කොළඹ ලිබර්ටිප්ලාසා සුපිරි වෙළෙඳ සංකීර්ණයේ ගණිකා මඩමක් පවත්වාගෙන ගියැයි කියන රෝස් මේරි ජූඩ් හෙවත් ජිනා මැඩම්ට එරෙහි පැවති නඩුවේ තීන්දුව කොළඹ මහාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ ලබන 31 වැනිදාට කල් තැබීය. ජිනා මැඩම් වසරකට වැඩි කාලයක් රිමාන්ඩ් බාරයේ පසුවන්නීය. පොලිස් දූතයෙකු වශයෙන් එහි ගිය පොලිස් පරීක්ෂක ඩග්ලස්ට ජිනා මැඩම් ගණිකාවක මුදලට විකිණීමට තැත්කළැයි කියන සාක්කිය ඉදිරිපත් කිරීමට එරෙහිව ජනාධිපති නීතීඥ ටිරන්ත වරලියද්ද මහතා කරුණු දැක්වීය. විත්ති පාර්ශ්වයේ සාක්කි අවසන් කර තිබියදී ඔහු උසාවියට කැඳවීමෙන් විත්තියට අගතියි ඔහු කීවේය.