(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ කාර්ය මණ්ඩලයට දීමනා වර්ග 11ක් යටතේ රුපියල් හාර කෝටි පනස් අට ලක්ෂයක මුදලක් ගෙවා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කෝප් කමිටුවේ අවධානය යොමුවී ඇත.
මීට අමතරව මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් සඳහා සමස්ත මෙහෙයුම වියදමෙන් රුපියල් අට කෝටියකට වැඩි මුදලක් එනම් මුලු මුදලෙන් සියයට 49 ක් වැය කර ඇතැයිද තොරතුරු අනාවරණය වී ඇති බව කෝප් කමිටුව පවසයි.
මේ තොරතුරු අනාවරණයවූයේ එම කොමිෂන් සභාවේ කටයුතු පිළිබඳ විමසීම සඳහා එහි ප්‍රධානීන් කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි දැකල තියෙනව COPE වාර්තා. ඒ උනට ඒ තුලින් ගත්ත තීරනයකුත් නැහැ නඩුවක්වත් නැහැ දාපු
අපිටත් බයයිද දන්නේ නැහැ.. ඔයා උපයෝගීතා එකේ රස්සාවක් ගන්න. ඇයි අනේ..?
ජනතාව දැනුම්වත් කලේ කුමන දේවල් සම්බන්ධවද ? මෙම මුදල් සියල්ලම ජනතාවගේ. ප්‍රතිපලයක් නොමැති නම් මේවා සොරකම් හැටියට සලකන්න වෙනවා.
පෙට්‍රල් 250 දෙන්න පුළුවන් කියලා COPE එකේ කිව්ව කතාව යට ගහනවා වගේ...!
ඔන්න ඔවයි නාස්ති දුෂණ. පොරොන්දු වූ වැටුප ගෙවන්න එච්චරයි. ජෙප්පෝ බලයට ආවොත් ඔබලාට කෙලවෙනවා ෂුවර්ම ෂුවර්.