අලුත් නායක පරපුරක් බිහි කිරීමට කැපවී සිටින බව එක්සත් ජාතික පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ අද අරලියගහ මැදුරේදී එජාපයේ මැති ඇමැතිවරුන් කිහිප දෙනකු සමඟ පැවැති සාකච්ඡාවකදීය. ඉතා කෙටි කාලයක් තුළ රට ඉදිරියට ගෙන යෑම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ගැනීමට අදාළ යෝජනා සහ අදහස් සම්බන්ධයෙන් දීර්ඝ ලෙස මෙහිදී සාකච්ඡා විය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීවේය.
‘පසුගිය කාලය තුළ අපි ගෙන ගිය වැඩපිළිවෙල සම්බන්ධයෙන් ජනතාවගේ කැමැත්තක් නැති බව පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල මගින් පැහැදිලි වෙනවා. ලෝකයේ බොහෝ රටවල මෙවැනි ඡන්ද පවත්වන්නේ ජනතා මතය දැන ගැනීමටයි. ඒ අනුව ජනතාව තම වැඩපිළිවෙලට සහයෝගය ලබාදෙනවා ද, නැතිනම් එයට විරුද්ධ වෙනවා ද කියා මැන බැලිය හැකියි. මේ කටයුත්ත ඇමරිකාවේ නීතියෙන් සිදුවෙනවා. එරට ජනාධිපති පත්කර ගැනීමෙන් පසු වසර දෙකක් ගතවන විට මහජන මන්ත්‍රී මණ්ඩලය යලිත් තෝරා පත්කර ගන්නවා. වෙනත් රටවල පළාත් හෝ පළාත් පාලන මැතිවරණ පාලන කාලය මැද භාගයේ දී පවත්වනවා. පළාත් පාලන ඡන්දයේ ප්‍රතිඵලය මේ වන විටත් අපි පිළිගෙන තිබෙන බව කිව යුතුයි.
ආණ්ඩුවක් ලෙස ජනතාවගේ බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම ඉටුකර දීමට නොහැකි වූ බව අපි පිළිගත යුතුයි. නමුත් ගතවූ කාල පරිච්ඡේදය දෙස බලන විට අපි වැඩකටයුතු නොකළා කියා කාටවත් කියන්න බැහැ. අපි වැඩකටයුතු කර තිබෙනවා. ඇතැම් ඒවායේ වේගය පිළිබඳව සෑහීමකට පත් විය නොහැකියි. තවත් සමහර කටයුතු ගැන ප්‍රශ්න තිබෙනවා. ඒ නිසා මේ මැතිවරණ ප්‍රතිඵල දෙස අවධානය යොමු කර ඒ අනුව වැරදි හා අඩුපාඩු සකස් කර ඉදිරියට යෑමට අප තීරණය කර තිබෙනවා.
ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් ආණ්ඩුවේ අමාත්‍ය විෂයන්වල වෙනසක් සිදුවන බව කිව යුතුයි. මේ වෙනස්කම් සිදු කෙරෙන අතරම ආණ්ඩුවේ ප්‍රතිපත්ති කෙරෙහි ද අපේ අවධානයට යොමු කළ යුතුයි. ආණ්ඩුවේ වැඩකටයුතු සාර්ථකව ඉදිරියට ගෙන යන ගමන් එක්සත් ජාතික පක්ෂයේ අපි කැපවී සිටින්නේ අළුත් නායක පරපුරක් බිහිකිරීමටයි. ඒ නායක පරපුර ඇමැතිවරු අතරත් සිටිනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතරත් සිටිනවා. පළාත් සභා මෙන්ම පක්ෂය තුළ ද සිටිනවා.
ප්‍රථමයෙන්ම ආණ්ඩුවේ ප්‍රතිපත්ති දෙස අපි බැලිය යුතුයි. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ඇමතිවරු හා නියෝජ්‍ය ඇමතිවරු අතරින් මේ පිරිස අද මෙම ස්ථානයට කැඳවා තිබෙන්නේ අපේ ප්‍රතිපත්ති හා ආණ්ඩුව ගත් පියවර දෙස අවධානය යොමු කර අනාගතය සඳහා ඇති කළ සංශෝධන මොනවාද, අපි රැඩිකල් මාවතක ගමන් කළ යුතු ද කියා සාකච්ඡා කර තීරණය කිරීම සඳහායි. සම්ප්‍රදායික වශයෙන් එම වැඩකටයුත්ත භාර දෙන්නේ ජ්‍යෙෂ්ඨ අයටයි. නමුත් මේ අවස්ථාවේ අපි අළුත් නායක පරපුරක් බිහිකිරීමට යන නිසා මේ ඇමතිවරු අතර අනාගතයේ පක්ෂය ඉදිරියට ගෙන යන පිරිසකට ඔවුන්ගේ අදහස් ලබාදෙන ලෙස මා භාරදී තිබෙනවා.
