
(අංජුල මහික වීරරත්න)
ජාතික ජන බලවේග රජයට ව්‍යවස්ථා සංශෝධනයකට පමණක් නොව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ද ජනවරමක් තිබෙන බව ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා පැවැසීය.
කිසිසේත්ම ජනමත විචාරණයකට යාමට හෝ රජයේ ධුර කාලය නීති විරෝධී ලෙස දීර්ඝ කර ගැනීමට රජයට අවශ්‍යතාවක් නොමැති බව කී අමාත්‍යවරයා සියලු මැතිවරණ නියමිත කාලයට පවත්වන බව
සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව කීවේ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශයේ දී මාධ්‍යයට ප්‍රකාශයක් කරමිනි.
2026 අයවැය ප්‍රතිපාදන යටතේ “ප්‍රජා ශක්ති” දිළිඳුකම තුරන් කිරීමේ වැඩසටහන සඳහා වෙන් කර ඇති රුපියල් මිලියන 25000ක මුදලින් මේ වන විට සෑම ග්‍රාම නිලධාරී වසමකම අවම වශයෙන් එක් සංවර්ධන ව්‍යාපෘතියක් හෝ ක්‍රියාත්මක වන බව කී අමාත්‍යවරයා රජයේ මූල්‍ය ප්‍රතිපාදන කාර්යක්ෂමව හා ඵලදායී ලෙස යොදවමින් ජනතාවගේ දිළිඳුකම තුරන් කිරීම සඳහා කටයුතු කරමින් සිටින බව සඳහන් කළේය.
පසුගිය කාලසීමාවේ රජය කලාපීය මෙන්ම අනෙකුත් රටවල් සහ ජාත්‍යන්තර ආයතන සමඟ සමීප සබඳතා පවත්වමින් ඉහළ විශ්වාසයක් දිනා ගැනීමට සමත්ව ඇතැයි ද පන්නිලගේ මහතා කීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම මෙන්ම ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතන සමඟ සමීපව කටයුතු කිරීම තුළින් රට බංකොලොත්භාවයෙන් මුදා ගැනීමට හැකියාව ලැබුණේ යැයිද අමාත්‍යවරයා අවධාරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd