(සුජිත් හේවාජුලිගේ)
රුපියල් කෝටි 2ක අල්ලසක් ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයාට විරුද්ධව ළඟදීම නඩු පවරන බව අල්ලස් කොමිසමේ කොමසාරිස් නෙවිල් ගුරුගේ මහතා ලංකාදීපය ට පැවැසීය.
සිද්ධිය සම්බන්ධයෙන් කොමිසමේ විශේෂ විමර්ශණ කණ්ඩායමක් තවදුරටත් විමර්ශන පවත්වන බව කී ගුරුගේ මහතා අල්ලස් ගැනීම තහවුරු කිරීමට තවදුරටත් සාක්ෂි සහ තොරතුරු රැසක් කොමිසම සතුව පවතින බවද ප්‍රකාශ කළේය.
අල්ලස් ගැනීමේ සිද්ධියට අදාළව කෙරුණු සංවාද ඇතුළත් හඬපට කිහිපයක්ද මේ දිනවල විශේෂ පරීක්ෂාවකට ලක්කෙරෙන බවත්, මෙම සිද්ධියට තවත් අය සම්බන්ධ දැයි කරුණු සොයා බලාගෙන යන බවත් කොමිසම පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හොර සල්ලි වලින්ද මේ දෙන්න දරුපව්ලට කන්න බොන්න දීලා තිබෙන්නේ? ලැජ්ජයි ලැජ්ජයි ලැජ්ජයි.
අල්ලස් අරගෙන නඩු පවරපු කී දෙනෙකුට අද දක්වා දඬුවම් ලැබී තිබෙනවාද?
මෙච්චර ඉක්මනින්?
හොඳට අච්චු කරන්න. මේ ගනුදෙනුව පිටිපස්සේ ඉන්න බලවත් කෙනාව විත්ති කූඩුවට නග්ගවන්න.
මොකද තාම හිටපුතුමා මේ ගැන නිවේදනයක් නිකුත් නොකළේ? "මෙහෙම අත්අඩංගුවට ගන්න එක නරකයි, එහෙම කළාම නිලධාරීන් මන්දෝත්සාහී වෙනවා" යැයි කියලා.
පරාද වෙච්ච කෙනාටත් හිටියා නේද මේ ජාතියේ 'ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි' කෙනෙක්? එයා ගහපු ගැහිලි කොහොම තියෙන්න ඇතිද?
එතකොට අල්ලස් දීපු එක්කෙනා වරදකරුවෙක් නෙමේද?
දැන් ලංකාවේ අය හිතනවා ඇති තමන්ගේ මල්ලී මරපුවාම ඒකට දඬුවම් දෙන්න උසාවියට පොලීසියට නියෝග නොකළ, තමන්ගේ කාර්ය මණ්ඩල ප්‍රධානියව පොලීසියෙන් බේරගන්න උදව් නොකළ ජනාධිපති කිසිම හයියක් නැති කෙනක් කියලා...
ඇප නම් ශුවර්ම තමයි.
දිසානායකගෙන් හිස්වූ දැව සංස්ථා සභාපති ධූරයට ජනාධිපතිවරයා විසින් තවත් අපූරු දූෂිතයෙක් පත්කර තිබේ. ඔහු වනාහී ජවිපෙ සිටියදී ජපානයට නීති විරෝධීව පුද්ගලයින් ප්‍රවාහනය කිරීමට ගොස් එරටදී අත්අඩංගුවට ගැනීම නිසා ජවිපෙන් නෙරපා හරින ලද්දෙකි. පසුගියදා වීරවංශලා සමග හිඳ මෛත්‍රිගේ දෑත් ශක්තිමත් කරන්නට පිල් මාරු කළ කෙනෙකි. 2017 තරම් මෑතකදී පවා ව්‍යාපාරිකයන් දෙදෙනෙකුට ලක්ෂ 75 ක් වංචා කිරීම නිසා මිරිහානේ දූෂණ මර්ධන ඒකකය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. ලොක්කට හම්බ වෙන්නෙම පට්ට හොරුමනේ. හෙන්චයියන් යොදවා පගා අරන් හසුවූ දෙවන අවස්ථාව මෙයයි.
"ළඟදීම" කියන කාල සීමාව දින කිහිපයක සිට ශතවර්ෂ කිහිපයක් දක්වා වන කාල පරාසයක් හැඳින්වීමට යොදා ගන්නා බව පමණක් මට කිව හැකියි.
හැමදාම 'අට පාස්‘ අය දේශපාලනය කරලා හොරකම් කරනවා කියලා බනිනවා. හොරකම් කරපු තරමක් කරලා තියෙන්නේ උපාධියක් තියන අය තමයි. මේ එක්කෙනෙකුට ආචාර්ය උපාධියක් තියනවා. මේකයි ඇත්ත...
