(අජන්ත කුමාර අගලකඩ)
බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කර ඇති විශේෂ ජනපති කොමිසම හමුවේ ප්‍රකාශයක් දීමට හෙට (9) පෙරවරු 9.30ට එම කොමිසමට පැමිණෙන ලෙස තමාට දැනුම් දී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
ඒ සම්බන්ධයෙන් දන්වා අද (8) තමාට ලිපියක් ලැබුණු බවත් බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් තමා සතුව ඇති තොරතුරු ඇතුළත් ලිපි ලේඛන එහිදී ඉදිරිපත් කරන ලෙස දැනුම් දී ඇති බවත් මන්ත්‍රීවරයා ලංකාදීපයට පැවසීය.
බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් තමන් සතුව ඇති තොරතුරු ඉදිරිපත් කිරීමට අවස්ථාවක් දෙන ලෙස මීට පෙර ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු එම කොමිසමෙන් ඉල්ලා තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර රුපියල් 2500/= පවුලකට මාසයක් කන්න පුළුවන් කතාව අහන්න වෙන්නෙති.