(එම්.සුසිල් ප්‍රියන්ත සහ රවී ලියනගේ)
මේ වෙලාවේ කළ යුත්තේ ඇවිදින මංතීරු හදනවා ද නැත්නම් ජනතාවට බලපා ඇති ජීවන වියදම ඉහළයාම පාලනය කරනවාද නැද්ද යන්න පිළිබදව අප කල්පනා කළ යුතු යැයි ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චන්දිම වීරක්කොඩි මහතා පවසයි.
අපි මං තීරු හදනවාට විරුද්ධ නැහැ.ඒ වගේම රටේ අනෙකුත් සංවර්ධන කටයුතුවලටත් විරුද්ධ නැහැ. එහෙත් මේ අවස්ථාවේදී අපි බැලිය යුත්තේ මංතීරු හදනවාද එහෙමත් නැත්නම් ජනතාවගේ බඩ ගින්න නිවීමට අව්ශ්ය කටයුතු කරනවාද යයි යන්න. මොකද ජනතාවට බඩ ගින්නේ ඉදලා ඇවිදින්න බැහැ.
මේ වනවිට උග්‍ර ගෑස් හිගයක් තියෙනවා.අඩුවට සීනි ගන්න මිනිස්සු සතොස ළඟ දිගු පොලිම්වල,අනෙකුත් භාණ්ඩවල මිල ඉහල ගිහිල්ලා. ඒ වාගේ අවස්ථාවක අපේ සමහර අය මේ ඇවිදින මංතීරුවක් ගැන කතා කිරීම මහජන නියෝජිතයන් වන අපේ අම්මල තාත්තලත් බැණුම් අහනවා.
මේ අවස්ථාවේදී අපි පක්ෂ බේදයෙන් තොරව කතා කළ යුත්තේ රටේ ජනතාවගේ බඩ ගින්න නිවීමට කටයුතු කිරීමත් කොරෝනා ව්‍යාසනයෙන් ජනතාව ආරක්ෂා කර ගැනීමට පියවර ගැනීමත් පමණයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට ඔනි ෆේල් වුණ අය ගෙදර යවනන
මංතීරු ගැන කථාවක් ඇතිවූ අවස්ථාවක පාර්ලිමේන්තුවේදී ඔටුන්න හිමි කුමාරයා වියරුව හැසිරුණු ආකාරය අප දැක්කා. ඒ නිසා ඔබතුමා නැවත පාර්ලිමේන්තු එන්න සිතා සිටිනවා නම් කට පරිස්සම් කරගන්න...
බලන්න ඇමැතිකම්, තනතුරු නොලැබුණොත් තමයි මේ ගොල්ලන්ගේ කටින් සත්‍ය පිට වෙන්නේ. මේ වෙලාවේ මෙයා ඇමති කෙනක් නම් මෙහම කියාවිද? දැන් මේ මොහොතේ මෙයා ඇතුළු, එස් බී, විජේදාස, විදුර වික්‍රමනායක සේරටම ජනතාව ගැන පුදුම අමුතු දුකක් ඇවිල්ලා තියෙන්නේ...
නිවැරදි දේ පක්ෂ භේදයකින් තොරව නිවැරදි ලෙස දැකීමට අපගේ දේශපාලකයින්ටත් ඒ අයගේ ගෝල බාලයින්ටත් හැකිවේවා! තමන් කරන විට වැරදි දේ වුවත් හරියි කියා කීමෙන් වැළකීමටත් අනුන් කරන විට හරි දේ ද වැරදියි කියා කීමෙන් වැළකීමටත් ඔය අය පුරුදු වුවහොත් රටම ගොඩ.
ලබන චන්දෙදී ඔය 225 න් එකෙකුටවත් අර එළියේ ඉන්න එකාටත් චන්දෙ ඉල්ලුවොත් චන්දෙ නම් දෙන්න එපා