(මනෝප‍්‍රිය ගුණසේකර,ජායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)
මාධ්‍ය හමුවේ අසත්‍ය කරුණු පැවසීම ගැන ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්ධුල ගුණවර්ධන මහතාගේ ක‍්‍රියාකලාපය දෝෂ දර්ශණයට ලක් කළ බැඳුම්කර ගනුදෙණුව සම්බන්ධයෙන් විමසීම සඳහා පත්කරන ලද ජනාධිපති කොමිසමේ කොමසාරිස්වරුන් මාධ්‍ය හමුවේ අසත්‍ය කරුණු නොපැවසීමට සැළකිලිමත් වන ලෙස බන්ධුල ගුණවර්ධන මහතාට අද (9) අවවාද කළේය.
බැඳුම්කර කොමිසමට වාර්තාවක් යැවු බව මාධ්‍ය හමුවේදී තමා පැවසු කරුණු අසත්‍ය බව බන්ධුල ගුණවර්ධන මහතා බැඳුම්කර කොමිසම හමුවේ පිළිගැනීමෙන් අනතුරුව ඔහුට අවවාද කළ කොමසාරිස්වරු ඉන් අනතුරුව ඔහුගේ ප‍්‍රකාශයක්ද සටහන් කර ගත්හ.
බැදුම්කර ගණුදෙණුව පිළිබඳව තමා දන්නා තොරතුරු හෙළි කිරීම සඳහා තමන්ට අවස්ථාවක් ලබා දෙන ලෙස බන්ධුල ගුණවර්ධන මහතා බැඳුම්කර කොමිසමෙන් කර තිබු ඉල්ලීමකට අනුව කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ඊයේ (08) කළ දැනුම් දීමකට අනුව ඔහු අද (09) එහි පෙනී සිටියේය.
ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමෙන්තු මන්ත‍්‍රී බන්ධුල ගුණවර්ධන මහතාගේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතීඥ නාමල් රාජපක්‍ෂ මහතා කොමිසම හමුවේ පෙනී සිටියේය.
කොමිසමේ කටයුතු වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතාගේ මෙහෙයවීම යටතේ ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමෙන්තු මන්ත‍්‍රී බන්ධුල චන්ද්‍රසිරි ගුණවර්ධන (62) මහතාගෙන් සාක්කි මෙහෙයවනු ලැබිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පට්ට හොරු ටිකක්. එකෙක් මහා භාරකාර දෙපාර්ත්මීන්තුව කාපු එකෙක්
නාමල් නිතිය ගැන දන්නේ කොහොමද .
තාමත් මේගොල්ලන්ට කඩේ යන අය ලංකාවේ ඉන්නවද?
මහා බැංකු හොරු සහ හොරුන්ගේ අන්ගාමිකයෝ යහතින් වැජබෙනවා, ඒ වැරදි විවේචනය කරන උදවිය තමා දැන් ලොකුම වරද කරලා තියෙන්නේ . මේකද යහපාලනය ?
අර රජතුමා පස්සේ යන ඔය ඔක්කොම බොරුකාරයෝ තමයි.
හැමදාම බොරුවෙන් ජීවත්වෙන්න බැවගේ නේද. කටවචල කමට කියවණෙකේ කෙරවලක් තියාගත්තොත් තමා හොඳ .
මට අර ප්‍රස්ථා පිරුල මතක්වුන. හැම ගහකටම කොටන කොට්ටෝරුව කෙසෙල් ගහට ඇන අමාරුවේ වැටුන කියා.
පිළිගත් මන්ත්‍රීවරු මෙහෙම අසත්‍ය ප්‍රකාශ කරනකොට රටක අනාගතය ගැන කවර කථාද ඉතින් කොහොමද මේ අය මාධ්‍ය ඉස්සරහට ඇවිත් කියන දේවල් මිනිස්සු පිළිගන්නේ. පාර්ලිමේන්තුව ඇතුලේ මොන තරම් බොරු ප්‍රකාශ කරනවා ඇද්ද හරිම කණගාටුයි. රටේ අනාගතය ගැනයි අපේ දරුවන්ගේ අනාගතය ගැනයි තමයි කණගාටුව. මෙහෙම අයට තමයි අපේ නූගත් මිනිස්සු ඡන්දේ වැඩියෙන් දෙන්නේ.ගරු ඡන්ද දායකයනි. හොද මිනිස්සු පාර්ලිමේන්තුවට යවන්න
බැදුම් කර ගනුදෙනුව ..දැන් විහිළුවක් වෙලා ..