මෙලෙස ලබාගන්නා අදහස් ජනාධිපතිතුමා සමගත්, අනෙක් ඇමතිවරු සමගත් සාකච්ඡා කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. කෙටි කාලයක් දී තිබෙනවා. එම කාලය තුලදී මෙම අදහස් හා යෝජනා ඇතුලත් වාර්තා අපි බලාපොරොත්තු වෙනවා. මෙය එක්සත් ජාතික පක්ෂය යන අළුත් මාර්ගයේ කොටසක් පමණයි. අපේ පක්ෂයේ ප්රතිසංවිධාන කටයුතු සඳහාත් කණ්ඩායමක් ලබන සතියේදී පත් කරනවා. මාසයක් තුලදි මේ වැඩකටයුතු සිදුකර ඉදිරියට යෑම අපේ බලාපොරොත්තුව බව කිව යුතුයි.
අද මෙම ස්ථානයට කැදවන ලද මේ කණ්ඩායම තවදුරටත් සාකච්ඡා කර මට වාර්තාවක් ලබාදීමට නියමිතයි. එය ලැබුණ පසු ජනාධිපති තුමා සමගත් අනෙක් අමාත්‍යවරු සමගත් සාකච්ඡා කිරිමට මා බලාපොරොත්තු වෙනවා. මෙය නවීකරණය සදහා අප ගන්න වැදගත් පියවරක් බව මා කියන්න කැමතියි.
(ඡායාරූප ලහිරු හර්ෂණ)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එජාපය රනිල් අල්ලගෙනද, රනිල් එජාපය අල්ලගෙනද?
අයියෝ. කෝ මෙතන අනාගතය භාර ගන්න පුළුවන් නායකයෙක්. ඉන්නෙ පරාද වෙලා පීචන්ම වෙච්ච සෙට් එකක්. ජන බලය තියෙන උන්ව කපල, උන්ව කොනකට දාල කොහොමද ඉස්සරහට යන්නේ. කොහොම තිබුනු පක්ශයක්ද මේ කෑවෙ. දැන්වත් පව් නොදී පක්ශ නායකත්වයෙන් අයින් වුනොත් තව අවුරුදු 10කින් වත් හොඳ නායකයෙක් හැදෙයි. පක්ශයට හරි හමන් නායකයෙක් නෑ කියන්නේ රටට හරි හමන් නායකයෙක් නෑ කියන එක.
ඔය ඔතන ඉන්න සෙට් එක අයින් වුනා නම් ජනතා අභිලාශයන් නිකන්ම ඉශ්ථ වෙනව. සජිත් ගැන විතරයි තරමක් හරි බලාපොරොත්තුවක් තියන්න පුළුවන්.
කවුරු මොනවා කීවත් අන්තිම පොටෝ එකේ අකිල මහත්තයාගේ මූණ බැලුවම යූඑන්පී එකේ වර්තමාන තත්වය පේනවා.
ඇඹුල් උන මුණු ටික චන්දෙ රස්නේ වැදීල වෙන්න ඇති. දැන් වත් ඉතින් ජනවාරි 8 ට කලින් දුන්නු පොරොන්දු ඉෂ්ට කරන්න. නැතිනම් ඉතින් 2020දි ??
මාස්ටර් සර් අපේ හිමිතැන දෙනවාදෝ /// අනේ සර් අනුකම්පා නොසිතේදෝ //// මාස්ටර් සර් අපේ හිමි තැන දෙන්න //// අනේඒඒඒ සර් කරුණාවෙන් සලකන්න ////
ජනතාවගේ බලාපොරොත්තු ඉටුකළ නොහැකි නම් ඉල්ලා අස්වෙන එක තමා වඩා හොද වෙන කෙනකුට බාරදිලා, මිනිස්සු පන්නන කල්ම හිටියොත් තව අවුරුදු 10-15 UNP ආන්ඩුවක් ලෑබෙන්නේ නෑ
නායකකමින් ඉල්ලා ඇස නොවී...? දවසේ විහිලුව..
එහෙනම් මොන මගුලකටද තවත් මේකේ ඉන්නේ දාල පලකෝ. මේ අවුරුදු 3 ට කරපු මගුලකුත් නැත ආර්ථිකේ පලුවකුත් නැත. ලොක්කම රටට කරපු දෙයක් නැහැ කියා පිළිගත්තාට හෙන්චයියෝ කියනවා රටට වැඩ ගොඩාක් කරලා තිබෙනවා.
පොහොර නොමිලේ දෙන්න,ජනතා සහනාදාර කපන්න එපා. අගමැතිතුමනි මෝඩ විදියට හැසිරෙන්න එපා. ලාමක වැඩ කරන්න එපා. මැති ඇමතිට කරන වියදම් කපා හරින්න. හොරකම් කරන්න එපාකියන්න. තමනුත් හොරකම් කරන්නේ නැතිව අදර්සමත් වන්න.
වැඩි මනාපය ඔබ ගෙදර යනවා දැකීමයි . දැන් දුප්පත් ජනයාව කබලෙන් ලිපට දමා අවසානයි . වැඩ බැරි හොර පිරි අගමැති මහා ජන මතයට ගරු කොට ගෙදර යනු .
බැංකු මංකොල්ල කරුවන් සිටින්නේ කොහිද?
