හර්ෂණ තුෂාර සිල්වා
ජනගහනයට සාපේක්ෂව ඉහළම මන්දපෝෂණයක් තිබෙන දකුණු ආසියාවේ දෙවැනි රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ “ලෝකයේ ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය 2017” වාර්තාවේ සඳහන්ව තිබේ.
වසර 2014 සිට 2016 දක්වා දත්ත පදනම් කරගනිමින් මෙම වාර්තාව සකසා තිබෙන අතර ශ්‍රී ලංකාවේ මන්දපෝෂණය ජනගහනයට සාපේක්ෂව සියයට 22.1ක් යැයි එහි සඳහන්ව තිබේ.
ජනගහනයට සාපේක්ෂව වැඩිම මන්දපෝෂණයක් සහිත රට බවට පත්ව ඇත්තේ ඇෆ්ගනිස්තානයයි.
වසර 2004 සහ 2006 කාලයට සාපේක්ෂව මේ වනවිට මන්දපෝෂණය සියයට 7.3කින් පහත වැටුණද නවතම වාර්තාවට පදනම් කරගෙන තිබෙන වසර 2014 - 2016 කාලයේදී කලාපයේ අනෙක් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ මන්දපෝෂණය ඉහළ තත්ත්වයක පවතින බව ද මෙම වාර්තාවේ දැක්වේ.
දකුණු ආසියාවේ අඩුම මන්ද පෝෂණය සහිත රට වනුයේ සියයට 8.1ක අගයක් වාර්තා කර තිබෙන නේපාලයයි. ජනගහනයට සාපේක්ෂව මාලදිවයිනේ මන්දපෝෂණය සියයට 8.5ක් වන අතර ඉන්දියාවේ සියයට 14.5ක්, බංග්ලාදේශයේ සියයට 15.1ක් සහ පාකිස්තානයේ සියයට 19.1ක් වන බව ද එහි සඳහන් වේ.
ඇෆ්ගනිස්තානයේ දකුණු ආසියානු කලාපයේ ඉහළම මන්දපෝෂණ ප්‍රතිශතයක් වීමට එරට පවතින යුද ගැටුම් සහ ප්රචණ්ඩ ක්‍රියා ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ.
දකුණු ආසියානු කලාපයේ මන්දපෝෂණය ප්‍රතිශතයක් ලෙස සියයට 14.9ක් වන බවද මෙම වාර්තාවේ තවදුරටත් දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යාන්තම් ඇති ඒකෙන්වත් දෙවෙනි තැන ලැබුනා
වෙනසක සැපත.
පිටරැටියන් අපේ මැති ඇමතිවරු දැක්කාම ඔය කතාව තවත් බොරුවක් කියලා කියාවි
සියදිවි නසාගැනීම් වැඩිම රට කුමක්ද? wikipedia වලින් බලන්න. ඔබ පුදුම වේ. ශ්‍රී ලංකාවලු. තව තව බදු ගසමුද?
ලක්ෂ 62 ඔබට ආඩම්බර විය හැකි තවත් කරුණක්
ලොකු දෙයක්... දෙවැනි තැනට ඇරපු එක... නමුත් මන්ත්‍රීලා දිහා බැලුවොත් එහෙම දෙයක් පෙනෙන්නේ නැහැ.
එදා ලිපියක් තිබුන ලංකාවේ ආර්ථික වර්ධන වේගය 5% ක් කියලා. ඔය තියන්නේ ප්‍රතිපල. ආර්ථිකය වර්ධනය වුන පමණට, මිනිසුන් සතුටින් කියල හිතන්න අමාරුයි. අසහනය ආතතිය මන්දපෝෂණය නැති වෙන ක්‍රමයක් ඕනේ.
අහන්නත් දෙයක්ද? ඒ ජනතාව සතු ධනය ස්වල්ප දෙනෙක් විසින් කොල්ල කාපු හැටි පහුගිය කාලේ, තවමත් කොල්ල කන හැටි මේ කාලේ දකිනකොට....
ලංකාවේ මිනිස්සුන්ගෙන් සීයට 22 කට මන්ද පෝෂණය තියෙනවා කියන්නේ ජනතාව ලක්ෂ 45 ක් විතර බඩගින්නේ ඉන්නවා කියන එකයි. අප්‍රේල් පළවෙනිදා බදු ගැහිල්ල වැඩි කලාම මේ ප්‍රතිශතය 30% වත් වෙයි. ලොකු මිනිස්සුන්ට කියල බදු ගැහැව්වට ඒ සල්ලි ගෙවන්න වෙන්නේ දුප්පත් අසරණ මිනිස්සුන්ටමයි. ආණ්ඩුවට මේ වෙලාවේ කරන්න තියෙන හොඳම දේ තමයි අත්‍යවශ්‍ය ආහාර සියල්ල සියලුම බදු වලින් නිදහස් කිරීම.
ලැජ්ජයි. එක්සත් ජාතින්ගේ සංවිධානය මෙහෙම කියත්දි දියවන්නාවෙ කට්ටිය තම තමන්ගෙ පක්ෂ රජකරවන්න දෙපැත්ත භංග කරන්න කටයුතු කරනවා. ඇයි අපේ නායකයන් ලෝකය ඉදිරියේ රට ලැජ්ජාවට පත්කරන්නෙ. භංග ගෙනෙන අය මේවා ගැන නොහිතන්නෙ ඇයි
බොහොම හොඳයි මෙච්චර කාලයක් රට පාලනය කරපු අයගේ දක්ෂකම තමයි.
ඇෆ්ඝනිස්ථානය හරි යුද ගැටුම් තියෙනවා කියමුකෝ... එතකොට ලංකාව? මේවට තමා කියන්නේ නොපෙනෙන ශාප කියලා. පව් අපේ මිනිස්සු මොන ජාතියේ වුනත්... කෑවොත් ලෙඩ නොකෑවොත් මන්දපෝෂණය... ලංකාවට මොනවද වුනේ? එක එක වාදවල් පැත්තකින් තියලා මේවා ගැන පොඩ්ඩක් හිතුවොත් නරකද?
ලෝකයේ සිටින දේශපාලකයන් පමණක් සැලකුවොත් අධිපෝෂණයෙන් ඉහලම රට අනිවාර්යෙන්ම ලංකාව වෙනවා.
පව් අහිංසක මිනිස්සු, තව ගෙනත් දෙන්න මුන්ට කාර්.... වැඩි පඩි, කාලකන්නි රටක්...