අපි මෙතෙක් කල් හිතුවේ බන්දුල ගුනවර්දන ඇත්ත කතා කරන මන්ත්‍රීවරයෙක් කියල. අනේ බන්දුල කෙසේ අපි හිත හදා ගන්නද? ලජ්ජා නැද්ද මෙහම බොරු කියන්න. මන්ත්‍රී කම අත් හැරලා බොරු කියන්න පුළුවන් රක්ෂාවක් හොයා ගන්න.
අපොයි අපොයි මේ අයටනම් ඇත්තටම පිස්සු මරු පෙරකදෝරු බාස් කෙනෙකුත් එක්කම ගිහින් තියෙන්නෙ
මේ රජය නිසා මෙහම හරි අවවාද කරලා යැවල තියනවා. පහුගිය රජයනං මෙවෙනවිට මෙයාට සුදු වැන් එකින් තමයි උත්තර ලැබිල ඇති. කෙසේවෙතත් මෙයා කට ඇරියොත් බොරු තමා. කාලයක් කිව්වා රු 2500න් මාසයකට එක් පවුලකට ජීවත්විය හැකි කියලත්, පොර්ට් සිටි ගිවිසුම් සම්බන්ධව මාධ්‍ය හමුවේදී මෙයාගේ බොරුව ඔප්පුවුණා. කල අබියෝගයත් ප්‍රිතික්ෂේප කලා.
මීට වඩා හොද නැද්ද බුරුවෙක් අරගෙන ගියානම්
ජනප්‍රිය වෙන්න බොරු කියන්න එපා.අනික් කියන ඒවාත් ඔහොම වෙන්නැති.දන්නේ නැති දේවල් නොකිය ඉන්න.නැතිනම් රෙදි ගැලවෙනවා.
හැමදාම හැමෙකාවම ගොනාට අන්දපු කාලේ ඉවරවෙලාද?
පවුලේ හැමෝටම පිස්සු හැදිලද කොහෙද
බන්දුල කියන්නේ නිකන්ම නිකන් ටියුෂන් ගුරෙක්. නාමල් කියන්නේ හොරට විභාගය ලියලා නීති උපාදිය ගත්ත මෝඩයෙක්. මේ අය බොරුවට පොරවල් වෙන්න යනවා
හොරු වෙනුවෙන් කඩේ යන හැමෝටම හොදපාඩම් බන්දුල මහතා සමගගිය නාමල් බබාටත් තොපිය හරි
අර්ජුන මහේන්ද්‍රන් නිදහස් වෙලා බන්දුල හිරේ ගිහින් කොමිසමේ සාමාජිකයෝ එල්ලුම් ගස් යන එක සිකුරුයි. මෝකද නාමල් නඩුවට කතා කරන නිසා.
බොරුවේ උපත. බැඳුම්කර කොමිසමට වාර්තාවක් යැවු බව මාධ්‍ය හමුවේදී තමා පැවසු කරුණුඅසත්‍ය බව පිලිගෙන. මේක විතරද මෙය රටේ ජනතාව නොමගයවන්න කියල තියන බොරු. අනේ පවූ 2500.........
පොලයක් ගහල අායෙත් පටන් ගන්න. නඩුයි බඩුයි ඔක්කොම මේගොල්ලන්ගේ
මෙවැනි වැදගත් ජනාධිපති කොමිසමක් හමුවේ කරුණු ඉදිරිපත් කිරීමට ගිය බන්දුල ගුනවර්දනගේ අයිතිවාසිකම් වෙනුවන් නාමල් රාජපක්ෂ වැනි කෙනෙක් ඉදිරිපත් වීම මෙම කොමිසමට කල අපහාසයක් .