
(මනෝප්රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොල)
2022 වසරේ නාමයෝජනා ක්‍රමය යටතේ ලියාපංචි නොකළ සමාගමක් මගින් ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනිව සෞඛ්‍ය සැපයුම් ලබා ගැනීම තුළින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඊට වගකිය යුතු හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට සිය පෞද්ගලික මුදලින් රුපියල් මිලියන 75 ක් රජයට ගෙවන ලෙස නියෝග කළේය.
ඊට අමතරව එවකට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ ජනක චන්ද්‍රගුප්ත සිය පෞද්ගලික මුදලින් රුපියල් මිලියන 50ක් ද, ඖෂධ නියාමක අධිකාරියේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ මහාචාර්ය එස්. ඩි. ජයරත්නට ද සිය පෞද්ගලික මුදලින් රුපියල් මිලියන 50ක් ද, ඊට අමතරව අධිකාරියේ පිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකරට සිය පෞද්ගලක මුදලින් රුපියල් මිලියන 50ක් ද වෛද්‍ය සැපයුම් අංශයේ සහ හිටපු අධ්‍යක්ෂක වෛද්‍ය අරභගෙ ගෙදර සුජිත් සුදර්ශනට රුපියල් මිලියන 50ක් සිය පෞද්ගලික මුදලින් රජයට ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලා සුදුසු පියවර ගන්නා ලෙසට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර ඇත.
අගවිනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ජනක් ද සිල්වා, කුමුදුනි වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන්ගේ සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම විභාගයට ගැනීණ
වගඋත්තරකරුවන් වශයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෙවන් රයිට් පාමසූටිකල් සමාගම ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලයේ හිටපු කාලේ කෙරුවේ මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ කරලා, පරම්පරා ගාණකට ඇති වෙන්ඩ යහමින් හරිහම්බ කරගත්තු එක.
මෙයාගෙන් වන්දි අරන් වැඩක් නැහැ... කරලා තියෙන අපරාධවල හැටියට ජීවිත කාලෙම හිරේ යවන්න ඕනෑ.. එහෙදීම විදවලා මැරෙන්න...
කෙහෙළිය හොඳායි, රටකාපු අනිත් හැතිකරෙත් ඔක්කොම හොඳායි.
ස්තුතියි උසාවිය. මොවුන් නිකන් හිරේ දාලා මදි, මෙහෙම දඩත් ගහලා හොරාකාපුවා අයකරගන්න එක ඉතාම හොදයි... අධිකරණයට ජය