ඇමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී සහ දෙමළ ජාතික සන්ධාන නියෝජිතයන් අතර හමුවක් අද කොළඹ දී පැවැත්විණි. ආර්.සම්බන්ධන් ඇතුළු නියෝජිත පිරිසක් මේ හමුවට එක්වූහ. මෙරට වත්මන් දේශපාලන තත්ත්වය, උතුරේ නැවත පදිංචිකිරීම් කටයුතු හා පුනරුත්ථාපන කටයුතු ගැන ද ඔවුහු සාකච්ඡා කළහ. දෙමළ ජාතික සන්ධාන නියොජිතයන් හමුවීමෙන් අනතුරුව රාජ්‍ය ලේකම්වරයා කොළඹ ඇමරිකා තානාපති කාර්යාලයේ නිලධාරීන් හමුවී සුහද සාකච්ඡාවක ද නිරතවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව වගේ දුර්වල රටවල් අල්ලාගන්න එක පහසුයි. නැත්නම් මේ උදවිය ලංකාවට හරියට ආදරෙයි වගේ නේද? චුට්ටක් හිතන්න පුරුදු වෙන්න. (නි)
මෙතන ලියපු කෙනෙක් කියනවා අපිට මතකයි අපිට ඇමරිකාව උදව් කළ හැටි ප්‍රභාකරන් පරදවන්න කියලා. ඇමරිකාව තමයි නියෝග දුන්නේ යුද්ධය නවත්වන්න (නි)
දෙමළ මිනිසුන්ට ඒගොල්ලන්ගේ සාධාරණ අයිතිවාසිකම් ලබාදිය යුතුයි! (නි)
ඒ කාලෙත් මේ අයගෙන් උපදෙස් අරගත්තා නම් යුද්ධය කරලා හමාරයි (නි)
නාමල්ගේ සිතිවිලි ගැන කණගාටුවෙනවා හැර කරන්නට දෙයක් නැහැ. (නි)
මේ ගොල්ල බිහිසුණු යුද්ධය ඉවර කරන්න අපිට නොයෙකුත් විදිහෙන් ආධාර කළ හැටි හරියටම දන්නේ මෙයාගේ පැමිණීම ගෞරවයක් කියන නාමල්ම විතර වෙන්න ඇති. (නි)
නිමල් රාජපක්ෂ මහතා 100% හරි. නමුත් එහෙම හිතන්නේ ඔබ, මා ඇතුළු එක ශ්‍රී ලාංකික කොට්ඨාශයක් පමණි. (නි)
ලංකාව ළඟදීම සිරියාව, ලිබියාව වගේ වෙයි කියලයි අපිට බය (නි)
නාමල් ,මහානාම, ඇමරිකාව අතදාපු මොන රටද අද යහතින් තියෙන්නේ? (නි)
රට කන අයට උදව් කරන ඔවුන් වෙනුවෙන් ප්‍රතිචාර දාන නිවටයෝ තවමත් ඉන්නවා. (නි)
ඔබතුමාගේ පැමිනීම ගෞරවයක්. අපිට ඒකාධිපති පාලනය පරාජයකොට ප්‍රජාතන්ත්‍රවාදය ළඟාකරදීමට ඔබතුමාගේ රට කළ උදව් මතකයි... (නි)
ජාඩියට මූඩිය වගේ ගැළපෙනවා (නි)
ඒ මොකද ඒ එයාව හමුවුණේ? දන්න කෙනෙක් කියන්නකෝ බලන්න (නි)
ඇමෙරිකාවේ නියම අදහස හැමතිස්සෙම අපේ රට අස්ථාවරව තැබීම කියලයි මම හිතන්නේ. (නි)
ඇවිල්ලා හමුවෙලා තියෙන්නේ බොහොම වටිනා කියන කෙනෙක්නේ (නි)
මොකද වෙන්න යන්නේ.(හේ)
දේශපාලනයේ සදාකාලික මිතුරන් හෝ සදාකාලික සතුරන් නොමැති බව ඔබතුමා මනාව පෙන්වා දුන්නා (නි)
මෙහෙ ඉන්න අය කියන්න ඇති හැකි ඉකමනට ස්වයං පාලනය අරගෙන දෙන්න කියලා (නි)
නාමල් වගේ මිනිසුන් සිටිනතුරු මේ රට හදාගන්න බැරිය. (නි)
නාමල් මහතාට විතරයි සත්‍ය වැටහී තිබෙන්නේ. කෝ මේ අනෙක් එජාපය වෙනුවෙන් හඬ නඟන උදවිය? හරිදේට හරි කියන්නත් වැරදිදේට වැරදියි කියන්නත් කොන්ද කෙළින් තිබීම වැදගත් නේද? (නි)
මිට කලින් පාලන සමයේ මෙරටට පැමිණි ඇමෙරිකන් සහ යුරෝපීය රාජ්‍ය තාන්ත්‍රිකයින් සම්බන්ධන්, විග්නේශ්වරන් වැන්නෝ හමුවෙන්නට කලින් විරුද්ධ පක්ෂ නායකයා හමුවුණා කියලයි මට මතක. මේ සැරේ එහෙම එකක් අහන්නවත් නැහැනේ. (නි)
ලංකාවේ අයගේ කැමත්තෙන්නේ ඉතින් මේ අය පත්කරගත්තේ. අපේ මොකෝ? අපේ ළමයෙක්වත් ඔය රටේ නැහැ. (නි)
නාමල් මහතාණෙනි, ඔබතුමා සෘජුවම කියන්නේ ඇමෙරිකාව මහින්ද මහතා පරාජය කරන්න උදව්කළා කියලාද? (නි)
නාමල්, දැන්නම් ප්‍රජාතන්ත්‍රවාදය හොඳටම ක්‍රියාත්මක වෙනවා (නි)