලක හා බාලිකා සහ ආබාධිතවුවන් සඳහා සහය තරග ඉසව්ද එහිදී පැවැත්වේ. දිවයිනේ  ඕනෑම ආයතනයක හෝ සමාගමක කණ්ඩායමකට මෙම තරගාවලියට සහභාගි විය හැකිවේ. වයස 25 සිට වයස 50 දක්වා වයස 4 න් 4 ට වැඩි වන සේ වයස් කාණ්ඩ යටතේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට ඉසව් සඳහා සහභාගිවිය හැකිය. එහිදී මීටර 25, මීටර 50, පසුපස ආර, සමනල ආර, ළය ආර සහ සහය පිහිනුම් ඉසව් රැුසකින් තරග පැවැත්වේ. තර්ස්ටන් විද්‍යාලයීය ආදී ශිෂ්‍යයෙකු වන ගේ‍්‍රෂන් ගුණවර්ධන මහතා විසින් 2000 වසරේ දී එම විද්‍යාලයීය තීරු හයකින් යුත් පිහිනුම් තටාකය ඉදිකරනු ලැබ ඇත. මෙවර තරගාවලියට කණ්ඩායම් 28 කින් ක‍්‍රීඩක කී‍්‍රඩිකාවන් 400 දෙනකු පමණ සහභාගිවනු ඇතැයි අපේක්‍ෂා කරන බව සංවිධායක කමිටුවේ සභාපති ඩඞ්ලි පෙරේරා මහතා පවසයි. පසුගිය වසරේ පැවැති තරගාවලියේ ශූරතාව මාස් හෝල්ඩින් සමාගම දිනාගත් අතර පැවැති සෙසු තරගාවලි හතරේම ශූරතාව ජෝන් කීල්ස් හෝල්ඩින් සමාගම දිනා ගැනීම කැපී පෙනේ.



අදහස් (0)

ජනාධිපති කුසලාන වෙළෙඳසේවා පිහිනුම් ශූරතාවලිය ඉරිදා

චන්ද්‍රසිරි Wednesday, 17 October 2012 02:06 PM

ඉතා හොද සංවිධානයක් පවත්වන තරගාවලියක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site