අනේ පින්වන්ත අගමැතිතුමනි, අර ඔබතුමා කියන ණය කන්ද ගෙවන්න කියලා අපේ රටේ තියෙන ජාතික සම්පත් ටික විකුණන්නයි, අවුරුදු සීයට බදු දෙන වැඩෙයි වෙනස් කර ගන්න බැරිද? මොකද අපි මැරිලා ගියාට ඊළඟ පරම්පරාවේ ඉපදෙන දරුවන්ට සිද්ද වෙන්නේ විදේශිකයෝ එක්ක රණ්ඩු කර කර ඉන්නයි. අනික කෝ අර මහේන්ද්‍රන්? අපේ පුරවැසියෙක් නොවන නිසා එයා ගෙන්නන්නත් ලේසි නැහැ නේද? ඔබතුමාට පින්.
බොරුවට කිඹුල් කඳුළු හෙලන්නන් එපා උන්නැහේ. කිසිම දවසක ජනතාව ගැන හිතපුවත් නැති කෙනෙක් කොහොමද ජනතා බලාපොරොත්තු ඉෂ්ට කරන්නේ? බලයට ආපු ගමන් කලේ හිත මිතුරන්ට තානාන්තර දීලා ජනතාවගේ මුදල් කොල්ල කන්න සලස්වපු එක. සම්පුර්නෙන්ම කලේ රට බිලි දීපු එකනේ...
වැඩක් නැහැ අරයා කකුලෙන් අදිනවා. මේ අවරුදු දෙකත් නිකම්ම ගෙවිලා යාවි!!!
ෆුට්නෝට් කල්ලියේ අයත් මෙතන ඉන්නවා නේද? ...
දැන්වත් තේරුම් ගත්ත එක ලොකු දෙයක්, තවත් රටට අයහපතක් වෙන්න කලින් ගියොත් නේද හොඳ..?
ජනතාවගේ බලාපොරොත්තුව නම් ඔබතුමා විශ්‍රාම ගිහින් කරන්න පුළුවන් කෙනෙක්ව නායකත්වයට පත් කරන්න කියලායි. ඔබතුමා රටට තියා පක්ෂයේ නායකත්වයට වත් සුදුසු නෑ.
අකිලගේ මූණ දැක්කම සංසාරේ කල කිරෙනවා
මංජු බැංකුව ශුද්ද කරපු හොර නායකයෝ ඔය පින්තුර වල ඉන්නේ , ටයි කෝට් දාලා තමයි වැඩේ කලේ . ඒක නම්බුයි නේ ,
කෝ සජිත්... කෝ බුද්ධික... අපිට ඕනෑ අය නෙමේ ඉන්නේ. සාගල, අකිල අපට එපා.
ලොක්කා විකාර නම් කියවන්න එපා. කලකදී 'ඩෙනිම්,බ්රස්ලේට්? පසුගිය ඡන්දෙදි වයිෆයි... ජනතාව ඉල්ලුවේ ඕවද? මොලේ කොලොප්පන් නම් අදාල තැන්වලට යන එක නේද හොඳ? අදාල තැන කොතනද කියන එක අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ...
මේ පිංගුත්තර පාලකයින්ගෙන් ජනතාවගේ අවශ්‍යතාවයන් කොහෙත්ම සිදු නොවේ. ඒ බව ජනතාව හොඳින් අවබෝධ කරගෙන ඇත. බොරු නාටක කයිවාරු ගැහුවාට කම් නැත. රට විනාශ නොකර ඉවත් වෙන එකයි සුදුසු. මේ රට පාවා දුන්නා ඇති... ලැජ්ජයි.
ගාමණි දිසානායක ඇමතිතුමාගේ දේශපාලන භාවිතාවයි, නවීන්ගේ දේශපාලන භාවිතාවයි බලන කොට අහසට පොළව වගේ. මෙයා තාම පියාගේ ඒ භාවිතාවේ "අ" යන්න වත් ස්පර්ශ කරලා නැති වග තමා මට නම් වැටහෙන්නේ...
සජිත් නායකයා කොට නවින් උප නායකයා කරලා බුද්දිකව ජාතික සංවිධායක කරමු. හරින් මැතිතුමා ගම්පහ නායකයා කරමු. සජිත් කොළොඹ ගෙන එමු.
ආනේ ......එකට ෙමාකක්ද? , අපේ බලාපොරොත්තු ඉෂ්ට නොවුනට ඔයාලගේ බලාපොරොත්තු ඉෂ්ට උනානේ.
හොරු ගෙදර තියාගෙන රැකපු සාගලත් එක්ක කරන සංවර්ධනය මොකද්ද අගමැතිතුමා?? ඔයාලනම් මේ කපේදී හැදෙන්නේ නෑ............
ජනතාවගේ කෙසේ වෙතත් හොරුන්ගෙයි විදේශ බලවේග වලයි බලාපොරොත්තු නම මහ ඉහළින් ඉටු වෙනවා............
නාටක මාරයි - සල්ලි හමාරයි.......අලුත් හොරෙක් ඕනෑ......මල් වඩම් අනවශ්‍යයි....