(යොහාන් භාසුර)
ජනාධිපතිවරණයකදී අපේක්ෂකයා වැදගත් මෙන්ම ඒ අපේක්ෂකයා සමඟ රට ඉදිරියට ගෙන යෑමට ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළත් වැඳගත් යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා අද (8) පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (8) පැවති මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එළඹෙන ජනාධිපතිවරණය තුළ දේශපාලන වශයෙන් ජයග්‍රාහි දේශපාලන ව්‍යාපාරය බවට පත්වන බවත් ජනාධිපතිවරණයකදි මූලික කාරණා කිහිපයක් වැඳගත් වන බවත් ඒ මහතා කීය.
අපේක්ෂකයා තීරණාත්මක වැදගත් සාධකයක් වුවද අපේක්ෂකයා කියන කාරණාව ජනාධිපතිවරණයකට එකම කාරණය නොවන බව කී ඒ මහතා ජනාධිපතිවරණ මෙහෙයුම ඡන්ද ජය ලබන සටනක් හැටියට මෙහෙයවන්නේ කොහොමද? එය මහා පොළොවේ ක්‍රියාත්මක කරන්නේ කොහොමද? දේශපාලන ව්‍යාපාරයකට එතැන් සිට එළඹෙන ඉතිරි අවුරුදු පහ සඳහා ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ කුමක්ද යන කරුණු වැඳගත් බව ද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උබලට තිබුණනේ.
ලංකාවේ දේශපාලකයන්ගෙන් 95% කිසිම ප්‍රතිපතියක් නොමැත , දේශපාලකයන්ට ප්‍රතිපත්තියක් තිබුන නම් මේ රට බංකොලොත් වෙන්නේ නැත ,මොනවා වුනත් පොහොට්ටු පක්ෂය නැවත බලයට අවා කියල රටේ විශාල වෙනසක් වෙන්නේ නැහැ , වෙනසක් කරනවා නම් පසුගිය අවරුදු 5 ඔවුන්ට පාර්ලිමේන්තුවේ විශාල බහුතරයක් තිබුන , නමුත් ඔවුන් රටේ දැවෙන ප්‍රශ්න වලට පිළිතුරු දීම පසෙක දමා තම පුද්ගලික බලය ධනය තර කල මිසක් වෙන දෙයක් කලේ නැහැ ඔවුන් අසාර්ථක වුන , නැවත ඔවුන්ට චන්දෙ දීල තව අවරුදු 5 කට බලය දෙන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ ,හරිනම් පොහොට්ටු දේශපාලකයෝ තම වැරැද්ද තේරුම් අරන් , ජනතාවගෙන් සමාව අරන් දේශපාලනෙන් සමු අරන් , පොහොට්ටු සාමාජිකයන්ට අලුත් නායකයන් කණ්ඩායමක් ඔවුන්ගේ චන්දෙන් තොර ගන්න ඉඩ දීල ගෙදර යන්න ඕනේ
හා..... හා... එහෙම කොරංඤ්ඤං. අනේ පලයන් බං යන්න
අපේක්ෂකය කවුද නොවෙයි? ඉදිරි ජනාධිපතිවරණය ස්ථිරව පවත්වගන්නෙ කොහොම ද කියල වැඩ පිළිවලක් හොයන්න. චිත්‍රපටය තිරගත වුණොත් විතරයි නළු නිලියො ගැන කතා තරන්න පුළුවන්.
ඉතින් තුමෝ ඔය කියන ලියවිල්ලක් තිබිලත් ගෝඨා තුමාට තනතුර දාල දුවල බේරෙන්න වුනේ. ලියවිල්ල මදි.. වැඩ කරන්න දැනුම, මුදල්, වැඩ දන්න කණ්ඩායමක් ඉන්න ඕන. නැතිව කටින් බතල හදාරපු කාබනික පොහොර මේනියාව වගේම වෙයි...