අපරාධ පරීක්ෂණය සඳහා යොදාගත හැකි පරිගණක ගතකළ ශ්‍රී ලංකාවේ ප්‍රථම ඩී.එන්.ඒ.ජාන රටා දත්ත බැංකුව බොරැල්ලේ ජින්ටෙක් ආයතනයේ තුළ ස්ථාපිත කළ එම ආයතනයේ  ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය රුවන්  ඉලේපෙරුම මහතා  ජාතික සම්මානයෙන්  පිදුම්  ලැබීය.

ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතාගේ  ප්‍රධානත්වයෙන් ජනාධිපති  ලේකම්  කාර්යාලයේ දි පැවැති එම සම්මාන පිරිනැමිමේදී මහාමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන ඇමැති කබීර් හෂිම් මහතා ආචාර්ය  රුවන් ඉලේපෙරුම මහතා වෙත සම්මානය පිළිගැන්වීය.

විද්‍යාව සඳහා  උසස් තාක්ෂණයෙහි  සංවර්ධනය කිරිම හා  භාවිතය යටතේ  විද්‍යාව හා  තාක්ෂණය පිළිබඳ ජාතික විද්‍යා පදනම මේ උත්සවය සංවිධානය කළේය.

2002 වසරේ  වසරේ  සිට ශ්‍රි  ලංකාවේ  සිදු  වු  විවිධ අපරාධයන්ට  සම්බන්ධ පුද්ගලයන්  දහස්  ගණනකගේ  ඩී.එන්.ඒ. ජාන රටා  මෙම දත්ත බැංකුව සතුව පවති.

පසුගිය වසර දොළහ පුරාවට  අපරාධ පරික්ෂණ උදෙසා  ඩි.එන්.ඒ තාක්ෂණය යොදාගෙන ඉතා  සාර්ථක ප්‍රතිළුල ලබාගෙන ඇත.

10