සුපුරුදු ලෙස අහන්නට ලැබෙන තවත් එක් නඩුවක් පමණි. පගා සම්බන්ධයෙන් සහ අවභාවිතා සම්බන්ධයෙන්....
මේවත් අර මිනීමැරුම් නඩු වගේ වෙයිද දන්නේ නැහැ. ලගදීම නඩු...
තව අය සම්බන්ධද කියලා අමුතුවෙන් හොයන්න දෙයක් නෑ. අල්ලස ගත්තේ ජනාධිපතිගේ අනුමැතිය අරන් දෙන්න. කාර්යමණ්ඩල ප්‍රධානී කියන්නේ ජනාධිපතිගේ දකුණු අත වගේ. කෝටි 54 ක වගේ අල්ලස් මුදලක් ඉල්ලන්න නම් ලොකු අත්තක් ගෑවෙන්නම ඕනේ. මේක පිටිපස්සේ ඇත්තටම ඉන්නේ කවුද කියල දන්නෝ දනිති.
නඩු කෙසේවෙතත් රෝහලේ ඇඳන් දෙකක් වෙන් කරන්න මේ දෙන්නා ගොඩක් අසනීපයෙන් ඇත්තේ...
අල්ලස් ගන්න කොට අහුවෙලානේ... මහින්දගේ ලේකම්වරුන්ට සමාන කරලා අපිව අන්දන්න බැහැ. ඕවා තේරුම් ගන්න බැරි නායකයින් මොකටද?
ගෞරවනීය කොමසාරිස්තුමනි, මුල්පුරුකේ පටන් අවසන් පුරුක දක්වා අලගියතැන්, මුලගියතැන් සොයාගැනීමට ඔබතුමාටත්, සහායක කණ්ඩායමට හැකියාවක් තිබේ. " දිල්රුක්ෂි" මැතිනියට අත්වූ ඉරණම කිසිවෙකුට අත්නොවේවා! හැකි ඉක්මණින්ම මෙම කාර්ය අධිකරණ ක්‍රියාමාර්ගයට යොමුකර අපේ රට, මගේ මාතෘභූමිය, ස්වර්ණ භූමියක් බවට පත්කිරීමට ඔබතුමාට හැකියාව ලැබේවා !! ඔබතුමාගේ ස්වර්ණමය පාඨය මෙසේ සඳහන් කරමි. " ධම්මෝ හවේ රක්ඛති , ධම්මචාරි "
දේශපාලන සම්බන්ධතාවයක් නොමැති නම් නීතිය ඉටුවීමට පුළුවනි. පවතින නීතිය අනුව ලැබෙන දඬුවම ඉතා සුළුය. එය වැරදි නොකිරීමට අන් අයට බියගෙන දෙන්නක්ද නොවේ. මෙම වංචාව සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයාගේ නියෝගය ලැබීඇති බව මාධ්‍ය මඟින් දැකගන්නට තිබිණි. සමහර විට එය කිසිවෙකුගේ දේශපාලන පැවැත්මට හේතු නොවන්නක් නිසා වෙන්නට පුළුවනි. ශ්‍රී ලංකාව ලෝකයේ ඇති ලස්සන රටක්. දේශපාලනය නමැති බඩගෝස්තරය නිසා අද එය අවලස්සන, ගෝත්‍රිකයන්ගේ රටක් වෙමින් පවතින බවකි පෙනෙන්නේ.
අරයා තවම පත්තරේ බලලා නැද්ද හිටන්... !!!
මෙම කරුණට නිකම් නඩු පැවරීමක් ප්‍රමාණවත් නැත. මේ පුද්ගලයින්ගේ මෑත කාලයේදී දුරකථන සංවාද වහාම පරීක්ෂාවට ලක් කළ යුතුයි. එවිට මේවාට සම්බන්ධ මොවුන්ට ඉහළින් සිටින්නන් ගැනද තොරතුරු සොයා ගත හැකි වේවි...!!!
මට පේන්නේ මේ මහත්වරු දෙන්නා මේකට බොරුවට පටලවනවා. මේ රජයේ හොරු නෑ.
රජයේ සේවකයෙක් රුපියල් කෝටි 54 ගන්න යනවා කියන එක විශ්වාස කල නොහැක. පැහැදිලිවම මෙතරම් සුවිශාල මුදලක් ගන්නට මේ දෙදෙනා ගියේ වෙනත් බලගතුම අයෙකු වෙනුවෙන් සහ එවැන්නකුගේ ආශීර්වාදයෙන් බවට සැක නැත. එහෙත් මණ්ඩලේ කචල් නිසා තමන්ගේ හොරකම අල්ලන්නට ලෙඩ දාපු නිසා එයාටත් දෙන්නම් වැඩේ කියා දෙවැනි ලොක්කා අල්ලා දුන් බවක් තමයි ආරංචිය...