
(යොහාන් භාසුර)
‘ජන පීඩන විදුලි පනත වාහාම හකුලා ගනිව්’ යන සටන් පාඨය යටතේ විදුලි සේවකයන් පිරිසක් කොළඹ පිහිටි විදුලිබල මණ්ඩල මූලස්ථානය ඉදිරිපිටදී අද (6) පස්වරුවේ විරෝධතාවක් ආරම්භ කළහ.
එහිදී ඔවුහු විදුලිබල මණ්ඩල මූලස්ථානයේ පිවිසුම අවහිර කරමින් විරෝධතාවයේ නිරත වූහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පනතට අධිකරණය දීපු තීන්දුව අනුව මේක නීති විරෝධියි. ඒක නිසා මෙතැන වෘත්තීය සමිති විරෝධතාවයට ගරහලා නිකන් නොදන්නාකම පෙන්වන්න එපා...
මාළුන්ට වතුර නැතිව ඉන්න බැහැ වගේම උද්ඝෝෂණ නැතිව ජීවත්වෙන්න බැරි කුහකයින් ටිකක් අපේ රටේ ඉන්නවා. අතේ තියෙන බෝඩ් ටික දැක්කාම අඳුනා ගන්න පුළුවනිනේ... කවුද පිටිපස්සේ ඉන්නේ කියලා. සරසවි ඇතුලේ උද්ඝෝෂණය කරලා ළමයින්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරනවා. කෝච්චි ටික ස්ට්‍රයික් කරවලා අහිංසක මිනිස්සුන්ව අපහසුතාවයට පත්කරනවා. අනේ මෙහෙමත් කාලකන්නි...
විදුලි පනත නෙමෙයි පීඩිත වෙන්නේ. ඔබලාගේ උද්ඝෝෂණය...
පනත ගෙනාවේ අධිකරණ තීන්දුවට අනුව සංශෝධන සහිතවනේ. දේශපාලකයින් සුද්ධ කරන්න හදනවාවත් ඔවුන් ඉතා හොඳ අය කියන්න යනවාවත් නෙවෙයි. නමුත් විදුලි බල මණ්ඩලය තනිකරම හොර ගුහාවක්. ඔවුන් වැඩ කරන්නේ තමන්ගේ මඩි තර කරගන්න. ඒ ඒකාධිකාරය බිඳින්න ඕනේ.
සුවඳරත්න, ඒ මාලුන්ට පීනන්න හොඳ ජලාශ හදපු සහ හදන එක තමයි තමුන්නැහැලා පත්කරපු පාලකයෝ කලේ, අධිකරණය පවා ව්‍යවස්ථාවට පටහැනියි කියපු පනතට එරෙහිව කරන උද්ඝෝෂණය හෙලාදකින අධිකරණයටත් වඩා උඩින් ඉන්න කාංචනගේ ගොලයින්ගේ මොළේ බලන්න මෙතන කමන්ට් වලින්.
අමා, පනත ගැන අධිකරණය සටහන් බලන්න. කාංචනගේ ඉත්තෙක් නොවී. ඉදිරි පරම්පරාව හෙණ ඉල්ලාවි මේ පාලකයින් කරන විකුණා කෑමේ වැඩ දැකලා..!
පරපීඩක ලංවිම වෘත්තීය සමිතිවල ක්‍රියාකාරකම්වලට යට වී විදුලි ගාස්තු ඉහළ නැංවීම සිදුකළේ සේවක රැලට දීමනා සහ වැටුප් වැඩිකිරීමට. ඒ නිසා රජයට නොවේ මහජනතාව සේවකයින්ට විරුද්ධව ඊළඟට උසාවි යනවා.'
බොරු කිම කලාවක් නම් පිකාසෝට ලපයක් ඇත
මේව වෙන්නෙ ඔබලාගෙ බල මණ්ඩලයේ ලොක්කො අහිංසක මිනිසුන්ගේ සල්ලි වලට ගහන පට්ට ගැහිල්ල නිසා. ඔබලාගේ අත්තනෝමතික මහජන සූරාකෑම පාලනයට ගෙනා මේ පනත නරක හෝ හොඳ හෝ වේවා කල යුතු දෙයක් නැත.
මේ බෝඩ් වල හැමදාම එකම අකුරු එකම පාට දැක්කාම එපා වෙලා තියෙන්නේ